කිසිම අමනාපයක් නෑ මචෝ....
ජජ් කෙනෙක් වෙලා ඉන්න අතරම සම්මානයක් ලැබෙන එක යුතු නෑ වගේ කියලා හිතුනා...ඒකයි එහෙම තීරණයක් ගත්තේ....
මෙහෙම දේකුත් කියන්න ඕනේ....එතනින් ඉවත් උනා කියලා මං වෙනුවෙන් ඡන්දය දීපු සහෝදර සහෝදරියන් කිසිම කෙනෙක්ගේ මනාපය මං බාල්දු කරා කියලා හිතන්න එපා......
ඒ වෙලාවේ වඩාත් හොඳයි කියලා හිතුන තීරණය මං ගත්තේ....අර ක්රේසිබඩී රෙප් දෙනකොට කියනවා වගේ හැම ෆ්රෙඬාම වැදගත් මචං....![]()
මම ජජ් සීන් එක දැන ගත්තේ මේකෙ කමෙන්ට් කියවගෙන් එද්දියි..
කොහොම උනත් ඒක ඇත්තටම අගය කරනව මචන්... 
ඔය වගේ තීරණ හැමෝටම ගන්න බෑ... තමන්ට ලැබුණ කිසිම දෙයක් කාටවත් දෙන්න කැමති වෙන අය බොහොම අඩුයි.. උඹට මෙතනින් සල්ලිවත්, නම්බුනාමයක්වත් නොලැබෙන එක ඇත්ත... ඒත් උඹ කරපු දේ ගොඩක් වටිනවා...

.... 




