බංගලිදේසේ අරන් යන එක ලාබයි කොම්පැනිකාරයොන්ට.
මෙහෙ ස්ට්‍රයික් ජේවීපී ස්ට්‍රයික් අස්සේ වාත වෙනවට වඩා
..
#MRC මීපේ නොහොත්
#Hirdaramani මීපේ
තම මෙහෙයුම් හමාර කරමින් හයිඩ්‍රාමනී මීපේ ආයතනය නිකුත් කළ නිවේදනය අළලා මුහුණු පොතේ සටහන් ලියන බොහෝ දෙනෙක් නොදන්නා සහ ලෝකෙ පුරා හමා යන ඉතා දැඩි ආර්ථික කුණාටුව පිළිබඳව ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සහෝදර සහෝදරියන් දැනුවත් කරන්නට මේ මොහොතේ අකුරු කරවීම මගේ යුතුකමක් ලෙස සිතමි.
2022 රුසියාව සිදුකළ යුක්රේන ආක්‍රමණය සමග ඉතා දැඩි පහර කෑමකට ලක් වූ යුරෝපීය ආර්ථිකය ඉතා දැඩි කඩාවැටීමක් අභිමුව දෙදරා යමින් පවතී.
එහි අතුරු ප්‍රතිඵල ලෙස ලෝකෙ පුරා බෝහෝ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලි දැඩි අර්බුදයකට ලක් වෙමින් පවතී.
බොහෝ වෙළඳ සන්නාම තම මෙහෙයුම් කටයුතු හැකිලවීමට පටන් ගෙන ඇත
හේතුව වන්නේ යුරෝපාකරයේ ඇතිවී ඇති ආර්ථික අර්බුදය හමුවේ බහුතරයක් ජනතාව තම ප්‍රමුඛතා ලැයිස්තුව තුළ බලශක්තිය සහ ආහාර වෛද්‍ය පහසුකම් සඳහා පමණක් මූලික ප්‍රමුඛතාවය ලබා දිමට පෙළඹීමය.
ඒ හරහා සුඛෝපභෝගී භාණ්ඩ සහ නිමි ඇඳුම්වල විකිනීමේ ප්‍රතිශතය සාපේක්ෂව ඉතා දුර්වල මට්ටමකට පත්ව ඇත.
බොහෝ වෙළඳ සන්නාම තම මෙහෙයුම් ක්‍රියාවලිය උපක්‍රමිකව හැකිලවීමට පටන්ගෙන ඇත.
මා දැන් මීපේ හයිඩ්‍රාමනි දෙසට හැරෙමි.
2010 සංඛ්‍යාලේඛනවලට අනුව ලංකාවේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා සඳහා එකල අවශ්‍ය පුහුණු ශ්‍රමය ලක්ෂ තුනකට වඩා දැඩි හිඟතාවය ක පැවතිණි.
බොහෝ ආයතන තම සේවක අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා නොයෙක් ආකාරයේ අති විශාල පරිශ්‍රමයක් දරමින් අති විශාල පිරිවැයක් දරමින් කටයුතු කළහ.
හිඟ මානව සම්පත හමුවේ උපරිම කාර්යක්ෂමතාවය කරා ළඟාවීමට නොහැකි වීම හේතුවෙන් බහුතරයක් ආයතන තුළ නිෂ්පාදන පිරිවැය අහේතුක ලෙස ඉහළ යමින් පැවතිණි.
මේ අර්බුදය අද ඊයෙක ආරම්භ වූවක් නොවේ.
2011 වසරේ MRC ආයතනය මෙම මීපේ කර්මාන්ත ශාලාව වසා දැමීමට කටයුතු කළේ ඉහත දැක්වූ ශ්‍රම සම්පත සපයා ගැනීම තුල පැවැති දුෂ්කරතාවය මතය.
මම 2010 සිට 2014 දක්වා මැලිබන් ටෙක්ස්ටයිල් ඉංගිරිය කර්මාන්තශාලාවේ ජේෂ්ඨ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ අතර මේ පිළිබඳව මා තුළ ඇති ඉතා පුළුල් මතකය අදටත් එලෙසම පවතී.
ZM Vertico / Maliban / Rusirumal / Bodyline / Hidramani Kahatuduwa
ඉහත ආයතන අතර මානව සම්පත් සඳහා වූ තරගකාරිත්වය අතිමහත්ය.
අද ෆේස්බුක් එකේ ලියනා බහුතරයක් නොදන්නා යථාර්ථයත් මෙයමය.
ඇඟලුම් ආයතන පිරිවැය පාලනයකින් යුතුව පවත්වාගෙන යාමට නම් ඉතා කාර්යක්ශම මානව සම්පතක අවශ්‍යතාව ඉතා තදින්ම පවතී.
මට ඇති පුද්ගලික අත්දැකීම් අනුව අද මා සේවය කරන බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයන් ට සාපේක්ෂව ලාංකීය අපේ රැකියාව සඳහා දක්වන කැපකිරීම සාපේක්ෂව ඉතා අඩු ය.
වැටුප් දිනෙන් පසු දින ඇති සේවක හැරයාම් සේවක නොපැමිණීම හමුවේ ලංකාවේ බහුතරයක් ආයතන තම නිෂ්පාදන කටයුතු කරන්නේ ඉතා අසීරුවෙනි.
ලෝක වෙළඳ පොල තුල ඇති තරඟකාරීත්වය හමුවේ අඩු නිෂ්පාදන පිරිවැයකින් උසස් තත්ත්වයෙන් යුතු ඇඟලුම් නියමිත කාලයට නැව්ගත කිරීමට නොහැකියාව ලැබුණොත් එම ආයතනයට ක්ෂේත්‍රයේ අද පැවැත්මක් නැත.
ආයතන රැකගැනීමට අවශ්‍ය නම් යුත්තේ ෆේස්බුක් එකේ වැළලෙන්නේ නැතුව තම රාජකාරි කටයුතු හැකි උපරිම කාර්යක්ෂමතාවයකින් තම කර්මාන්ත ශාලාවතුල කටයුතු කිරීමය.
කාර්යක්ෂමතාවය අද ලංකාවේ සියලුම නිෂ්පාදන ආයතන සඳහා ඉතා වලංගු මාතෘකාවක් විය යුතුය.
නැත්නම් ලෝකේ හමායන ආර්ථික කුණාටුව හමුවේ හෙටදින ගැලවී යන නාම පුවරු බොහෝමයක්ලාංකික නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ දැක ගැනීමට හැකි වනු ඇත.
තම ආයතන රැක ගැනීම උදෙසා කාර්යක්ෂමවයෙන් දැඩි කැප කිරීමෙන් උසස් තත්වයේ නිෂ්පාදන කටයුතු කිරීම සමස්ත ලාංකීය ඇඟළුම් සේවක සේවිකාවන්ගේ ප්‍රථම අවශ්‍යතාවය විය යුතුය.
Chaminda Pannipitiya
වසන්ත සමරසිංහගේ ඉංග්‍රීසි බලහල්ලකෝ