
HP ගන්න එපා කියන්නේ ඒවා මහ වාත කෝච්චි නිසා....... මම ඕනා නම් එක උදාහරනයක් කියන්නම්..... අබාන්ස් එකේදි වෙච්ච සීන් එකක්..... මම කලිනුත් මේක කියලත් ඈති.....
ඔන්න එක දවසක් කස්ටමර් කෙනෙක් HP Mini එකක් අරන් ආවා, චාජ් වෙන්නේ නෑ කියලා......

ඉතින් අපි ඒක අරන් චෙක් කරලා බැලින්නම්, මදර් බෝඩ් එකේ තමා කේස් එක, බැටරිය හොදයි, බැටරිය වෙන ලැපකට ගැහුවහම චාජ් වෙනවා...... ඉතින් අපි ඒකට මදර් බෝඩ් එක ඕඩර් කරා වොරන්ටි වලට..... ඔන්න මදර් බෝඩ් එකත් ආවා කියමුකෝ..... මෙන්න දැන් ඒ මදර් බෝඩ් එක දාලා, ඔන් කරා......

මල මගුලයි.... ඒ මදර් බෝඩ් එකටත් චාජ් වෙන්නේ නෑ.....

ඒ ගමන අපි ඒ වොරන්ටි ආව මදර් බෝඩ් එක දැම්මා DOA (Dead On Arrival) කියලා.... තව මදර් බෝඩ් එකක් ඕඩර් කරා වොරන්ටි.....

ඔන්න ඒකත් ආවා කියපන්කෝ.... ඒකත් සෙට් කරලා ඔන් කරහම, ඒකටත් චාජ් වෙන්නේ නෑ.... කාලා වරෙන්කෝ ඉතින්.... දැන් මොකෝ කරන්නේ.... ඒකත් DOA දාන්න කියලෑ.......
ඒ ගමන, බැරිම තැන, ඒ මොඩල් එකේම, බැටරියක් replace කරපු ලැපක් තිබ්බා.....

මස් කරා ඒක......

මස් කරලා, ඒකේ මදර් බෝඩ් එක මේකට ගහලා ඔන් කරා.... අම්මා ගහයි බැට් එකෙන්.... ඒකටත් ඒ ආනිසංසේමයි......

චාජ් වෙන්නේ නෑ......

දැන් ඉතින් මේකේ අපි මාරු නොකර බැලුවේ LCD එක විතරයි......

නිකමට මාරු කරා LCD එක.....

මෙන්න

බොලේ දැන් චාජ් වෙනවා.......

අන්තිමට බැලින්නම්, LCD එකේ අවුල නිසා තමා චාජ් වෙන්නේ නැත්තේ...... ඔන්න ඔහොමයි HP .......
HP හොද මොඩල් නැතුවා නෙවේ..... Pro Book වගේ ඒවා, හොදයි.....