ගැලවිලා ගිය පොත්ත දැනට පේන්ට් එක තියෙන ලෙවල් එකට ගන්න කැඩ්ලොයි දාල කපන්න ඕනෙ.
ඒක උඩ ෆිලර් කෝට් එකක් ගහල (ඩැමේජ් හරිය විතරක්) අඩු පාඩු වලට පොටි දාල 320 විතර වෝටර් ශයින් පේපරෙන් කපන්න ඕනෙ.
ආපහු ඩැමේජ් හරියට ෆිලර් කෝට් එකක් ගහල මුලු දොරම හෝ පේන්ට් කරන ඒරියා එක 2000 වෝටරශයින් පේපර් එකෙන් හරි රබිං කම්පවුන්ඩ් වලින් හරි ස්මූත් කරන්න ඕනෙ. ඊට පස්සෙ තමයි පේන්ට් කෝටින් එක ස්ප්‍රේ කරන්නෙ. ඒ කරල අඩුපාඩු තිබුනොත් පොටි වලින් හදල කපල දෙවෙනි පේන්ට් කෝට් එකයි ලැකර් කෝට් එකයි ස්ප්‍රේ කරන්න වෙනව. පස්සෙ දවස් දෙකක් විතර වේලල කට් ඇන්ඩ් පොලිශ් කරන්න.
150, 200 වැලි කොල වලින් කපන්නෙ කැඩ්ලොයි කෝටින් එක විතරයි. දොර එබිල තියෙනවනං ඒක මුලින් හදල ඉන්න වෙනව.
ඔය ප්‍රොසෙස් එකටම යන්න පුලුවන්නං තනියම කරගත්තට අවුලක් නෑ...