ඔය ගුල්ලොන්ගේ බිත්තර. ගුලු බිත්තර.
ගුළු කුඩු, නැති නම් ගුළු බෙටි.
දැන් කරන්න දෙයක් නෑ. විසි කරනවා ඇරෙන්න. ඩීසල් කපුරු, දව ආරක්ෂක, ඔය කිසි දෙයක් මාස 6 ක් අල්ලන්නේ නෑ.
ඕවා ගාවට උන්ට අවුලක් නෑ. උන් ඉන්නේ ලීයේ ඇතුලේ.
තව හොද තේක්ක, කොහොබ, ලුනුමිදෙල්ල ලී වලින් හදපුවා ගත්තොත් හරි.,
ගිනිසපු, මාර, කොස්, කුබුක් නෙමේ මොන ලීය ගත්තත් ඕකුන් කනවා. ෆ්ලයි වූඩ් නියම කෑම උන්ට.
ඕකුන ගෙදරකට අවොත් නවත්තන්න බෑ. උබට පෙනුමට ඕකුන් කන්නේ නෑ වගේ තිබ්බට (අලුතින් ගන්න බඩු) ටික දවසක් යනකොට කුඩු, පව්ඩර් වගේ හැලෙන්න ගන්නවා. ඊට පස්සේ ඔය වගේ වෙනවා..... ඔය වගේ දෙයකින් බේරෙන්න මම හොයාගත්ත විදිහට නම් කරන්න තියෙන්නේ ආයේ ගන්නකොට, යකඩ, පර්ටිකල් බෝඩ් වගේ කෘතීම දේවල් ගන්න එක. ඒවා වටිනාකම අඩු (මුදල නෙමේ, මිනිස්සු මනින මිනුම) කරදර අඩුයි, රෙපයාර් නෑ. සවුත්තු උනොත් විසික්කා....