Good bye Windows 7

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Windows 10 LTSC දාගන්න එක තමයි ඕකට හොදම විසදුම මචං, ඒකෙනම් update එන්නෙ අවුරුදු 10කට පාරක්ද කොහෙදනෙ :rolleyes: ඒ ඇරෙන්න මොන registry key edit කරල මොන වැඩේ කරත් ටික දවසකින් PC එක restart කරද්දි Autoම update වෙන්න පටන් ගන්නව :rolleyes: අලුත් win10නම් දවස් 7ක් pose කරන්න පුලුවන්.. update ඕනම නැත්නම් ඉතින් win 10 LTSC තමා :yes:

    ඒකත් අවුරුද්දට දෙපාරක් අප්ඩේට් වෙනවා බන්. නවත්තන්න බෑ :angry:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මගෙ තියෙන්නෙ මොන වර්ශන් එකද කියලවත් දන්නෑ :lol:
    OS එකක් දාගන්නෙ OS එකට සාත්තු කරන්න නෙමේනෙ බං :( වෙන වැඩක් කරගන්නනෙ.

    :love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Mama asama xp. Eth software support na. Lap ekata dannath ba. 7 update nawaththuwata cracked ekak pawichchi karanna puluwan. Hoda virus guard ekak dagena use karanna.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Windows 10 තරම් ඊසි ඔස් එකක් කොහෙන්ද බන්.මට නන් 10 එක තමා පට්ට. :cool:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    2006 - 2010 වගේ කාල වල කොම්පියුටර් අතපත ගාපු උන්ට එ අතීතේ පට්ටේට මතක් වෙනවා නේද මේ ත්‍රෙඩ් එක දකිද්දී.

    කොල්ලෝ කාලේ කරපු පිස්සු වැඩ එහෙම
    ගේම අනම් මනම් සීඩී වල කොපි කරගෙන අැවිත් මහමෙරක් වගේ සීඩී රොම් එකේ දාලා ප්ලේ කරපු හැටි.
    IGI වගේ ගේම්, MAX PAYNE එලි වෙනකල් නිදි මරාන ගහපු හැටි, වින්ඩෝස් මූවි මේකර් එකෙන් සිංදු වලට විෂුවල් කපලා බට් කරපු හැටි, ඒක එක වයිරස් ගාඩ් දාගෙන නටපු පිස්සු විකාර එහෙම

    ජෙට් ඔඩියෝ, වින් ඇම්ප්, පවර් ඩීවීඩී මැරෙනකල් අමතක වෙන එකක් නෑ. වින්ඩෝස් මීඩියා ප්ලේයර් 12 එක දැක්කම බඩ පිරුණා සිංහලු ඒ කාලේ....

    aero-3d-flip-windows-71.jpg.optimal.jpg

    මේක කරන විදිය පණ්ඩිත කොල්ලෙක්ගෙන් ඉගෙන ගෙන දවස් 3-4ක්ම එන එන එකාට මේක කරලා පෙන්නුවා මතකයි.

    ලස්සනයි සිංහලු ඒ අතීතේ
    ඇත්තටම ගොඩාක් ආදරෙයි වින්ඩෝස් 7...
     
    • Like
    Reactions: sithija.h

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :sorry::(:love:
    vista ආව කාලෙ ඔය විදිහට windows අතරෙ මාරු වෙන එක නිකං මැජික් වගේ :( :love:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    2006 - 2010 වගේ කාල වල කොම්පියුටර් අතපත ගාපු උන්ට එ අතීතේ පට්ටේට මතක් වෙනවා නේද මේ ත්‍රෙඩ් එක දකිද්දී.

    කොල්ලෝ කාලේ කරපු පිස්සු වැඩ එහෙම
    ගේම අනම් මනම් සීඩී වල කොපි කරගෙන අැවිත් මහමෙරක් වගේ සීඩී රොම් එකේ දාලා ප්ලේ කරපු හැටි.
    IGI වගේ ගේම්, MAX PAYNE එලි වෙනකල් නිදි මරාන ගහපු හැටි, වින්ඩෝස් මූවි මේකර් එකෙන් සිංදු වලට විෂුවල් කපලා බට් කරපු හැටි, ඒක එක වයිරස් ගාඩ් දාගෙන නටපු පිස්සු විකාර එහෙම

    ජෙට් ඔඩියෝ, වින් ඇම්ප්, පවර් ඩීවීඩී මැරෙනකල් අමතක වෙන එකක් නෑ. වින්ඩෝස් මීඩියා ප්ලේයර් 12 එක දැක්කම බඩ පිරුණා සිංහලු ඒ කාලේ....

    aero-3d-flip-windows-71.jpg.optimal.jpg

    මේක කරන විදිය පණ්ඩිත කොල්ලෙක්ගෙන් ඉගෙන ගෙන දවස් 3-4ක්ම එන එන එකාට මේක කරලා පෙන්නුවා මතකයි.

