Hirdaramani එකත් වැහුවා එහෙනම්😥

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මහබැංකු අධිපතියා ඇතුලු සියලු මෙතක් රට කාපු බල්ලන් සියලු දෙනාටම අමාමහ නිවන් සුවම අත්වේවා...!
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    බංගලිදේසේ අරන් යන එක ලාබයි කොම්පැනිකාරයොන්ට.

    මෙහෙ ස්ට්‍රයික් ජේවීපී ස්ට්‍රයික් අස්සේ වාත වෙනවට වඩා
    ..
    #MRC මීපේ නොහොත් #Hirdaramani මීපේ

    තම මෙහෙයුම් හමාර කරමින් හයිඩ්‍රාමනී මීපේ ආයතනය නිකුත් කළ නිවේදනය අළලා මුහුණු පොතේ සටහන් ලියන බොහෝ දෙනෙක් නොදන්නා සහ ලෝකෙ පුරා හමා යන ඉතා දැඩි ආර්ථික කුණාටුව පිළිබඳව ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සහෝදර සහෝදරියන් දැනුවත් කරන්නට මේ මොහොතේ අකුරු කරවීම මගේ යුතුකමක් ලෙස සිතමි.
    2022 රුසියාව සිදුකළ යුක්රේන ආක්‍රමණය සමග ඉතා දැඩි පහර කෑමකට ලක් වූ යුරෝපීය ආර්ථිකය ඉතා දැඩි කඩාවැටීමක් අභිමුව දෙදරා යමින් පවතී.

    එහි අතුරු ප්‍රතිඵල ලෙස ලෝකෙ පුරා බෝහෝ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලි දැඩි අර්බුදයකට ලක් වෙමින් පවතී.
    බොහෝ වෙළඳ සන්නාම තම මෙහෙයුම් කටයුතු හැකිලවීමට පටන් ගෙන ඇත

    හේතුව වන්නේ යුරෝපාකරයේ ඇතිවී ඇති ආර්ථික අර්බුදය හමුවේ බහුතරයක් ජනතාව තම ප්‍රමුඛතා ලැයිස්තුව තුළ බලශක්තිය සහ ආහාර වෛද්‍ය පහසුකම් සඳහා පමණක් මූලික ප්‍රමුඛතාවය ලබා දිමට පෙළඹීමය.
    ඒ හරහා සුඛෝපභෝගී භාණ්ඩ සහ නිමි ඇඳුම්වල විකිනීමේ ප්‍රතිශතය සාපේක්ෂව ඉතා දුර්වල මට්ටමකට පත්ව ඇත.
    බොහෝ වෙළඳ සන්නාම තම මෙහෙයුම් ක්‍රියාවලිය උපක්‍රමිකව හැකිලවීමට පටන්ගෙන ඇත.

    මා දැන් මීපේ හයිඩ්‍රාමනි දෙසට හැරෙමි.

    2010 සංඛ්‍යාලේඛනවලට අනුව ලංකාවේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා සඳහා එකල අවශ්‍ය පුහුණු ශ්‍රමය ලක්ෂ තුනකට වඩා දැඩි හිඟතාවය ක පැවතිණි.
    බොහෝ ආයතන තම සේවක අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා නොයෙක් ආකාරයේ අති විශාල පරිශ්‍රමයක් දරමින් අති විශාල පිරිවැයක් දරමින් කටයුතු කළහ.

    හිඟ මානව සම්පත හමුවේ උපරිම කාර්යක්ෂමතාවය කරා ළඟාවීමට නොහැකි වීම හේතුවෙන් බහුතරයක් ආයතන තුළ නිෂ්පාදන පිරිවැය අහේතුක ලෙස ඉහළ යමින් පැවතිණි.
    මේ අර්බුදය අද ඊයෙක ආරම්භ වූවක් නොවේ.

    2011 වසරේ MRC ආයතනය මෙම මීපේ කර්මාන්ත ශාලාව වසා දැමීමට කටයුතු කළේ ඉහත දැක්වූ ශ්‍රම සම්පත සපයා ගැනීම තුල පැවැති දුෂ්කරතාවය මතය.

    මම 2010 සිට 2014 දක්වා මැලිබන් ටෙක්ස්ටයිල් ඉංගිරිය කර්මාන්තශාලාවේ ජේෂ්ඨ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ අතර මේ පිළිබඳව මා තුළ ඇති ඉතා පුළුල් මතකය අදටත් එලෙසම පවතී.

    ZM Vertico / Maliban / Rusirumal / Bodyline / Hidramani Kahatuduwa
    ඉහත ආයතන අතර මානව සම්පත් සඳහා වූ තරගකාරිත්වය අතිමහත්ය.
    අද ෆේස්බුක් එකේ ලියනා බහුතරයක් නොදන්නා යථාර්ථයත් මෙයමය.

