සම්මාන ලබා ගත සහෝදර වරුන්ටත් නොයෙකුත් චෝදනා මැද මේක පටන් අරගෙන ඉවර කරපු සංවිධායක මඩුල්ලටත් හදවතින්ම සුබ පතනවා...
ඕනෙම දෙයක් කරද්දී යම් යම් අඩුපාඩු මතු වෙනවා..නමුත් අගය කල යුත්තේ දෙයක් කිරීමට ඉදිරිපත් වීම සහ ඒ වෙනුවෙන් තමන්ගේ පුද්ගලික කාලය කැප කිරීමයි..මේක ඔන්ලයින් දැනුම අදහස් බෙදා ගන්න ඇති කරපු සමාජයක්...ඒ වෙනුවෙන් තමන්ගේ පුද්ගලික කාලය වැය කිරීම සහ නොයෙකුත් ගල් මුල් ඉවසා දරා ගැනීම අගය කල යුතු දෙයක්...කවුරුත් එලකිරියට මේවා කරන්න බැඳිලා නැහැ..මෙතන වගකීම් හෝ යුතුකම් වශයෙන් ඇති උන නෛතික පවුලක් නැහැ..ඉඩක් ලැබුනම එනවා...තමන්ගේ දැනුම බෙදා ගන්නවා...අදහසක් දෙනවා...අයිමත් offline යනවා..ඒ අතරේ සියලුම ලංකාවේ වැසියන් මේ සදහා data limit සහිතව data එක්ක ලොකු සටනක් දෙනවා ඔන්ලයින්ව සමාජ ගත වෙන්න...මේ වගේ තරඟ සංවිධාන කරලා විනෝදයක් මිසක් wife ට බබාලට අම්ම තාත්තට නංගිට මල්ලිට කන්න අඳින්න දෙන්න මුදල් ඉපයීමේ හෝ සංසාරික වශයෙන් කුසලයක් රැස් කරගැනීමේ හෝ Noble ත්‍යාගයක් ලබාගෙන ලොව පුරා ප්‍රචලිත වීමේ හෝ පරමාර්ථයක් කා තුළවත් නැහැ..මේ සියල්ලම හුදු විනෝදය සඳහා පමණයි...අඩුපාඩු ඇති වීම ස්වභාවය..මොකද අපි හැමෝම මනුෂ්‍යයෝ නිසා...නමුත් මේවා අනවශ්‍ය තරමට උලුප්පාගෙන ඔන්ලයින් ජීවිතය තමන්ගේ සාමාන්‍ය ජිවිතයට බද්ධ කරගෙන එකිනෙකාට චෝදනා කරණ එක කිසි සේත්ම සාධාරණ නැහැ...සහයෝගයෙන් අඩුපාඩු පෙන්වා දීම ගැටළුවක් නැහැ..
කෙනෙක් එක තැනක කියලා තිබුනා මේවට ඉදිරිපත් වන අය රහත් වෙලා නැහැ, ඒ අය සම්මාන ලබා ගන්න fake වලින් චන්ද වැඩි කරගන්න දඟලනවා ඇති කියලා...ඔයාට කියන්න කැමතියි මල්ලි...මේ වැදගත් නූල් දාන මිනිස්සු, එළකිරියේ උන් බලන් ඉන්නවා මොනා හරි වටිනා දෙයක් ලියන්න ඕනේ කියල නිදිමරාගෙන ගෙවල් වලිනුත් බැනුම් අහගෙනයි මේවා ලියන්නේ..බලන අයගේ දැනුමට දෙයක් එකතු කරන්න...නැතුව මේ සම්මාන ගන්න නෙවේ...අනිත් එක මේ එළකිරියේ බහුතරයක් යම් කිසි සමාජ තත්වයක් ඇතිව ජීවත් වෙන ජිවිතේ යම් දෙයක් achieve කරගත්තු මිනිස්සු...මේ සම්මාන වලට යෝජනා වුනු හැමෝම වගේ එහෙමයි...එළකිරියේ fake හදන් ඇවිත් සම්මාන ගන්න තරම් බාල බොළඳ මානසිකත්වයක් ඔය කිසි කෙනෙක්ට නැහැ...නිකම් මෝඩ කතා කියල මිනිස්සුන්ට අපහාස කරන්න එපා කියල විතරයි මට ඒකට කියන්න තියෙන්නේ...මිනිස්සු මෙතනට එන්නේ තමන්ගේ රැකියා අධ්‍යාපන කටයුතු වලින් ටිකක් මිදිලා සාමාන්‍ය දැනුම රසාස්වාදයක් ලබන්න මිසක් සම්මාන ගන්න නෙවෙයි...මෙහෙම තරග වලින් බලාපොරොත්තු වෙන්නෙ යම් කිසි විනෝදයක් දීල ඒ ලියන අයව තවත් දෛර්යමත් කරන එක පමණයි...නැතුව පුංචි පන්ති වලදී වගේ අඩාගෙන ගෙදර ගිහින් අම්මේ මං දෙවෙනියා කියන්න නෙවෙයි...
මගේ පෞද්ගලික අදහස නම් මේ වගේ තරඟ සංවිධානය කරන්න තමන්ගේ කාලය කැප කල යුතු නැහැ...එය කල යුත්තේ සමාන බුද්ධි මට්ටමකින් යුතු පිරිසක් ඉන්නා තැන් වල පමණයි...එකිනෙකට වෙනස් බුද්ධි මට්ටම් වල මිනිසුන්ගේ වෙනස් බුද්ධියට මේවා ගෝචර වෙන්නේ නැත...