War updates විතරක් බලන්න එපා.
මේ වගේ case එකකදී ගොඩක්ම interesting යුද්දෙට වඩා geopolitically situation එක analyse කරාම. පොඩ්ඩක් හරියට බැලුවොත් පට්ට ගේම් ටිකක් යන්නේ . But , අවුලකට තියෙන්නේ Unbaiased resource හොයා ගන්න අමාරුයි. දැන් යන්නේ තනිකරම Information War එකක්.
ගොඩක් උන් හිතන්නේ මේ යුද්දේ ගිය අවුරුද්දේ පටන් ගත්තා කියලා. එත් මේක 2014 ඉදන් තිබබා කියලා ගොඩක් උන් දන්නේ නැ. මේකේ යුද්දෙකට යන්න ප්‍රධානම හේතුවක් උනේ සෙලෙන්ස්කි Minsk agreement එක කඩ කරපු එක. පස්සේ කට්ටිය කියන්න ගත්තා ඕක ගැහුවේ රුසියාවෙන් කාලේ අර ගෙන NATO training එක ගන්න කියලා Germany වල හිටපු chancellor කියලා තිබ්බා . 2014 ඉදන්ම Ukrain, Nato weapon training + war games වලින් attack එකක් ආවොත් prevent කරන්නේ කොහොමද කියලා අනන්තවත් practice කරලා ඇති. එහෙම highly fortified area එක තමයි Bakumut කියන්නෙත්.
Anyway, අන්තිමට උනේ ලස්සනට diplomatically විසදා ගන්න තිබ්බ case එකක් බයිඩගේ ලනුව කාලා යුද්දෙකට තල්ලු උණු එක.
නාකි බයිඩා + EU එකතු වෙලා sanction දාලා Russia වලට ගේමක් දෙන්න හැදුවේ. මිනිස්සු panic වෙලා රට unstable වෙලා Putinට සම්බුව හම්බ වෙයි කියලා තමයි හිතුවේ. swift එකෙන් උන්ගේ banks ටික බ්ලොක් කරා . රූබල් එක බහින්න ගත්ත පාර මිනිස්සු බය වෙලා සල්ලි withdraw කර ගන්න ATM machine වල පෝලිම් ගහලා හිටියේ.
But උන් ලස්සනට වැඩේ manage කර ගත්තා. උන් US dollars වලින් Gas payment accept කරන එක නැවැත්තුවා. උන්ගේ currency එක strong කර ගත්තා. එකෙන් උනේ globally US Dollar එකට තියෙන place එක ටික ටික නැති කරන එකේ first move එක පටන් ගත්ත එක . උන් විතරක් නම් කමක් නෑ , සෞදි Arab වල MBSලුත් USD හලලා උන්ගේ ලෝකල් currency එකෙන් Oli payment accept කරන්න ගත්තා. ලිබියාවේ ගඩාෆිට, US උන් ගේම දුන්නෙත් ඔය වැඩේ කරන්න ගිය හින්දා. නැතුව උන්ගේ රටේ මිනිස්සුන්ට තිබ්බ ආදරේකට නෙමෙයි. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ සෝ-called democracy ගන්න ගිහිල්ලා ලිබියාවට වෙලා තියෙන හරිය.
කොහොම හරි අන්තිමට Rubel එක තමයි 2022 හොදටම perform කරපු(against USD ) currency එක(According to Bloomberg). තව European union එක Russian oil වලට price cap එකක් දැම්මා. එකත් ගගට ඉණි කැපුවා වගේ.
මේකෙන් පැත්තක ඉදන් සෑහෙන සෙට් එකක් හොදට හම්බ කර ගන්නවා. අඩු ගානට ගන්න තිබ්බ තෙල් ටිකම වටයක් ගහලා Greek උන්ගේ තෙල් නැව් වලින් Europe වලට හොදට විකුණා ගන්නවා. ඒ මදිවට ඉන්දියන් උනුත් Neutral /Non-align policy follow කරනවා කියලා first priority එක උන්ගේ national interest කිය කියා Russian oil ටික අඩුවට අරන් ගිණි ගානට Europe වලටම ආපහු විකුනනවා.
