මචන් මගේ අදහසනම් මේකයි.කෝච්චි පෙරා කිව්වා වගේ උඹ යන ඔය ගමනෙන් ඇති වැඩක් නෑ.දවස් 3ක් වත් ඕනේ යාපනය හරියට බලාගන්න නම්.මම අවුරුදු 3ක් 3න් පාරක් මුලතිව් යාපනය ගියා.අන්තිමට ගියේ එළකිරියේ ටීම් ට්රැවලර් සෙට් ඒකත් එක්ක .
උඹට යන්නම ඕනේ නිසා මෙහෙම කියන්නම් මම මගේ දැනුමට අනුව
පුලුවන්නම් උදේ 7.30 ට කලින් යාපනේ ඉන්න ට්රයි කරපන් මචන්.
උදේ යාපනෙන් බැස්ස ගමන් කන දෙයක් ඉක්මනින් කාලා 776 කුරිකට්ටුවාන් බස් එකක නැගපන්.කුරිකට්ටුවාන් වලට 32km වගේ තියෙනවා.දල වශයෙන් පැයක් වත් යයි.උඹ 7.45 ට පිටත් උනොත් 8.45 එතන..කුටිකට්ටුවාන් වලින් නාගදිපෙට බෝට්ටුවේ යන්න විනාඩි 20ක් විතර යනවා.(23 පෝය දවසක් නිසා සෙනග වැඩි වෙන්න ඉඩ තියෙනවා මචන්.පෝලිම තිබුණොත් බෝට්ටුවට නගින්න ටිකක් වෙලා යයි)තව විනාඩි 10ක් තියලා වෙලාව ගමු.9.15 ට නාගදිපේ.නගදිපෙන් ආපහු 9.45 ට පිටත් උනොත් 10.15 ට කුරිකට්ටුවාන්.10.30 ට පිටත් උනොත් 11 ට යාපනේ.
බස් එක යාපනේ අර්ධද්වීපයට ඇතුල් වෙනවත් එක්ක තියෙන roundabout එක ගාවින් බහින්න.දකුණු පැත්තෙන් පෙනෙයි යාපනේ කොටුව.පයින් යන දුර(700m) එතනට.එතන බලලා පුස්තකාලේ බලන්න යන්න පුළුවන්(400 m). ඔය ටික බලලා ඉවර වෙද්දී 11.30 වගේ වෙයි.
දැන් කෙලින්ම පලයන් මචන් බස් ස්ටෑන්ඩ් එක ගාවට ඒ හරියේ තියෙනවා කෑම කඩ.1 km වගේ තියෙනවා විල් එකක් අරන් යමන්.බඩ පිරෙන්න කාපන්.
12 විතර වෙදිදි යන්න ලෑස්තියි වෙන්න ඉතුරු ටික.
පාරවල් 2ක් තියෙනවා යන්න නිලවරයි පතුලක් නැති ලිඳ ගාවට යන්න.
1)පේදුරුතුඩුව 750 බස් එකක නැගලා පුත්තුර් හන්දියෙන් බහින්න.එතන ඉඳන් විල් එකකින් යන්න පුළුවන්.
2)පලාලි පාරේ යන බස් එකක නැගලා පුන්නලයික්කඩ්ඩුවාන් හන්දියෙන් බැහැලා විල් එකක යන්න
දෙවෙනියට කිව්ව පාර 3-4 km විතර ලඟයි.බස් තියෙන විදිහ අනුව තීරණය කරන්න යන පාර
හැබැයි විල් එකේ යන්න තියෙන දුර පලවෙනි පාරේදී අඩුයි
12.30 වෙද්දී එතනට යන්න පුළුවන් වෙයි.නිකම්ම ලිඳ බලන්න විතරයි තියෙන්නේ.
ඔතනින් බලන්න කන්තරෝඩායි(කදුරුගොඩ) පැත්තට යන බස් එකක් තියෙනවද කියලා.තියෙනවනම් එකේ ගිහින් කදුරුගොඩ යන්න පුළුවන්.අවුලක් නැත්නම් විල් එකේම යන්න 13 km වගේ තියෙනවා. 1.15 වෙද්දී යන්න පුළුවන් වෙයි එතනට.
විල් කාරයව සෙට් කරගන්න පුලුවන්නම් මම කියන්නේ උඹට ඔතනින්ම දඹකොළ පටුනටම යන්න පුළුවන් තව 13 km වගේ තියෙනවා.2.45 වුනා කියලා හිතමු.දඹකොළ පටුන ගිහින් කන්කසන්තුරේ පැත්තට ගිහින් කීරමලේ පොකුණ සහ කෝවිල බලන්න විල් එකේම.එතනට 3.30 වගේ වෙයි.(මතක ඇතුව එහෙම යනවනම් කදුරුගොඩ හරියෙන් විල් එකක් සෙට් කරගන්න.)එතනින් කන්කසන්තුරේ යාපනය පාරේ එන ගමන් පරණ සිමෙන්ති ෆැක්ටරි ඒකත් යන්තම් බලාගෙන චුන්නාකම් හන්දියෙන් බහින්න.3 විල් කාරයට කන්කසන්තුරේ ඉඳන් එන්න වෙයි කියලා අකමැති උනොත් කියලයි එහෙම කිව්වේ.4.00 විතර වෙද්දී චුන්නාකම් වල.එතනින් යාපනය බස් එකක නැගලා වරෙන්.4.30 විතර වෙද්දී යාපනේ.එතනින් 750 පේදුරුතුඩුව බස් එකක නැගලා නල්ලුර් කෝවිලට ගිහින් බලලා රියෝ එකට ඇවිත් බඩ පිරෙන්න අයිස් ක්රීම් කාපන් හොඳේ
අයිස් ක්රීම් කාලා නැලවී නැලවී ඇවිත් 8 බස් එකේ අපහු වරෙන්
සැයු.
මගේ අත්දැකීම් අනුව,දුර අනුව සහ ස්ථානය අනුව තමා මේ ටික කිව්වේ.උඹට මේ ටික කිව්වේ දවසින් උපරිම කවර් කර ගන්න පුළුවන් වෙන විදිහට.නිකරුනේ කොහේ හෝ පරක්කු වීමෙන් බලන්න තියෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්.වෙලාවත් පය කාල බාගේ එහෙ මෙහෙ වෙන්න පුළුවන්.විශේෂයෙන්ම නාගදිපේ ගිහින් එන වෙලාව දරුණුවටම බලපානවා මේකට.උදේ යාපනෙන් බැස්ස ගමන්ම නාගදිපේ යන්න කියලා තමා කියන්න වෙන්නේ.
තව දැනගන්න තියෙනවනම් අහපන් මචන්
පට්ට වටිනවා මචෝ...
කියන්න වචන නැහැ..
බොහොම ස්තුතියි මචෝ..





