Jaffna - Help යාපනේ යන්න උදාව්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් මගේ අදහසනම් මේකයි.කෝච්චි පෙරා කිව්වා වගේ උඹ යන ඔය ගමනෙන් ඇති වැඩක් නෑ.දවස් 3ක් වත් ඕනේ යාපනය හරියට බලාගන්න නම්.මම අවුරුදු 3ක් 3න් පාරක් මුලතිව් යාපනය ගියා.අන්තිමට ගියේ එළකිරියේ ටීම් ට්‍රැවලර් සෙට් ඒකත් එක්ක .
    උඹට යන්නම ඕනේ නිසා මෙහෙම කියන්නම් මම මගේ දැනුමට අනුව

    පුලුවන්නම් උදේ 7.30 ට කලින් යාපනේ ඉන්න ට්‍රයි කරපන් මචන්.
    උදේ යාපනෙන් බැස්ස ගමන් කන දෙයක් ඉක්මනින් කාලා 776 කුරිකට්ටුවාන් බස් එකක නැගපන්.කුරිකට්ටුවාන් වලට 32km වගේ තියෙනවා.දල වශයෙන් පැයක් වත් යයි.උඹ 7.45 ට පිටත් උනොත් 8.45 එතන..කුටිකට්ටුවාන් වලින් නාගදිපෙට බෝට්ටුවේ යන්න විනාඩි 20ක් විතර යනවා.(23 පෝය දවසක් නිසා සෙනග වැඩි වෙන්න ඉඩ තියෙනවා මචන්.පෝලිම තිබුණොත් බෝට්ටුවට නගින්න ටිකක් වෙලා යයි)තව විනාඩි 10ක් තියලා වෙලාව ගමු.9.15 ට නාගදිපේ.නගදිපෙන් ආපහු 9.45 ට පිටත් උනොත් 10.15 ට කුරිකට්ටුවාන්.10.30 ට පිටත් උනොත් 11 ට යාපනේ.

    බස් එක යාපනේ අර්ධද්වීපයට ඇතුල් වෙනවත් එක්ක තියෙන roundabout එක ගාවින් බහින්න.දකුණු පැත්තෙන් පෙනෙයි යාපනේ කොටුව.පයින් යන දුර(700m) එතනට.එතන බලලා පුස්තකාලේ බලන්න යන්න පුළුවන්(400 m). ඔය ටික බලලා ඉවර වෙද්දී 11.30 වගේ වෙයි.

    දැන් කෙලින්ම පලයන් මචන් බස් ස්ටෑන්ඩ් එක ගාවට ඒ හරියේ තියෙනවා කෑම කඩ.1 km වගේ තියෙනවා විල් එකක් අරන් යමන්.බඩ පිරෙන්න කාපන්.
    12 විතර වෙදිදි යන්න ලෑස්තියි වෙන්න ඉතුරු ටික.

    පාරවල් 2ක් තියෙනවා යන්න නිලවරයි පතුලක් නැති ලිඳ ගාවට යන්න.
    1)පේදුරුතුඩුව 750 බස් එකක නැගලා පුත්තුර් හන්දියෙන් බහින්න.එතන ඉඳන් විල් එකකින් යන්න පුළුවන්.
    2)පලාලි පාරේ යන බස් එකක නැගලා පුන්නලයික්කඩ්ඩුවාන් හන්දියෙන් බැහැලා විල් එකක යන්න
    දෙවෙනියට කිව්ව පාර 3-4 km විතර ලඟයි.බස් තියෙන විදිහ අනුව තීරණය කරන්න යන පාර
    හැබැයි විල් එකේ යන්න තියෙන දුර පලවෙනි පාරේදී අඩුයි
    12.30 වෙද්දී එතනට යන්න පුළුවන් වෙයි.නිකම්ම ලිඳ බලන්න විතරයි තියෙන්නේ.
    ඔතනින් බලන්න කන්තරෝඩායි(කදුරුගොඩ) පැත්තට යන බස් එකක් තියෙනවද කියලා.තියෙනවනම් එකේ ගිහින් කදුරුගොඩ යන්න පුළුවන්.අවුලක් නැත්නම් විල් එකේම යන්න 13 km වගේ තියෙනවා. 1.15 වෙද්දී යන්න පුළුවන් වෙයි එතනට.

