මට කේන්තිය පාලනය කරගන්න බෑ වෙලාවකට. ඒක මගේ අඩුපාඩුවක්. ඊයේ රෑ කැ* ත්‍රීවිල්කාරයෙක් ගහලා මරන්න තරම් කේන්තියක් ආවා. මම ප්‍රධාන පාරකින් අතුරු පාරකට හරවන්න ඉන්නකොට ඌ ඒ පාට හරස් කරලා නවත්තං හයර් එකකට ටෝක් කරනවා. මම එක පාරක් හෝන් කරා. දෙපාරක් හෝන් කරා. ඌ නෙමෙයි ගන්නේ. ඊට පස්සේ මම හෝර්න් එක උඩ නැගගෙන හිටියා. ඊට පස්සේ ඌ ප** වගේ මගේ දිහා බලලා ඉස්සරහට ගත්තා. මම පාරට දාලා ඌ දිහා බලල වීදුරුව පහත් කරලා "අයිනට වෙලා හයර් ගන්න බූරුවෙක් වගේ පාර මැද නවත්තන් ඉන්නේ නැතුව" කියලා බැන්නා. ඌ මගෙන් ඇහුවා ඇයි මොකද කියලා. මම හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා ඇයි මොකද කියලා අහගෙන බහින්න යනකොටම අපේ ඇඹේනිය අතින් ඇද්දා යමු යමු ඕන නෑ කියලා. ඌ ඊට පස්සේ ත්‍රීවිල් එකෙන් බැහැලා එන්න ආවා කාර් එක ගාවට. මම දැක්කේ නෑ ඌ එනවා. මම යන්න ගිය. පස්සේ රියර් විව් එකෙන් තමා දැක්කේ ඌ ආයේ තීවිල් එකට නගිනවා. ඒ වෙලේ මට ඔලුවේ නහර හරහා පට්ට කේන්තියක් ආවා. මම කාර් එක නැවැත්තුවේ එලවන් ගිහින් උගේ ත්‍රීවිල් එක චප්ප වෙන්න හප්පනවා කියලා හිතාගෙන. අපේ උන්දෑ මට අමතන්න ගත්තා ඊට පස්සේ..
මේ කේන්තිය හොඳ දෙයක් නෙමෙයි. මේක මගේ අඩුපාඩුවක්.මට මේක අඩු කරගන්න ඕනේ...
![]()

ඔය සිද්ධියේදී උඹේ හිතේ ඇතිවෙච්චි කේන්තිය සාමාන්‍ය එකක් කියලයි මට හිතෙන්නේනම්....... 






මට දැන් හොදයි....... 

