mage 32 inch Damro eka den 6yrs vithara kisima awulak nee....
kadunoth wena ekak denawa balanna eka hadala denakal ( within the warranty piriod )
මචං අඟල් 32 සාලෙකට අැතිද?
mage 32 inch Damro eka den 6yrs vithara kisima awulak nee....
kadunoth wena ekak denawa balanna eka hadala denakal ( within the warranty piriod )
දම්රෝ ස්මාර්ට් ටීවී ගත්තු අය ඉන්නවද? අවුරුදු ලඟ නිසා මේ දවස් වල 10%-15% අතර ඩිස්කවුන්ට් තියෙනවා. බෑන්ඩ් එක දම්රෝ අඟල් 32 ස්මාර්ට් ටීවි එකක්, 32,000ක් වගේ ගානකට තිබ්බා බන්. අවුරුදු තුනක් වොරන්ටි තියෙනවා. ඒ වෙලාවෙම ගන්න හිතුනා. ඒත් දම්රෝ බ්‍රෑන්ඩ් එක ගැන දන්නෙ නෑනේ. දම්රෝ ටීවී පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩි රිවීව් එකක් දෙන්නකො

bumpSmartTV එකක් ගද්දි ඒකේ තියෙන Smart features ඇත්තටම වැඩක් වෙනවා නම් විතරක් Smart එකක් ගන්න, එහෙම නැත්නම් බොරු ගානක් වියදම් කරා වෙනවා
සාමන්යෙන් Smart TV වල Internet Browser එකක්, Youtube වගේ ඇප් එනවා, ඒත් ගත්ත දවස් වල ඒ ඇප් හොදට වැඩ කලත්, ටික දවසකින් Youtube API එක චෙන්ජ් කලාම ඒ ඇප් වැඩ කරන්නෙ නැතුව යනවා, ඒ නිසා ඉස්සරහට Software Updates දෙයි කියලා හිතෙන Brand එකක එකක් ගන්න SmartTV එකක් ගද්දි.
අනිත් එක 3D මමත් ගන්න හැම TV එකම 3D ගත්තා තියෙන ආසාවට, ඒත් ගත්ත දවස් වල Movie එකක් දෙකක් බැලුවට එතනින් පස්සෙ බලන්න හිතෙන්නෙ නැ,
රට්ටුන්ට පේන්න්නන්නයි, පොඩි උන් ටිකක් ආවම උන්ට 3D පෙන්නලා WOW කියලා අහගෙන පොඩි මානසික ආතල් එකක් ගන්නවා ඇරෙන්න 3D TV එකකින් ගන්න පුලුවන් වෙන ආතල් එකක් නැ
අනිත් එක SmartTV එකේ Netflix වගේ එකක් Subscribe කරනවා නම් මාසෙකට 100GB වත් Connection එකක් නැතුව තේරුමක් නැ,
ඒත් එක්කම ගෙදර Media Center එකක් තියෙනවා නම් PLEX වගේ ඇප් එකක් Support කරනවද බලන්න, ගොඩක් අය Smart කියන්නෙ Web Browser එකක් තියෙනවා කියන එක විතරයි,
3D Smart ඔක්කොම අත ඇරලා මම දැන් නම් Use කරන්නෙ නිකම්ම TV එකක්,
අපි TV බලන්නෙ කොහොමත් Peo TV or Dialog TV, ඒ නිසා TV එකකින් අපිට USE වෙන්නෙ ගොඩක් වෙලාවට Panel එක විතරයි,
ඒ නිසා හොද වියදම් කරන එකේ ලොකු Panel එකක් තියෙන TV එකක් ගන්න, 32 Smart එකක් ගන්න එකේ Smart නැති 40 එකක් ගන්න පුලුවන්. අනිවාර්යෙන්ම FULL HD Support කරන එකක් ගන්න නැත්නම් HD Movie එකක් එහෙම බලද්දි ගතියක් නැ,
ඊට පස්සෙ හොද Android TV BOX එකක් ගහ ගන්න ඒකත් ඩොටේ බ්‍රැන්ඩ් එකකින් නැතුව ඉස්සරහට Update දෙයි කියලා හිතෙන එකකින්,
6000 ක් වෙද්දි ගෙදර තියෙන CRT TV එක උනත් SMART කරගන්න පුලුවන් Android TV බොක්ස් එකකින්,
40 විතර FULL HD TV එකක් අරන්, Digital OUT එකක් තියෙන Android TV BOX එකක් අරන් Home Theater එකකට Coaxial / Optic cable එකකින් Connect කරගන්න,
වියදම් කරපු හැම සතයක් ම වටිනවා කියලා හිතෙයි.
SmartTV එකක අපිට ලිමිට් එකක් තියෙඅන්වා ඒත් Android Box එකකින් කරගන්න පුලුවන් දේවල් වල ලිමිට් එකක් නැ,
SmartTV එකක් නැතුව මම කියන setup එකට ගියා නම් මේ ඔනම දෙයක් කරගන්න පුලුවන්.
- Phone Screen එක මිරර් කරලා ගෙදර අයට Phone එකේ තියෙන Photo Videos වෙනම Drive එකකට දාන්නෙ නැතුව කෙලින්ම පෙන්නන්න,
- Youtube විතරක් නෙමෙයි ඕනම ඇප් එකක් Install කරන්න
- Plex / KODI වගේ එකක් දාගෙන නිකම්ම file එක Open කරන් Film එක බලනවා වෙනුවට Movie එකේ Trailers, Cast, IMDB Rating, Plot ඔක්කොම බලන ගමන් Movie එක බලන්න.
- External HDD එකක් ගහලා ඒකේ File / Folders TV එකෙන්ම මැනේජ් කරන්න,
- WEB යනවා නම් Keyboard / Mouse ගහලා TV එක Computer එකක් කරගන්න,
- හොද Games Install කරලා Joystick OR Keyboard එකෙන් Play කරන්න,
- Torrents කෙලින්ම TV එකට Download කරගන්න,
- සාමාන්‍ය TV එකක Support කරන්නෙ නැති File Formats Play කරගන්න.
- Subtitile ඇඩ් කරලා Movie එක බලන්න,
![]()
![]()
Plex කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැති අයට,