    විල් කාරයව සෙට් කරගන්න පුලුවන්නම් මම කියන්නේ උඹට ඔතනින්ම දඹකොළ පටුනටම යන්න පුළුවන් තව 13 km වගේ තියෙනවා.2.45 වුනා කියලා හිතමු.දඹකොළ පටුන ගිහින් කන්කසන්තුරේ පැත්තට ගිහින් කීරමලේ පොකුණ සහ කෝවිල බලන්න විල් එකේම.එතනට 3.30 වගේ වෙයි.(මතක ඇතුව එහෙම යනවනම් කදුරුගොඩ හරියෙන් විල් එකක් සෙට් කරගන්න.)එතනින් කන්කසන්තුරේ යාපනය පාරේ එන ගමන් පරණ සිමෙන්ති ෆැක්ටරි ඒකත් යන්තම් බලාගෙන චුන්නාකම් හන්දියෙන් බහින්න.3 විල් කාරයට කන්කසන්තුරේ ඉඳන් එන්න වෙයි කියලා අකමැති උනොත් කියලයි එහෙම කිව්වේ.4.00 විතර වෙද්දී චුන්නාකම් වල.එතනින් යාපනය බස් එකක නැගලා වරෙන්.4.30 විතර වෙද්දී යාපනේ.එතනින් 750 පේදුරුතුඩුව බස් එකක නැගලා නල්ලුර් කෝවිලට ගිහින් බලලා රියෝ එකට ඇවිත් බඩ පිරෙන්න අයිස් ක්‍රීම් කාපන් හොඳේ :rofl:

    අයිස් ක්‍රීම් කාලා නැලවී නැලවී ඇවිත් 8 බස් එකේ අපහු වරෙන්

    සැයු.
    මගේ අත්දැකීම් අනුව,දුර අනුව සහ ස්ථානය අනුව තමා මේ ටික කිව්වේ.උඹට මේ ටික කිව්වේ දවසින් උපරිම කවර් කර ගන්න පුළුවන් වෙන විදිහට.නිකරුනේ කොහේ හෝ පරක්කු වීමෙන් බලන්න තියෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්.වෙලාවත් පය කාල බාගේ එහෙ මෙහෙ වෙන්න පුළුවන්.විශේෂයෙන්ම නාගදිපේ ගිහින් එන වෙලාව දරුණුවටම බලපානවා මේකට.උදේ යාපනෙන් බැස්ස ගමන්ම නාගදිපේ යන්න කියලා තමා කියන්න වෙන්නේ.

    තව දැනගන්න තියෙනවනම් අහපන් මචන්

    පට්ට වටිනවා මචෝ...
    කියන්න වචන නැහැ..
    බොහොම ස්තුතියි මචෝ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් මගේ අදහසනම් මේකයි.කෝච්චි පෙරා කිව්වා වගේ උඹ යන ඔය ගමනෙන් ඇති වැඩක් නෑ.දවස් 3ක් වත් ඕනේ යාපනය හරියට බලාගන්න නම්.මම අවුරුදු 3ක් 3න් පාරක් මුලතිව් යාපනය ගියා.අන්තිමට ගියේ එළකිරියේ ටීම් ට්‍රැවලර් සෙට් ඒකත් එක්ක .
    උඹට යන්නම ඕනේ නිසා මෙහෙම කියන්නම් මම මගේ දැනුමට අනුව

    සැයු.
    මගේ අත්දැකීම් අනුව,දුර අනුව සහ ස්ථානය අනුව තමා මේ ටික කිව්වේ.උඹට මේ ටික කිව්වේ දවසින් උපරිම කවර් කර ගන්න පුළුවන් වෙන විදිහට.නිකරුනේ කොහේ හෝ පරක්කු වීමෙන් බලන්න තියෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්.වෙලාවත් පය කාල බාගේ එහෙ මෙහෙ වෙන්න පුළුවන්.විශේෂයෙන්ම නාගදිපේ ගිහින් එන වෙලාව දරුණුවටම බලපානවා මේකට.උදේ යාපනෙන් බැස්ස ගමන්ම නාගදිපේ යන්න කියලා තමා කියන්න වෙන්නේ.

