Elakiri.com එකේ ආගම් වාදයක් ඇතිවෙන්න හේතුව ?

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Elakiri.com එකේ ආගම් වාදයක් ඇතිවෙන්න හේතුව ?

    මෝඩ චූං එකක් කරගන්න එපා,

    දැන් එළකිරි එකේ කට්ටියට වෙලා තියෙන්නේ, හැමෝම එක එකාගේ ආගමට බැන ගන්නවා,

    ඉස්සර නම් එළකිරි එකේ වැදගත් දේවල් තිබ්බේ දැන් තනිකරම sex, religion,gossip,

    තවම වැදගත් threads දාන කට්ටිය ඉන්නවා ඒත් බහුතරයක් දාන්නේ කුණුහරුප,

    මම හිතන්නේ දෙන මේකේ ඉන්නේ ඉස්කෝලෙන් යන එවුන් නැත්තම් බාගෙට ඉගෙන ගත්ත එවුන්, ඉස්කෝලේ කොන් වෙලා ඉඳල මෙතන වීරයෝ වෙන්න හදනවා නෙට් එකට මුවා වෙලා,

    දෙන ඉතින් මගේ අම්මල තාත්තල මටහ්ක් කරලා බනින්න, නැත්තම් කුණුහරුප දාන්න තම සෙට් එක දන්නේ,

    තොප්පිය හරිනම් දාගන්න
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    උඹත් දාලා තියෙන්නෙ මෝඩ ත්‍රෙඩ් එකක් නේ :P
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මෙහෙම දෙයක් තියෙනවා සහෝදරයා ... අපි ත්‍රෙඩ් එකක් දානවා කියල හිතන්න.
    හොද වැදගත් දෙයක් උනත් සමහරු ඉන්නවා කුණුහරප වලින් බනිනවා, අනිත් එකට බනිනවා.
    රේප් කපනවා, ඔය වගේ.... ඉතින් ගොඩක් එහෙම එනවා ෆේක් අය. කෙසේවෙතත් මචන්
    මේ වගේ තැනකට අතදරුවෝ එන්න බෑ නේ. කොහොමත් මේ හැම දෙයක් ම දන්නා උන් තමයි
    ජංජාලේ රස්තියාදු ගහන්නේ. මෙතන ඕනවට
    වඩා දගලන උන්ට දඩුවම් දෙන්න ඇඩ්මින් සුදානම්..
    ලගදිත් මන් හිතන්නේ ඔහොම උනාද මන්ද... ඔයා කියන එක කතාවක් මම පිලි ගන්නවා.
    අපි අදහන අපේ ආගමට ආදරෙයි. ඒ වගේම ගරු කරනවා. ඒ නිසා තව කෙනෙක් ගේ ආගමකට
    නින්දා කරන හෝ වෙනත් විදිහකින් එයට මඩ ගහන ත්‍රෙඩ් දාන කෙනා දැනගන්න ඕන එක හරිද,
    වැරදිද කියල. ඒ වගේ ත්‍රෙඩ් එකක් දැක්කම එකට පොස්ට් දාන උන්ගේ වැරද්දක් මම දකින්නේ නැහැ.
    මොකද ත්‍රෙඩ් එකක් යන්නේ අපිට බලල අදහසක් කියන්න පුළුවන් විදිහටනේ... අනික මචන්
    අම්මල තාත්තල දැනගන්න ඕන ළමයාගේ වයසට ජංජාලේ දෙන්න. මොකද වෙබ් වලට බැනලා
    තේරුමක් වෙන්නේ නැහැ. එළකිරි එකේ මම දකින විදිහට හැම දෙයක් ම සමානව යනවා.
    ජාති ආගම් වල ප්‍රශ්න ටිකක් විතරයි වැඩි පුර ප්‍රශ්නයකට තියෙන්නේ.
     
    • Like
    Reactions: miniya