Jaffna - Help යාපනේ යන්න උදාව්

danne

Junior member
  • Jan 20, 2016
    46
    0
    18
    Train thiyenawa intercity. ekath poddak balapan machan sapata gihin enna puluwan. paressamin waren
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Train thiyenawa intercity. ekath poddak balapan machan sapata gihin enna puluwan. paressamin waren

    මචෝ හදිස්සියෙ සෙට් කරගත්තේ.. ට්‍රේන් බුක් කරන්න බැරි උනා...
    බස් එක තමයි බුක් කරගත්තේ..
    තෑන්ක්ස් මචං..


    හෙන කට්ටක් හැබැයි ඕක.. :shocked:

    නෑ කියන්නේ නෑ..
    කට්ට ගැන විස්තරේ ලබන සඳුදට කියන්නම්කෝ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචං කියලා නිමකරන්න බැහැ උඹ කියලා දීපු විස්තර වල වටිනකම..
    පට්ටම වටිනවා..
    පිං සිද්ද වෙනවා උඹට.
    මම හිතුවෙ උඹ දන්නේ කෝච්චි ගැන විතරයි කියලා...:P
    ඔව් මචං.. මහන්සි තමයි.. ඒත් බං අපේ තියෙන බිසි ශෙඩූල් එක්ක :(මෙහෙම තමයි කරන්න වෙන්නේ...

    උඹ මුලු ත්‍රෙඩ් එකම පිං අනුමෝදනාවක් කොරා නේ..:lol: :lol: :lol:
    මට බයයි බං එකා පරටම නිවන් යාවිද කියලා. උඹ දීලා තියෙන පිං තොගෙ හැටියට.. :rofl:
    වැඩි විස්ථර සඳහා බලන්න අපේ යාපනේ සංචාරය.. ;)

    480670_10151484458136418_1353822559_n.jpg


    64890_10151484465121418_1427140527_n.jpg


    542678_10151484463786418_1704792965_n.jpg



    734517_10151484453616418_1426274146_n.jpg
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹ මුලු ත්‍රෙඩ් එකම පිං අනුමෝදනාවක් කොරා නේ..:lol: :lol: :lol:
    මට බයයි බං එකා පරටම නිවන් යාවිද කියලා. උඹ දීලා තියෙන පිං තොගෙ හැටියට.. :rofl:
    වැඩි විස්ථර සඳහා බලන්න අපේ යාපනේ සංචාරය.. ;)

    480670_10151484458136418_1353822559_n.jpg


    64890_10151484465121418_1427140527_n.jpg


    542678_10151484463786418_1704792965_n.jpg



    734517_10151484453616418_1426274146_n.jpg

    පිං කොච්චර හම්බ උනත් වැඩි වෙන්නේ නැහැ බං...:P
    වටිනවා..
    තව අමතක වෙච්ච දේවල් තියෙනම් දැනුවත් කරපන්...:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිං කොච්චර හම්බ උනත් වැඩි වෙන්නේ නැහැ බං...:P
    වටිනවා..
    තව අමතක වෙච්ච දේවල් තියෙනම් දැනුවත් කරපන්...:)

    කියන්න දේවල් නම් තියෙනවා. උඹේ ශෙඩියුල් එක පට්ට ටයිඩ් බං. ඒ නිසා උඹට තව දේවල් කියන්න අමාරුයි.. :(
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කියන්න දේවල් නම් තියෙනවා. උඹේ ශෙඩියුල් එක පට්ට ටයිඩ් බං. ඒ නිසා උඹට තව දේවල් කියන්න අමාරුයි.. :(

    එල එල..
    ගිහිල්ලා ඇවිල්ලා විස්තර කියන්නම්කෝ....
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අපිත් Trinco ගිහින් ආවා 16-19, Bus එකේ යනවට වඩා Train එකේ යන්න Try එකක් දීපන් මචං Bus එකේ ගිහින් එනවා කියන්නේ පට්ට අමාරුයි ඇගට
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපිත් Trinco ගිහින් ආවා 16-19, Bus එකේ යනවට වඩා Train එකේ යන්න Try එකක් දීපන් මචං Bus එකේ ගිහින් එනවා කියන්නේ පට්ට අමාරුයි ඇගට

    මචං යන ට්‍රේන් බුක් වෙලා..
    එද්දි ට්‍රේන් එකේ එන්න ට්‍රයි එකක් දෙනවා..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :rolleyes:
    යාපනේ සඳහා විමසන්න අපේ බාටා මාමි..