    තව දැනගන්න තියෙනවනම් අහපන් මචන්

    වෙල් සෙඩ් චමිතා... වෙරි වෙල් සෙඩ්.. පරක්කු වෙන්නේ නැත්තං ඉතින් බලන්න පුළුවන්. ඒක තියෙන්නේ ඇවිදින බොලා දෙන්න අතේ තමා මචං. :cool:
    ඔය චමිතා කියලා තියෙන්නේ බස් රූට් ටික. මම 04 පාරක් යාපනේ ගියත් බස් එකේ ගිහින් නැති නිසා රූට් නම්බර්ස් ගැන මතකයක් නෑ. ඒත් අපේ කුප්ප සීපී කීවා නම් ලොවෙත් හරි. මූ ඇවිදින ගූගල් මැප් එක නේහ්..

    ඔය විදියට ඔය ඔක්කොම කවර් කරලා තව කාමරයක් අරගෙන පැය දෙකක නින්දකුත් දාන්න තිබුනා වෑන් එකේ සුක්කානම නදියට දුන්නා නම්. :rofl:
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වෙල් සෙඩ් චමිතා... වෙරි වෙල් සෙඩ්.. පරක්කු වෙන්නේ නැත්තං ඉතින් බලන්න පුළුවන්. ඒක තියෙන්නේ ඇවිදින බොලා දෙන්න අතේ තමා මචං. :cool:
    ඔය චමිතා කියලා තියෙන්නේ බස් රූට් ටික. මම 04 පාරක් යාපනේ ගියත් බස් එකේ ගිහින් නැති නිසා රූට් නම්බර්ස් ගැන මතකයක් නෑ. ඒත් අපේ කුප්ප සීපී කීවා නම් ලොවෙත් හරි. මූ ඇවිදින ගූගල් මැප් එක නේහ්..

    ඔය විදියට ඔය ඔක්කොම කවර් කරලා තව කාමරයක් අරගෙන පැය දෙකක නින්දකුත් දාන්න තිබුනා වෑන් එකේ සුක්කානම නදියට දුන්නා නම්. :rofl:

    ඔව් බං..
    ඌ කියලා තියෙන දේවල් මාර වටිනවා..
    ගිහිල්ලා ඇවිල්ලා විස්තරයක් දෙන්නම්..
    ජය!
     
    PVCMadhushan

    Member
    Sep 19, 2014
    5
    0
    0
    මචන් මේ වැඩේ දවසින් කරන්න ටිකක් අමාරුයි.උබට එහෙන් vehicle 1ක් ගන්න වෙයි මට නම් හිතෙන්නේ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් මේ වැඩේ දවසින් කරන්න ටිකක් අමාරුයි.උබට එහෙන් vehicle 1ක් ගන්න වෙයි මට නම් හිතෙන්නේ..

    ඔව් මචං.. ගිහිල්ලම කතා කරලා බලනවා..
    ගිහින් ඇවිත් විස්තර කියන්නම්කෝ..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පට්ට වටිනවා මචෝ...
    කියන්න වචන නැහැ..
    බොහොම ස්තුතියි මචෝ..

    11.gif

    පුළුවන් නම් මචන් මම ඔය කියපු ප්ලේස් ටික ඔය කියපු වෙලාවත් එක්ක ලියාගෙන යන්න දුරත් එක්කම
    ඒක ට්‍රිප් එක මැනේජ් කරගන්න ප්‍රයෝජනවත් වෙයි.වෙලා ගියත් අන්තිමට බලන්නේ කොතනද කියලාවත් තීරණය කරගන්න පුළුවන් වෙයි වෙලාවත් එක්ක.
    යාපනයෙන් වහනයක් කතා කරගන්න පුලුවන්නම් වැඩේ තවත් ලේසි.මුළු දුර 150 km වලට අඩුයි.150 km කියලා හිතලා කියද කියලා අහල බලන්න.
    ගමන සාර්ථක වෙන්න කියලා කියනවා
    11.gif
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වෙල් සෙඩ් චමිතා... වෙරි වෙල් සෙඩ්.. පරක්කු වෙන්නේ නැත්තං ඉතින් බලන්න පුළුවන්. ඒක තියෙන්නේ ඇවිදින බොලා දෙන්න අතේ තමා මචං. :cool:
    ඔය චමිතා කියලා තියෙන්නේ බස් රූට් ටික. මම 04 පාරක් යාපනේ ගියත් බස් එකේ ගිහින් නැති නිසා රූට් නම්බර්ස් ගැන මතකයක් නෑ. ඒත් අපේ කුප්ප සීපී කීවා නම් ලොවෙත් හරි. මූ ඇවිදින ගූගල් මැප් එක නේහ්..