මේක බලන් ඉන්න බැරුව US + Europe and main stream media උන් Indiaවේ foreign policy criticize කරනවා . කොච්චර අවුල්ද කියනවා නම් BBC උන් මේ ලගදි මෝදී ගැන documentary කරලා ලොකු මඩක් ගහලා එහෙන් අවුලන්න හදනවා. මොනා නැතත් ඉන්දියන් උන්ගේ diplomatic සෙට් එක නම් පට්ටම පොරවල් ටිකක් ඉන්නේ. ඕන platform එකක බය නැතිව තමන්ගේ රටේ policy එක defend කරනවා ලස්සනට. E.g. Subrahmanyam Jaishankar, තව India වල Energy minister සීක් පොරක් හිටියා නම මතක නැහැ.
අපේ මේ level එකට හිටියා කදිර්ගාමර්. කොටි මැරුවේ නැත්නම් සමහර විට ලංකාවේ PM පවා වෙන්න තිබ්බා. අපේ Diplomaticsලා කියලා පුරවලා හිටියේ ඇමතිලගෙයි , මයිනගේ නෑදෑයෝ හැතිකරේ නේ. ඒ මදිවට ඇමරිකාවේ හොරකම් කරා කියලත් අහු වුණා .
https://www.justice.gov/usao-dc/pr/...leads-guilty-defrauding-sri-lankan-government
දැන් ඉන්න ගොන් හැත්ත එක්ක බලන කොට අහලකින්වත් තියන්න බැහැ. හැබැයි මට තාම හිතා ගන්න බැරි India vs China rivalry එක. උන් දෙගොල්ලෝ සෙට් උනොත් නම් one of best alliance .
ඒ අස්සේ පකිස්තාන්කාරයෝ ටික Ukraine වලට Ammunition විකුණලා අහු වෙලා . එක හින්දා Russian උන් තලේබාන් උන් එක්ක අලුතෙන් Energy agreement එකක් sign කරන්න යනවලු. (Pakistan - Afghanistan දෙගොල්ලන්ගේ ලොකු වලියක් තියෙනවා. ) Russian උන්ගේ අලුත් gas pipeline එක ඔය රට වල් හරහා යන්න තියෙන්නේ.
Georgia වල ඉන්නේ pro-russian goventment එකක් . එහෙ වෙන්නේ same exact copy එක Ukrain වල 2014 කරා වගේ. Victoria nuland maidan square coup එක කරපු විදිහටම වැඩේ දීල ඒ රට unstable කරනවා. Moldowa වල තව වෙනම ගේමක් යනවා .
Biden administration එක කොහොම හරි Russia globally isolate කරන්න plan කරන කොට Russian උන්ගේ Foreign minister Africa, Middle-east region පැත්තේ සංචාරේ දාල උන්ගේ diplomatic bonds ටික හදාගෙන යනවා. කොටින්ම කියනවා නම් පිට උන් තියා South American region එකෙ තියෙන රටවල් වලින් මේ ලගදී ammuntion request කරලා තිබ්බ Ukarin වලට. උන් එකෙක්කේ වත් weopns supply කරේ නෑ Russia වලට විරුද්දව. ඊට අමතරව ලොකු movement එකක් යනවා BRICS එක promote කරන ගමන්.
මේ අස්සේ China ප්ලේ කරනවා ලොකු role එකක්. උන් මැදිහත් වෙලා මේ decade එකේ හොදම peace deal එකට බ්‍රෝකර් වැඩේ කරනවා Iran & Saudi උන් අතර. මේක හරි ගියොත් ඔය region එකේ ගොඩක් conflicts ඉවරයක් වෙනවා. E .g .-
Houthis Vs Saudi Arabia & UAE Tensions, the Syrian conflict, Turkey vs Kurdish. හැබයි, එකෙන් වෙන්නේ US වලට Middle-east එකේ influence එක නැති වෙන එක. This is the beginning of the New world order. It seems like the world is now moving toward a multi-polar world.
