පිනට ලද රූපය පවට යෙද වූ සාපය
කාමය වරදවා හැසිරීම සංසාරයේ අනන්ත දුක් ගෙන දෙන පාපකර්මයකි. කාන්තාවකට, දියණියකට විවධත්වයෙන් යුත් රූමත්, සාමාන්‍ය, අවලස්සන ශරීර ස්වභාවයන් ලැබෙන්නේ පෙර සංසාරයේ කරන ලද කුසල් සහ අකුසල් කර්මයන් නිසාය. පෙර සංසාරයේ කරන ලද කුසල් නිසා තමනට ලැබෙන පංච කළ්‍යාණියෙන් යුත් රුපශ්‍රීය, අඟපසඟ විචාරයකින් තොරව පරිහරණය කිරීම මහත්ම අකුසලයකි. විශේෂයෙන් මාධ්‍ය ලෝකයෙන් කල එළි බසින මෙන්ම ලෝකයාගේ වැඩි අවධානයක් දිනාගැනීම පිණිස විචාරයකින් තොර ඇඳුමින් පැළඳුමින් සැරසී දිනපතා රැකියා සඳහා යන කාන්තාවන් ද මේ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය.
තමන්ට පෙනුමැති, හැඩැති, පැහැපත් ශරීර ස්වභාවයන් ලැබී ඇත්තේ ඒවා ලෝකයාට පෙන්වීමට නොවේ. ඒවා ඔබට ලැබී ඇත්තේ ඔබ විසින්ම සංසාරයේ කරන ලද මහා පිංකම් හේතුවෙන්ය. සංසාරයේ අනන්ත වෙහෙස මහන්සිවී පිංකම් කර ඔබ ලබාගත්, ඔබට ලැබුණු ඔය රූපය, ඔබේ විනාශය සඳහා උපයෝගී කර නොගන්න. ඔබේ පිනට ලැබුණු ශරීර අවයවයන් නුවමනා ආකාරයට ප්‍රදර්ශනය නොකරන්න. මේ කය දෙතිස් කුණපයක් බව සිතීමට ඔබලාට තවම අවබෝධයක් නොමැතිනම්. අවම වශයෙන් මගේ ශරීරය නිරාවරණය විය යුත්තේ මගේ නිත්‍යානුකූල ස්වාමිපුරුෂයාට පමණක්ය යන අධිශ්ඨානයටවත් එන්න උත්සහ ගන්න. ඔබ අනුන් ඉදිරියේ කැපී පෙනීමට ඇති තන්හාව, මමත්වය නිසාම අනවශ්‍ය ලෙස, නොගැලපෙන ලෙස ශරීරයේ නිරාවරණය වන, ශරීරයට කිටි කිටියේ සිරවන ඇඳුම් පැළඳුම් භාවිතයේදී අනුන් රාගයෙන් මත්කරන, මත්වන නිසා ඔබ තුළද, අනුන් තුළද කෙළෙස් ෙච්තනාවන් පහළවීම ස්වභාවිකය.
මෙලෙස තම අඟ පසඟ වැරදි ආකාරයට පරිහරණය කළ ස්ත්‍රියක් මරණින් මතු ප්‍රේත ලෝකයේ ඉපිද විඳින දුක මෙහි සටහන් කරමි. ඇය පෙර ආත්මයේ ඔබ වැනිම සුරූපී කාන්තාවක් විය යුතුය. විශේෂයෙන්ම පිරිපුන් පියයුරු යුවලක් තිබෙන්නට ඇත. ඇය එම අඟපසඟ වැරදි ආකාරයෙන්, ලෝකයාගේ කාමය ඇවිස්සෙන ලෙස, අනුනට පෙන්වීම, කාමය වරදවා හැසිරීම නිසා මෙම ප්‍රේතියට ප්‍රේත ලෝකය ලැබී ඇතැයි භික්ෂුව විශ්වාස කරයි.
එසේ නොවුන හොත් මේ වයසට යන, ලෙඩ වෙන, මැරෙන කුණු කය නිසා ඔබ කල්ප ගණන් සතර අපායේ දුක් විඳින අදක්ෂයෙක් වේවී. විරූපී වීම නිසාම ඇයගේ කාම ගින්න නිවාගැනීමට කිසිවෙක් නොපැමිණෙන නිසා ඇය ඉන්නේ වෛරයෙන්ය. නිරතුරුවම ඇය තුළ ඇවිලෙන්නේ කාමයයි, රාගයයි. මේ අකුසල් ධර්ම හේතුවෙන් ඇය තව තවත් අකුසල්ම රැස්කර ගන්නීය. මේ හේතුවෙන් ඇය ප්‍රේත ලෝකයෙන් නිරයේ ගිනිදළු මතට යම් දවසක වැටී අපා දුක් විඳිනු ඇත.