    ඔය විදියට ඔය ඔක්කොම කවර් කරලා තව කාමරයක් අරගෙන පැය දෙකක නින්දකුත් දාන්න තිබුනා වෑන් එකේ සුක්කානම නදියට දුන්නා නම්. :rofl:

    11.gif

    :lol::lol:
    මතකනේ නදියගේ යෑම :lol::lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    11.gif

    පුළුවන් නම් මචන් මම ඔය කියපු ප්ලේස් ටික ඔය කියපු වෙලාවත් එක්ක ලියාගෙන යන්න දුරත් එක්කම
    ඒක ට්‍රිප් එක මැනේජ් කරගන්න ප්‍රයෝජනවත් වෙයි.වෙලා ගියත් අන්තිමට බලන්නේ කොතනද කියලාවත් තීරණය කරගන්න පුළුවන් වෙයි වෙලාවත් එක්ක.
    යාපනයෙන් වහනයක් කතා කරගන්න පුලුවන්නම් වැඩේ තවත් ලේසි.මුළු දුර 150 km වලට අඩුයි.150 km කියලා හිතලා කියද කියලා අහල බලන්න.
    ගමන සාර්ථක වෙන්න කියලා කියනවා
    11.gif

    මචං මම ප්‍රින්ට් එකක් අරගෙන ඕන ඒවා මාක් කරගත්තා..
    වාහනයක් කතා කරගන්න තමයි හිතන් ඉන්නේ..
    අනිවා කොහොම හරි ඔක්කොම තැන් කවර් කරන් බලනවා..
    විස්තර කියන්ම්..
    උදව් වලට තෑන්ක්ස් අගේන්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචං මම ප්‍රින්ට් එකක් අරගෙන ඕන ඒවා මාක් කරගත්තා..
    වාහනයක් කතා කරගන්න තමයි හිතන් ඉන්නේ..
    අනිවා කොහොම හරි ඔක්කොම තැන් කවර් කරන් බලනවා..
    විස්තර කියන්ම්..
    උදව් වලට තෑන්ක්ස් අගේන්..

    පරිස්සමෙන් පලයං. ගිහින් ඇවුත් ත්‍රෙඩ් එකක් දාපං. ලින්ක් එක වී.ඇම්. කරපං. බස් එක ගන්නේ කොහෙන්ද? කොටුව? වැල්ලවත්ත? කොටහේන??
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පරිස්සමෙන් පලයං. ගිහින් ඇවුත් ත්‍රෙඩ් එකක් දාපං. ලින්ක් එක වී.ඇම්. කරපං. බස් එක ගන්නේ කොහෙන්ද? කොටුව? වැල්ලවත්ත? කොටහේන??

    අනිවා මචං...
    බස් එක ගන්නේ මගේ යාලුවා ඉන්න තැනින්.. කටුනායකින්..
    ලේක් හවුස් බස් එකේ යන්නේ..
    බස් එක බුක් කරලා තියෙන්නේ..
    රෑ 10ට වගේ බස් එක යන්නේ...
    ත්‍රෙඩ් එක දාලා ලින්ක් එක එවන්නම්කෝ..
    ස්තුතියි මචෝ!
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    කුකුලොහ්, ගිහින් ආවද? නැත්තම් යාපනෙම නවතුනාවත්ද?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    gihin enna athi neda den, updates dapan.

    mata thaamath yanna bari una town ekak thamayi Jaffna :(

    කුකුලොහ්, ගිහින් ආවද? නැත්තම් යාපනෙම නවතුනාවත්ද?

    ත්‍රෙඩ් එක හදන ගමන් ඉන්නේ...
    ඉක්මනටම දානවා..
    ඉවසලා හිටපල්ලා..