    මෙහෙමයි පුතා.. බලන්න නම් සෑහෙන්න තියේ. හෙට රෑ ගිහිල්ලා 23 එලිවෙන්න පාන්දර යාපනේ ගිහින් ආයේ එදා රෑම බස් එකේ එනකොට උඹට හිතේවි ආපු මෝඩකම කියලා. බස් එකේ යනවා කියන්නේ පට්ටම මහන්සියි. උඹට යන්නම යන්නම යන්නම යන්නම ඕනේ නම් මෙහෙම කරාපං. උදේ පාන්දර යාපනේ බැහැලා බඩට මොනා හරි දාගේන කුරිකට්ටුවාන් වලට බස් එකේ නැගපං. කුරිකට්ටුවාන් ජැටියෙන් නයිනතිව් බෝට්ටුවේ ගිහින් පුළුවන් ඉක්මනින් නාගදීපේයි කෝවිලයි වැඳගෙන ආයේ කුරිකට්ටුවාන් වලට වරෙන්. ආයේ බස් එකේ යාපනේට. මග තියෙන කදුරුගොඩ විහාරේ බලන්න බෑ උඹට. ඔය ගමන ගිහින් එනකොට දවල් 2 වත් වෙනවා. (ඉක්මනටම ආවොත්. නැලවි නැලවි ඉන්නේ නැතුව නයිනතිව් වල) ඊට පස්සේ බඩට මොනා හරි දාගෙන දවල්ට කෙලින්ම ඇදපං ත්‍රිවිල් එකක් අරගෙන කොටුවට, පුස්ථකාලයට, විශ්ව විද්‍යාලයට,ලිඳ ගාවට. ඔය ටික බලලා කොටුවෙත් ඇවිදලා එනකොට 6 වේවි. ඊට පස්සේ නල්ලූර් කෝවිලට පලයං. කෝවිල වැඳලා එතනම තියෙන රියෝ එකෙන් අයිස්ක්‍රීම් කාලා බස් එකේ නැගපං.

    මට නම් කියන්න තියෙන්නේ ඔය යන ගමන බොරු මහන්සියක් විතරයි කියලා. යාපනේ කියන්නේ අවම දවස් 03ක සංචාරයක්. උඹව ඩීමොටිවේට් කරන්න නෙමෙයි කීවේ. ඇත්ත කීවේ.

    ප.ලි. ඔය අපේ බාටාකාරයා. ඕකා යාපනේ හිරේ හිටියා කාලයක්.

    sorry, den rooms iwarai. 120 pack eke indians 350k wage innawa :D
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    Suba gamanak wawa......!!!!
    Mamath Tama Jafana gehen Nea
    Yana keyala Car ekak gatth Lagadima yanawa
    Gehen awith Wistra Dapan
    Maka Jafna okkoma keyawwa
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන් මගේ අදහසනම් මේකයි.කෝච්චි පෙරා කිව්වා වගේ උඹ යන ඔය ගමනෙන් ඇති වැඩක් නෑ.දවස් 3ක් වත් ඕනේ යාපනය හරියට බලාගන්න නම්.මම අවුරුදු 3ක් 3න් පාරක් මුලතිව් යාපනය ගියා.අන්තිමට ගියේ එළකිරියේ ටීම් ට්‍රැවලර් සෙට් ඒකත් එක්ක .
    උඹට යන්නම ඕනේ නිසා මෙහෙම කියන්නම් මම මගේ දැනුමට අනුව

    පුලුවන්නම් උදේ 7.30 ට කලින් යාපනේ ඉන්න ට්‍රයි කරපන් මචන්.
    උදේ යාපනෙන් බැස්ස ගමන් කන දෙයක් ඉක්මනින් කාලා 776 කුරිකට්ටුවාන් බස් එකක නැගපන්.කුරිකට්ටුවාන් වලට 32km වගේ තියෙනවා.දල වශයෙන් පැයක් වත් යයි.උඹ 7.45 ට පිටත් උනොත් 8.45 එතන..කුටිකට්ටුවාන් වලින් නාගදිපෙට බෝට්ටුවේ යන්න විනාඩි 20ක් විතර යනවා.(23 පෝය දවසක් නිසා සෙනග වැඩි වෙන්න ඉඩ තියෙනවා මචන්.පෝලිම තිබුණොත් බෝට්ටුවට නගින්න ටිකක් වෙලා යයි)තව විනාඩි 10ක් තියලා වෙලාව ගමු.9.15 ට නාගදිපේ.නගදිපෙන් ආපහු 9.45 ට පිටත් උනොත් 10.15 ට කුරිකට්ටුවාන්.10.30 ට පිටත් උනොත් 11 ට යාපනේ.

    බස් එක යාපනේ අර්ධද්වීපයට ඇතුල් වෙනවත් එක්ක තියෙන roundabout එක ගාවින් බහින්න.දකුණු පැත්තෙන් පෙනෙයි යාපනේ කොටුව.පයින් යන දුර(700m) එතනට.එතන බලලා පුස්තකාලේ බලන්න යන්න පුළුවන්(400 m). ඔය ටික බලලා ඉවර වෙද්දී 11.30 වගේ වෙයි.