හැබැයි Russian උන්ට කොච්චර නෑ කිව්වත් ලොකු effect එකක් උනා. but, උන් කොහොම හරි survived උනා . උන් කීයටවත් හිතුවේ නැ මේක හින්දා Germany, Nord stream2 project එක hold කරයි කියලා. උන්ගේ 600 Billion foreign reserves කියන war chest එක හින්ද තමයි පුටින් බය නැතිව හිටියේ. But, sanctions වල main target එකක් උනේ ඕක. Reserves ඔක්කොම හිර උනා නම් මුන් ඉවරයි. උන්ට ලොකු effect එකක් උනා තව Finland & Sweden NATO membership
එකට request කරපු එක.
කොහොමත් බයිඩට මොකක් හරි ලොකු ඇරියස් එකක් තියෙනවා සෝවියට් උන් එක්ක. මු තමයි යුගොස්ලාවියාටවත් ඒ දවස් වල බෝම්බ දාන්න සෙනට් එකේ ගේම ඇදල තියෙන්නේ. හැබැයි ට්‍රම්පච්චි හිටියනම් මේ යුද්දේ වෙන්න නෑ කියන එක තමයි මම හිතන්නේ. අනිත් එක strategically ගත්තත් US උන්ට මේකෙන් මහා ලොකු වාසියක් නෑ (උන්ගේ defence sector එකේ උන්ට ඇරෙන්න. ). උන්ට තෙල් ටික නම් වැඩි ගානට EU වලට විකුණා ගන්න පුළුවන් උනා, bt USA වලට දැනට 100 Billion වලට වඩා වියදම් වෙලා තියෙනවා. මන් දැක්ක report එකක තිබ්බ උන් අවු.15 තිස්සේ සම්පුර්ණයෙන් Afghan යුද්දෙට වියදම කරපු මුලු ගානටම වඩා මේකේ 1st year එකට වියදම කියලා. ඒ පැත්තෙන් වාසියක් උනා නම් උනේ Norway උන්ට තමයි. උන්ගේ gas + LNG ටිකයි විකුණා ගන්න chance එක ආවා.
Nord stream pipeline එකට මුන් ටික හවුලේ ගේම දුන්නේ එක හින්ද තමයි. මේ ලගදි Seymour Hersh පට්ට article එකක් තිබ්බා ඕක ගැන. මේවා ඉතින් main stream media වල මේවා report වෙන්නේ නැහැ.
https://seymourhersh.substack.com/p/how-america-took-out-the-nord-stream
මේක පත්තු වෙච්ච පාර තමයි Germany chancellor ගිය සතියේ private meeting එකක් දාලා බයිඩා හම්බ වෙන්න ගියේ. උන් අඩු ගානේ media වලට meeting එකේ details දුන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි කේස් එකක් කියන එකනේ.
What to do when your own Ally(US) attacks your(Germany) own infrastructure?
Maybe we can consider it friendly fire.
Germany chancellorට උන්ගේ රටේ මිනිස්සු මේවා දැකලා ඊට පස්සේ අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර නැහැනේ.
NATO එකේ Article 51 එකත් කොර වෙනවා මේවට.
ඊට පස්සේ තමයි CNN, NY Times එකෙයි එක පාරටම නිව්ස් එකක් plant කරලා ගැහුවේ Ukraine set එකක් yacht එකකින් ගිහිල්ල තමයි Nord stream sabotage එක කලේ කියලා. මේ වට ඉතින් කොහෙන් හිනා වෙන්න ද, Mainstream media වලින් කීයටවත් මේවා report කරන්නේ නැහැ. ඔය හැමෝම තම තමන්ගේ agenda එකට අනුව propaganda එක තමයි කර ගෙන යන්නේ.