මම ENT specialists Dr.Narampanawa චැනල් කර private. Doctor නුවර ඉස්පිරිතලේට එන්න දවසක් දුන්නා test එකක් කරන්න. මට ලොකු විස්තරයක් අහන්න ගානක් ගියේ නෑ. නුවර ENT එකට ගියාම doctor ගේ නම කියලා ඩොක්ටර්ව හම්බ වෙන්න පුළුවන් වෙයි ද? කලින් doctor ගෙන් බෙහෙත් ගත්ත test කරවා ගත්ත කෙනෙක් ඉන්නවා නම් කියන්න විස්තරේ කොහොමද කියලා
උබ හොස්පිටල් එකට ගියා කියලා උබට ඩොක්ටර්ව ලේසියෙන් හම්බ වෙන්න බෑ.. එයාගේ ක්ලීනික් එකට උබව දාලා ඒකේ රෙජිස්ටර් කරලා , ඊට පස්සේ රතු නම්බරයක් දීලා නම්බරේ පිලිවෙලට තමා ගන්නේ.. ඒ ගන්නකොට ඩොක්ටර් නාරම්පනාව නෙවේ උබව බලන්නේ, එයාගේ යටතේ ඉන්න අය. එතන නාරම්පනාව එක්ක තව ඩොක්ටර්ස් ල 5 ක් ඉන්නවා.ඒ අයගෙන් කෙනෙක් ලගට තමා උබව දාන්නේ.
සාමාන්‍යයෙන් අලුත් අයට නොම්බර දෙනකොට උදේ 9 වගේ වෙනවා.. සමහර වෙලාවට 8.30 ටත් දෙනවා.. කලින් ගිහින් ඉන්න එක හොඳයි කෝකටත්.
බ්‍රහස්පතින්දා සිකුරාදා තමා නාරම්පනාව ගේ ක්ලිනික් දවස්.. ඒ දවස් වල තමා එයා ඉන්නේ අනිත් දවස් වලට ඉන්නේ ඩොක්ටර් සෙල්වරත්නම් සහ ඇතුල්ගම ඩොක්ටර්ස් ලා.
උබේ සීන් එක ඉන්බොක්ස් කරපන්.
මමත් ඔය ක්ලිනික් සෙසන් එකට නිතර යන එන කෙනෙක්.. සෝ ඔක්කොම දන්නව.