කඳානේ පිහිටි ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ සේවකයන් 13කට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.


කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් 12 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී තිබෙන බව ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.වයි.එම් විජේසිංහ සඳහන් කර සිටිනවා.
" මෙම කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරියෙකුගේ දියණියක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලබන අතර ඉකුත් 03 වෙනිදා ඇතිවූ තත්ත්වය මත සීමාසහිත ලංකා විදුලි සමාගමේ පාලනාධිකාරිය විසින් අදාළ නිලධාරියාට නිවසට වී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ ඔහුගේ දියණියගේ PCR වාර්තාව ලැබෙන තෙක්ය.
ඒ අනුව ඔක්තෝම්බර් මස 05 වෙනිදා අදාළ නිලධාරියාගේ දියණියගේ PCR පරීක්ෂණ වාර්තාව ලැබී ඇති අතර එහිදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. ඒ අනුව මෙම නිලධාරියාගේ ද PCR පරීක්ෂණ සිදුකොට ඇති අතර එහිදී ඔහුට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.
මේ හේතුවෙන් එම ආයතනය විසින් කොරෝනා වෛරසය ආසාදනය වූ එම නිලධාරියා සමග රැකියා ස්ථානයේ සේවය කළ අනෙක් සේවකයින් 12 දෙනා ඒ වන විටත් ස්වයං නිරෝධායනයට යොමු කොට තිබීම නිසා පෞද්ගලික රෝහලකට දැනුම් දී ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදුකොට ඇත. එහිදී එම සේවකයින් 12 දෙනා හටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙනවා. ඒ අනුව එම සේවකයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමටත් ඔවුන් ගේ ආශ්‍රිතයින් සොයා ඔවුන්ව නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ඒ වගේම මෙම සේවකයින් 12 දෙනා අපි දෙවන පෙළ ආශ්‍රිතයින් ලෙස සලකනු ලබනවා" යැයි ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.වයි.එම් විජේසිංහ වැඩිදුරටත් කියා සිටියා.
GMOA එක කියන ඒවා අහන්නේ නැතුව රජය අධිතක්සේරු වෙන් හිටියා කියලා තේරෙන්නෙ නැද්ද ඡන්දෙ තියන්න එපා කිව්වා ඇහුවේ නෑ ඒවගේම නිතරම දුරස්ථභාවය ගැන සහ mask පැළඳීම ගැන කොතරම් පැවසුවත් රජයෙන් ලොකු අවධානයක් යොමු කළේ නැහැ හිතුවේ හමුදාපති එක්ක එකතුවෙලා ඔක්කොම පරද්දන්න පුළුවන් කියල නිතරම මේ වගේ අවස්ථාවලදී විශේෂඥයින්ගේ අදහස් සහ යෝජනා හරි වැදගත් අන්තිමට වුනේ ඔවුන් සියල්ලන්ම අමතක කර අධිතක්සේරුව පැමිණීමයි
පලමු රැල්ල පාලනය ගැන අප සිටියේ අධිතක්සේරුවකයි.. කොහේ හෝ වැරදුනා.. තවත් පොකුරක් ඇති විය හැකියි..- හමුදාපති
October 11, 2020 at 10:33 pm | lanka C news![]()
මුල් වටයේදී කොරෝනා පාලනය කිරීම ගැන ජනතාව ඇතුළු බොහෝ දෙනා අධිතක්සේරුවකට සිටි බවත් එනිසා නැවත වතාවක් රැල්ලක් ඇති වීමට එම තත්වය ඉවහල් වූ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
කොහේ හෝ තැන අතපසුවීමක් හෝ නොසැලකිල්ලක් සිදු වී ඇතැයි පෙනෙන්නට ඇති බවද ඔහු පවසයි.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමහර අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
කටුනායක මූලික කරගෙන තවත් කොරෝනා පොකුරක් ඇති වීමේ අවදානමක් ඇති බවද කී ඔහු එම අවදානම රටේ ඕනෑම තැනක ඕනෑම මොහොතක ඇතැයිද කියා සිටියේය.
මෙවරද පෙර අවස්ථාවේ මෙන් කොරෝනා පාලනය කිරීම හෝ නොකිරීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම් මත බවත් ජනතාව ලබා දෙන සහාය මත වෛරසය පාලනය කිරීමට උපරිම ලෙස උත්සාහ කරන බවද ඔහු පැවසීය.