    ලස්සනයි සිංහලු ඒ අතීතේ
    ඇත්තටම ගොඩාක් ආදරෙයි වින්ඩෝස් 7...
    Ow bn mara atheethayak thibbe. Eh kale webshot kiyala desktop app ekakuth thibuna bn desktop pictures auto change karana...

    Hitapu gaman eh kale mathak unama IGI gahanawa bn thamath. IGI 1 game eka.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    3D පයින්ට් බෝල් ගහපු උන් නැද්ද ? :P
    කිව්වම මතක් වුණේ, 2007දි වගේ දවසෙම ඕක ගහනව. තව Spider Solitaire ගේම් එක ගහනව. තව කම්පියුටර් එක ගත්තම කාලෙ MS Paint වලමයි. ඒ කාලෙ DVD ROM එකෙන් DVD Copy කරන එක පට්ටම මැජික්. කම්පියුටර් එක ගෙනාව පලවෙනි දවසෙ හාඩ් එක පිරෙව්ව ගෙදර තිබ්බ DVD වගයක් කොපි කරල.
    පට්ටම අතීතයක් තිබ්බෙ බං. තව IGI ගහල ඉවරවුණ ගමන් Oni කියල ගේම් එකක් ගැහුව. ඒකත් පට්ටයි... තව මතක් වෙන මතක් වෙන දේවල් දාන්නම්කො...
     
    • Like
    Reactions: P o o L

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    LTSC ගැන පොඩි විස්තරයක් දෙන්නකො තරහා නැතුව .:D

    තේරුම තමා long term service channel - LTSC :yes:

    start menu එකේ live tiles නෑ, කිසිම විදියටක internet connect වෙන tiles මොකුත් නෑ ඔක්කොම අයින් කරල තියෙන්නේ.. තනිකරම windows 7 වගේ clean version එකක්.. :yes:

    cortana නෑ අයින් කරල තියෙන්නේ.. windows 7 වගේ search එකක් එන්නේ, web results එන්නෙ නෑ windows 10 එකේ වගේ searchඑකේ ගැහුවම. :D

    Ms App Store එක නෑ. ඒකත් අයින් කරල එන්නේ, කැමතිනම package එක පස්සෙ දාගන්න පුලුවන් app store application ඔනිමනම්.. :yes:

    cumilative updates එන්නෙ නෑ අවුරුදු 5න් 5අට හරි 10න් 10යට හරි එන්නේ ඒකයි long term service කියන්නේ.. but security updates ටිකනම් Windows Defender එකට එනවා normal windows 10 එකට එනවා වගේම.. ;)

    pc එක normaly internet connect කරල තියන්න පුලුවන් උන්ගෙ කිසිම microsoft servers වලට connect වෙන්නෙ නෑ, data නම් ගොඩක්ම ඉතුරු වෙනව කියල තේරෙනවා.. :yes:

    මේක ගොඩක්ම පාවිච්චි කරන්නෙ ඔය medical machine වගේ system වලට, මොකද ඒව සැරින් සැරේට update කර කර restart වෙවී විකාර නටන්න බැරි system නිසා. (ගොඩක් කලක් කිසිම වෙනස් කමක් නොකරන systems වලට) :yes:

    ඕවා තමා මචං ලොකුවටම කියන්න තියෙන්නෙ.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,777
    113
    out of fucked up land
    Mama asama xp. Eth software support na. Lap ekata dannath ba. 7 update nawaththuwata cracked ekak pawichchi karanna puluwan. Hoda virus guard ekak dagena use karanna.

    This saying is like open the door so that the burglars can take the stuff but make sure to close the windows tightly. :lol::lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මන් හිතං හිටියේ දැන් ලංකාවේ එවුන් ඔකොම 10 කියලා Use කරන්නේ.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දැන් ඉස්සරට වඩා ලෙඩ අඩුයි බ්ලු ස්ක්‍රීන් එකක් දැක්ක කාලයක් මතක නෑ මටනං, වයිරස් එකක් ආපු කාලයක් මතක නෑ. අන්තිමට මේක ෆෝමැට් කරෙත් වින්ඩෝස් 8 දාද්දි ඒකම තාම අප්ග්‍රේඩ් කර කර එන්නේ තාම.

