හරි මෙන්න පැහැදිලි කිරීම.
L (සමහර ඒවගේ 1 කියලත් තියෙනවා): මෙතැනදී වෙන්නේ ඔටෝ ගියරට 1න් උඩට යන්නේ නැති එක. මඩ / හිම (අපිට නම් අදාල නැහැ) හෝ අදින්න පට්ට අමාරු කන්දකදී පාවිච්චි කරන්න පුළුවන්.
2 : මේකත් කලින් එක වගේ මයි. එකමදේ අවශ්‍ය වේගය තියෙනවනම් 1 - 2 ගියර් මාරුව වෙනවා.
D (Over drive off): සාමාන්‍යයෙන් මෙතැනදී වෙන්නේ වාහනේ 4 වෙනි ගියරය වටෙනේ නැති එක. මේක බාවිතා කරන්න පුළුවන් පල්ලමක් බහිනවා වගේ තැනකදී. මොකද ටිකක් වේගෙන් යන්නත් ඕනේ හැබැයි වාහනේ ඉබේ වේගේ වැඩි වෙන එක නවත්තන්ත් ඕනේ. නැත්තම් කොන්ට්‍රෝල් නැහැනේ. අන්න ඒ වගේ තැන වලදී මේක ඔෆ් කරන්න පුළුවන්. හැම වාහනේ වගේම එහෙම කලාම warning light එකක් එනවා.
D (Over drive on) : සාමාන්‍ය ධාවනය. ගියර් 4ම මාරු වෙනවා අවශ්‍ය පදිරිදි.
P : මෙතැනදී වෙන්නේ out put shaft එකෙක් තියෙන ගියර් එකකට පොඩි ලෝකින් පින් එකක් වැටෙන එක. අනිවා පාකින් දානවනම් වාහනේ සම්පුරණයෙන් නවතිනකම් ඉන්න.
N: මෙතැනදී වෙන්නේ වාහනේ neutral වෙන එක. කවමදාකවත් වාහනේ
යන ගමන් N -> D වත් D -> N වත් දාන්න එපා. මොකද ගියර් බොක්ස් එක ඇතුලේ තියෙනව gear box bands (පහල පින්තුරේ බලන්න), මේවා D හරි R හරි වැටෙනකොට planetary gear set එක වටේ එතෙනවා. හැබැයි වාහනේ යනකොට N -> D දැම්මොත් අතුල කැරකෙන නිසා ඔය බෑන්ඩ් එක ඇතුලේ තියෙන මැටිරියල් එක ගෙවෙන්න බලනවා. ඕක නම් එච්චර ගණන් නැත්ද කොහෙද. හැබැයි ගියර් බොක්ස් බාල ඕක දාන එක මලම වාතයක්.
අවශ්‍ය නම් වාහනේ ට්‍රැෆික් එකේ ඉන්නකොට දාන්න පුළුවන්, මොකද බ්රේක් පාගාගෙන ඉන්න ඕනේ නැති නිසා.
තව කියල දෙන්නම් වෙනස් වර්ගේ auto ඉන්ටෆෙස්. හැබැයි අදට tiptronic ගැන නම් කියන්න යන්නේ නැහැ.
මේ බලන්න පහල තියෙන වර්ගය. මේකේ over drive button එකක් වෙනුවට 3 කියල වෙනන්ම slot එකක් හදල තියෙනව. හැබැයි අපි උඩ කතා උන වගේම over drive on / off වෙන එකම තමයි වෙන්නේ.
දැන් බලන්න මෙන්න මේක. මේකේ තියෙන්නේ D සහ S කියල. ඔතනින් S කියන්නේ sport කියන එක. එකට දැම්මම ගියර් මාරු වෙන්නේ high rev එකකදී. එතකොට අදිනවා හොදයි. over take කර කර ලොකු දුරක් යනකොට හොදයි. කන්දකදී over take කරන්න හොදයි.
මේවගේ ඒවගේ 1 සහ 2 දෙකම එන්නේ නැහැ. ගොඩක් වෙලාවට එක ලෝ ගියර් සෙටින් එකක් තමයි එන්නේ. එක L කියල හරි B කියල හරි තියෙන්න පුලුවන්. දෙකම එකයි.
තව මොනවද දැන ගන්න ඕනේ?