    දැන් කෙලින්ම පලයන් මචන් බස් ස්ටෑන්ඩ් එක ගාවට ඒ හරියේ තියෙනවා කෑම කඩ.1 km වගේ තියෙනවා විල් එකක් අරන් යමන්.බඩ පිරෙන්න කාපන්.
    12 විතර වෙදිදි යන්න ලෑස්තියි වෙන්න ඉතුරු ටික.

    පාරවල් 2ක් තියෙනවා යන්න නිලවරයි පතුලක් නැති ලිඳ ගාවට යන්න.
    1)පේදුරුතුඩුව 750 බස් එකක නැගලා පුත්තුර් හන්දියෙන් බහින්න.එතන ඉඳන් විල් එකකින් යන්න පුළුවන්.
    2)පලාලි පාරේ යන බස් එකක නැගලා පුන්නලයික්කඩ්ඩුවාන් හන්දියෙන් බැහැලා විල් එකක යන්න
    දෙවෙනියට කිව්ව පාර 3-4 km විතර ලඟයි.බස් තියෙන විදිහ අනුව තීරණය කරන්න යන පාර
    හැබැයි විල් එකේ යන්න තියෙන දුර පලවෙනි පාරේදී අඩුයි
    12.30 වෙද්දී එතනට යන්න පුළුවන් වෙයි.නිකම්ම ලිඳ බලන්න විතරයි තියෙන්නේ.
    ඔතනින් බලන්න කන්තරෝඩායි(කදුරුගොඩ) පැත්තට යන බස් එකක් තියෙනවද කියලා.තියෙනවනම් එකේ ගිහින් කදුරුගොඩ යන්න පුළුවන්.අවුලක් නැත්නම් විල් එකේම යන්න 13 km වගේ තියෙනවා. 1.15 වෙද්දී යන්න පුළුවන් වෙයි එතනට.

    විල් කාරයව සෙට් කරගන්න පුලුවන්නම් මම කියන්නේ උඹට ඔතනින්ම දඹකොළ පටුනටම යන්න පුළුවන් තව 13 km වගේ තියෙනවා.2.45 වුනා කියලා හිතමු.දඹකොළ පටුන ගිහින් කන්කසන්තුරේ පැත්තට ගිහින් කීරමලේ පොකුණ සහ කෝවිල බලන්න විල් එකේම.එතනට 3.30 වගේ වෙයි.(මතක ඇතුව එහෙම යනවනම් කදුරුගොඩ හරියෙන් විල් එකක් සෙට් කරගන්න.)එතනින් කන්කසන්තුරේ යාපනය පාරේ එන ගමන් පරණ සිමෙන්ති ෆැක්ටරි ඒකත් යන්තම් බලාගෙන චුන්නාකම් හන්දියෙන් බහින්න.3 විල් කාරයට කන්කසන්තුරේ ඉඳන් එන්න වෙයි කියලා අකමැති උනොත් කියලයි එහෙම කිව්වේ.4.00 විතර වෙද්දී චුන්නාකම් වල.එතනින් යාපනය බස් එකක නැගලා වරෙන්.4.30 විතර වෙද්දී යාපනේ.එතනින් 750 පේදුරුතුඩුව බස් එකක නැගලා නල්ලුර් කෝවිලට ගිහින් බලලා රියෝ එකට ඇවිත් බඩ පිරෙන්න අයිස් ක්‍රීම් කාපන් හොඳේ :rofl:

    අයිස් ක්‍රීම් කාලා නැලවී නැලවී ඇවිත් 8 බස් එකේ අපහු වරෙන්

    සැයු.
    මගේ අත්දැකීම් අනුව,දුර අනුව සහ ස්ථානය අනුව තමා මේ ටික කිව්වේ.උඹට මේ ටික කිව්වේ දවසින් උපරිම කවර් කර ගන්න පුළුවන් වෙන විදිහට.නිකරුනේ කොහේ හෝ පරක්කු වීමෙන් බලන්න තියෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්.වෙලාවත් පය කාල බාගේ එහෙ මෙහෙ වෙන්න පුළුවන්.විශේෂයෙන්ම නාගදිපේ ගිහින් එන වෙලාව දරුණුවටම බලපානවා මේකට.උදේ යාපනෙන් බැස්ස ගමන්ම නාගදිපේ යන්න කියලා තමා කියන්න වෙන්නේ.


    තව දැනගන්න තියෙනවනම් අහපන් මචන්
     
    • Like
    Reactions: Radical78