මම Iron Man Fan කෙනෙක් උනත්, කැපා පිනට පහල උනයි කියන කතාවට නම් විරුද්ධයි.choppe කියනවා වගේ, අච්චර හොඳ පොරවල් ඉඳලත්, ශරීර ශක්තියෙන් දුර්වලයෙක් වෙච්ච Steveවම මේකට තෝරගත්තේ ලොකු හේතුවක් ඇතුව.Doctor ඒ හේතුව ගැන කියන්න පටන්ගන්නේ, serum එකේ හැසිරීම ගැන මුලින්ම කියලා දීලා.ඒ තමයි, serum එක වැඩ කරන්නේ ශරීරය ඇතුලතින් කියන එක.(ඇතුලතින් කියන එකෙන් අදහස් වෙන්නේ මනස හා සම්බන්ධව කියන එක )ඒ කියන්නේ ගොඩක් හොඳ සිතිවිලි තියෙන කෙනෙක්, තවදුරත් හොඳ සිතිවිලි තියෙන කෙනෙක් බවට පත්වෙනවා.නරක සිතිවිලි තියෙන කෙනෙකුට මේක දුන්නොත්, ඒ පුද්ගලයා, දරුනු රාක්ශයෙක් වගේ වෙනවා.Steve 100%ක් හොඳයි කියන්නේ නෑ මෙතන.ඒත් හිටපු අනිත් හැම එකාටම වඩා, පරාර්ථකාමී, ගුණගරුක, මානූෂීය හැඟීම් තිබුණු කෙනෙක් තමයි Steve කියන්නේ.අර බොරු හෑන්ඩ් ග්‍රෙනේඩ් එක දාපු වෙලාවේ, හැමෝම තමන්ගේ ආරක්ශාව හොයාගෙන දුවද්දි, මේකා එතනට පැනලා, තමන් මලත්, අනිත් අයව ආරක්ශා කරන්න හැදුව එකෙන් පැහැදිලි වෙනවා පොරගේ තිබුණ පරාථකාමී බව.එතකොට උපායශීලී බව.හැමෝම කට්ට කාගෙන කොඩිය ගන්න යද්දි, Steve කරන්නේ, කොඩි ගහ බිම දාලා, කොඩිය ගලවගන්න එක.අනික පොර දන්නවා තමන්ගේ බලය අයුතු ලෙස යොදා නොගන්න.ඒකට මූලික හෙතුව තමයි Steve ගේ තිබ්බ අසීමිත ඉවසීමේ හැකියාව.ඒක හොඳටම පේන තැනක් තමයි, අර කොල්ලෙකුගෙන් ගුටි කකා,(I can do this all day) "මට මේක දවසම උනත් කරන්න පුලුවන්" කියන සීන් එක.ඉතින් ඒවගේ ගොඩක් ඉවසන කෙනෙකුට, තමන්ට කොච්චර බලයක් ලැබුනත්, අනිත් එවුන්ට එරෙහිව ඒක යොදාගන්න කලින් ගොඩක් ඉවසනවා.serum එක Steve ට දුන්නම ඉවසීමත් තුබුනට වඩා වැඩිවෙන්න එපැයි.එතකොට serum එක පාවිච්චි කරපු අනිත් උන්ගැන කියන්න තියෙන්නේ, උන්ගේ තිබුණ පොඩි හරි නරක දෙයක්, උන්ව තවත් නරක පුද්ගලයෝ කලා කියන එක.අන්න ඒ නිසා, Steve වම මේකට තෝරගත්තේ ලොකු හේතුවක් ඇතුව.නැතුව මේ කණාවට serum එක මූට දීලා, ඒක කණාවට වැඩකලා එහෙම නෙමෙයි.ඒකට ඉතාම සුදුසු පුද්ගලයා Steve වෙච්ච නිසා තමයි serum එකත්, ඒ බලයත් ඌට ලැබුනේ.