    ඇඟලුම් ආයතන පිරිවැය පාලනයකින් යුතුව පවත්වාගෙන යාමට නම් ඉතා කාර්යක්ශම මානව සම්පතක අවශ්‍යතාව ඉතා තදින්ම පවතී.

    මට ඇති පුද්ගලික අත්දැකීම් අනුව අද මා සේවය කරන බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයන් ට සාපේක්ෂව ලාංකීය අපේ රැකියාව සඳහා දක්වන කැපකිරීම සාපේක්ෂව ඉතා අඩු ය.

    වැටුප් දිනෙන් පසු දින ඇති සේවක හැරයාම් සේවක නොපැමිණීම හමුවේ ලංකාවේ බහුතරයක් ආයතන තම නිෂ්පාදන කටයුතු කරන්නේ ඉතා අසීරුවෙනි.

    ලෝක වෙළඳ පොල තුල ඇති තරඟකාරීත්වය හමුවේ අඩු නිෂ්පාදන පිරිවැයකින් උසස් තත්ත්වයෙන් යුතු ඇඟලුම් නියමිත කාලයට නැව්ගත කිරීමට නොහැකියාව ලැබුණොත් එම ආයතනයට ක්ෂේත්‍රයේ අද පැවැත්මක් නැත.
    ආයතන රැකගැනීමට අවශ්‍ය නම් යුත්තේ ෆේස්බුක් එකේ වැළලෙන්නේ නැතුව තම රාජකාරි කටයුතු හැකි උපරිම කාර්යක්ෂමතාවයකින් තම කර්මාන්ත ශාලාවතුල කටයුතු කිරීමය.

    කාර්යක්ෂමතාවය අද ලංකාවේ සියලුම නිෂ්පාදන ආයතන සඳහා ඉතා වලංගු මාතෘකාවක් විය යුතුය.
    නැත්නම් ලෝකේ හමායන ආර්ථික කුණාටුව හමුවේ හෙටදින ගැලවී යන නාම පුවරු බොහෝමයක්ලාංකික නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ දැක ගැනීමට හැකි වනු ඇත.

    තම ආයතන රැක ගැනීම උදෙසා කාර්යක්ෂමවයෙන් දැඩි කැප කිරීමෙන් උසස් තත්වයේ නිෂ්පාදන කටයුතු කිරීම සමස්ත ලාංකීය ඇඟළුම් සේවක සේවිකාවන්ගේ ප්‍රථම අවශ්‍යතාවය විය යුතුය.

    Chaminda Pannipitiya

    වසන්ත සමරසිංහගේ ඉංග්‍රීසි බලහල්ලකෝ

    6546.jpg
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    යූනියන් කාරයොත් එක්ක මෙහෙ කොම්පැණි ඉන්නේ නැහැ Thanks JVP අයියලාට
    රාජපස්සලාටයි උන්ට උක දීපු බයියන්ටයි උන්ගෙ පවුලටයි හෙන වැදියන් @2osama @erozan @N A K A M U R A @weer 11
    FB-IMG-1671113899866.jpg
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    බංගලිදේසේ අරන් යන එක ලාබයි කොම්පැනිකාරයොන්ට.

    මෙහෙ ස්ට්‍රයික් ජේවීපී ස්ට්‍රයික් අස්සේ වාත වෙනවට වඩා
    eetath wada bn US/ Europe un dan wadiya spend karanne na bn andun walata
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    රාජ්‍ය ප්‍රතිපත්ති/ඉලක්ක/දැක්මක් නොමැතිකම, රුපියල කෘතිමව පාලනය, import restrictions , hyper inflation, corruption ... මෙහෙම රටකට අලුතෙන් ආයෝජන එනවා තියා ඉන්න උනුත් යන එක පුදුමයක් නෙවෙයි...
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    තමන්ගේ දේශපාලනයට අනුව හොද මතයක් ගොඩනගන්න පුලුවන් :unsure::unsure:
    ස්ට්‍රයික් නිසා යනවා.
    පාරවල ට්‍රෆික් නිසා යනවා.
    ආනයන සීමා නිසා යනවා.
    ආණ්ඩුවේ සහයොගය අඩු නිසා යනවා.
    ශ්‍රමය අඩුනිසා ලාබය වැඩි නිසා යනවා.
    තව හිතෙන මත ටිකක දාපල්ලා. රනිල් නිසා යනවා කියන්නේ නැතුව :P :P
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    යූනියන් කාරයොත් එක්ක මෙහෙ කොම්පැණි ඉන්නේ නැහැ Thanks JVP අයියලාට

    FB-IMG-1671113899866.jpg
    මේ වසන්ත කොහොමත් හොද සල්ලිකාරයෙක් ආතර් සේනානායක එක්ක හොදට සෙට් වෙලා ඉන්නේ