මේ තරං කල් මගේ එකවුන්ට් තිබුනෙ ප්‍රයිවෙට් බැංකු වල. ඒවයෙ ප්‍රයිවෙට් බෑන්කින්, පර්සනල් බෑන්කින්, ප්‍රයොරිටි කස්ටමර් අනං මනං සේරම තිබුනා
ලඟදි BFCE එකක් ඕපන් කරන්න ඕන උනා ප්‍රයිවෙට් බැංකු වල වෙලාව යන නිසා BOC එකෙන් ඇහුවම කිවුවා එක දවසෙන් කරලා දෙන්නං කියලා
එක දවසෙන් වැඩේ කරලා දුන්නා, USD මාරු කරද්දි රුපියල් 2ක් විතර වැඩි රේට් එකකුත් දුන්නා
මට නං අර ප්‍රයිවෙට් බැංකු වල තියන එෆිශන්සි එකෙන්ම වැඩ ටික කරගන්න පුලුවන් උනා.
බැංකුවට ගියේ එකම එක පාරයි, අනික්වා සේරම ඇප් එකෙන් මැසේජ් දාල කරගත්තා.
අහන්නෙත් නැතුව USD Pay කරන්න පුලුවන් ඩෙබිට් කාඩ් එකකුත් දුන්නා BFCE එකටම ලින්ක් කරලා
දැන් තමයි FB පෝස්ට් එක කියෙවුවෙ ඒකෙ තියන සමහර ඒව අමූලික බොරුනේ බන්
1. ඇප් එකට Username එකක් දාගන්න පුලුවන් මම ඒකෙන් ලොග් වෙන්නෙ. අනික ලංකාවෙ ගොඩක් ඇප් වල password manager එක වැඩ කරන්නෙ නැහැ මේකෙ ඒක වැඩ. ඒක පට්ටම ලොකු වාසියක්
2. ක්‍රෙඩිට් කාඩ් එකට ඇප් එකෙන් ගෙවන්න පුලුවන්, වෙන බැංකු වල ක්‍රෙඩිට් කාඩ් වලට උනත් ගෙවන්න පුලුවන්