    ඒ ඔක්කොම අප්ඩේට් වල හොඳකම වෙන්න ඇති අපිට අගයක් නැතිවුනාට :yes:

    ow ban issara mama nitharama restore point hadanawa aluth SF ekak install karaddi, samahara welawata pen ekak gahanna kalinuth hadanawa, mokak hari awlak giyoth passata adala goda daganna, eth dan me update nisa restore karanna ona wennema na.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    තේරුම තමා long term service channel - LTSC :yes:

    start menu එකේ live tiles නෑ, කිසිම විදියටක internet connect වෙන tiles මොකුත් නෑ ඔක්කොම අයින් කරල තියෙන්නේ.. තනිකරම windows 7 වගේ clean version එකක්.. :yes:

    cortana නෑ අයින් කරල තියෙන්නේ.. windows 7 වගේ search එකක් එන්නේ, web results එන්නෙ නෑ windows 10 එකේ වගේ searchඑකේ ගැහුවම. :D

    Ms App Store එක නෑ. ඒකත් අයින් කරල එන්නේ, කැමතිනම package එක පස්සෙ දාගන්න පුලුවන් app store application ඔනිමනම්.. :yes:

    cumilative updates එන්නෙ නෑ අවුරුදු 5න් 5අට හරි 10න් 10යට හරි එන්නේ ඒකයි long term service කියන්නේ.. but security updates ටිකනම් Windows Defender එකට එනවා normal windows 10 එකට එනවා වගේම.. ;)

    pc එක normaly internet connect කරල තියන්න පුලුවන් උන්ගෙ කිසිම microsoft servers වලට connect වෙන්නෙ නෑ, data නම් ගොඩක්ම ඉතුරු වෙනව කියල තේරෙනවා.. :yes:

    මේක ගොඩක්ම පාවිච්චි කරන්නෙ ඔය medical machine වගේ system වලට, මොකද ඒව සැරින් සැරේට update කර කර restart වෙවී විකාර නටන්න බැරි system නිසා. (ගොඩක් කලක් කිසිම වෙනස් කමක් නොකරන systems වලට) :yes:

    ඕවා තමා මචං ලොකුවටම කියන්න තියෙන්නෙ.

    LTSB was a bit revamped (Feb-Mar 2019) and launched as LTSC. Enhanced security, a Windows subsystem for Linux and Net Framework 4.7. (LTSB had only 4.6 support)
    This is mainly for Industrial sub-systems.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,983
    113
    Gotham City
    2006 - 2010 වගේ කාල වල කොම්පියුටර් අතපත ගාපු උන්ට එ අතීතේ පට්ටේට මතක් වෙනවා නේද මේ ත්‍රෙඩ් එක දකිද්දී.

    කොල්ලෝ කාලේ කරපු පිස්සු වැඩ එහෙම
    ගේම අනම් මනම් සීඩී වල කොපි කරගෙන අැවිත් මහමෙරක් වගේ සීඩී රොම් එකේ දාලා ප්ලේ කරපු හැටි.
    IGI වගේ ගේම්, MAX PAYNE එලි වෙනකල් නිදි මරාන ගහපු හැටි, වින්ඩෝස් මූවි මේකර් එකෙන් සිංදු වලට විෂුවල් කපලා බට් කරපු හැටි, ඒක එක වයිරස් ගාඩ් දාගෙන නටපු පිස්සු විකාර එහෙම

    ජෙට් ඔඩියෝ, වින් ඇම්ප්, පවර් ඩීවීඩී මැරෙනකල් අමතක වෙන එකක් නෑ. වින්ඩෝස් මීඩියා ප්ලේයර් 12 එක දැක්කම බඩ පිරුණා සිංහලු ඒ කාලේ....

    aero-3d-flip-windows-71.jpg.optimal.jpg

    මේක කරන විදිය පණ්ඩිත කොල්ලෙක්ගෙන් ඉගෙන ගෙන දවස් 3-4ක්ම එන එන එකාට මේක කරලා පෙන්නුවා මතකයි.

    ලස්සනයි සිංහලු ඒ අතීතේ
    ඇත්තටම ගොඩාක් ආදරෙයි වින්ඩෝස් 7...
    හෙ හෙ ඇඬෙනවා සිංහළු
    ෆොටොෂොප් 5 ආපු කාලෙ අපි දන්න උන්ගෙන් මන්ගාව විතරයි තිබ්බෙ.
    අනික් උන් ගාව තිබ්බෙ 2 එක්කො 3
    මන් හෙන ආඩම්බරෙන් හිටියෙ ඉතිං ;).
    512 කිලො බිට්ස් අන්ලිමිටඩ් නෙට් එකෙන් වීඩියො එකක් බලන්න දීපු ගේම .
    යු ටියුබ් එකෙ වීඩියො එකක් බලන්න විනාඩි ගාණක් ලොඩ් වෙන්න තියලා තමා බලන්නෙ.
    ප්‍රිස්න් බ්‍රේක් සීරියස් එකම ඩවුන්ලොඩ් කරන්න මාස එකහමාරක් ගියා .

    එතකොට මට තිබ්බෙ එක්ස් පී ඕ ඒස් එක.

    කිව්වා වගෙ මීඩියා ප්ලේයර් 12 එකෙ ඉන්ටර්ෆේස් එකට ගහන්න වෙන කිසි මීඩියා ප්ලේයර් එකක් තිබ්බෙ නැහැ.

    අපි හෙන නාකි වෙලා බන් දැන් .:(