ඕක නම් හිතල බලල කරන්න ඕනෙ වැඩක්. අයියෙ ඔය ඉස්කෝලෙ වැදගත්වෙන්නෙ ඒ ලෙවල් පාස් වෙන්න තම. ඒකත් ඉතින් ඉස්කෝලෙන්ම නෙමෙයි වෙන්නෙ. ඒත් ඕන කරන පසුබිම හැදෙන්නෙ ඉස්කෝලෙන්නෙ. පුතාට කැමති එකකට යන්න කියන්න. සීවලි එක හොඳනම්. ඉස්කෝලෙ ඉන්න එවුන් චාටර් වෙන්නෙ නැත්නම්, ඒලෙවල් වලට ඉස්කෝලෙන් හොඳ සපෝර්ට් එකක් තියනවනම් ඒකට දාන්න. එයාගෙන් අහල බලල යන්න කැමති එකට දාන්න. අකමැත්තෙන් දාන්න එපා.
මොන ඉස්කෝලෙ කොහොම වුනත් ඉතින් කොල්ලගෙ හිත අනුව තමා සේරම. මට නම් 160යි තිබ්බෙ.(ඩී.එස් එකට නම් ඇතිවුනා) මංනම් ඒකාලෙ ඉඳල කොලඹ යන්න ආසාවක් තිබ්බෙ නෑ. මායි අපේ උන්දැයි ගමේ යාලුවො සෙට් එකමයි තක්ෂිලාවට ගියෙ.
අපේ ඉස්කෝලෙන් කොලඹ(රෝයල්,ආනන්ද, විෂාකා) ගියපු ගොඩක් උන් ඒලෙවල් නම් ඇගත්ත.ගියපු උන්ගෙන් කෙල්ලො දෙන්නෙක් විතරයි ඒලෙවල් හොඳට ගොඩගියෙ.ඒකත් ඉතින් උන්ගෙ වැරැද්ද තමා.
අනේමංදා. මංනම් කියන්නෙ පොඩ්ඩ කැමති එකකට යවන්න කියල.