Lithium iroන් බැටරි

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මට දැනගන්ඩ කරුණු 3ක් තියෙනව
    1. ෆෝන් එකක් DC එකට කනෙක්ට් කරල දිගටම පාවිච්චි කරන එක හොඳද ? නැත්නම් බැටරියෙන් පාවිච්චි කල යුතුද ? (ලැප්ටොප් එකේ වගේ බැටරි cycles අඩුවෙන හන්ද)
    2.ඉහත කී දෙයම ලැප්ටොප් එකකටත් වලංගුද ?
    3.ලැප් එකක 100% චාජ් කරල පාවිච්චි නොකර පහුවදා බැලුවම 98%,95%...etc විතර තියෙද්දී ආය චාජ් එකට ගැහුවම "plugged in, not chaging " කියල වැටෙනව පස්සෙ ටිකක් බැටරිය අඩුවෙන්න පාවිච්චි කරල ආය ගැහුවම ෆුල්ම චාජ් වෙනව එහෙම වෙන්නෙ ඇයි ?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    man danna taramin mehemai....lithum ion mchn 100% charge karanna hoda ne...eke charge ekata passe cells expand wena scene ekak tiyenwa..ehema digatama full charge karama life time adu wenawa......lithuim walata 80-90% wage tamai healthyma charge eka....and puluwan taram frequently charge karanna puluwannan hodai...batterly lowma wenakan innwata wada tika tika ahuwena awhuwena welawata charage karanna puluwannan battery ekata hodai charge eka adu wenna denawata wada.....current eka gahala use karata kamak ne...but heavy applications games run karanne nethuwa..battery eka overheat wunaoth life time eka adu wenawa....phone walanan pupuranna chance eka tiyenwa wifi connect wela ehema charge karana gaman use karoth....ube lap eke battery protection ekak athi ekai overcharge wenna denne natte.....lithium wala maximam capacity walta lan wenakota cells expand wenawa..etakota chatge hold efficiency eka adu wenawa kalayath ekka....ubata 95-98% wage idan aye charge karanna heduwoth oya expand wena effect eka wenawa...eka lap eken protect karala athi...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මොබයිල් ෆොන් එක දිගටම චාජ් එකට ගහගෙනම පාවිච්චි කරන්න......?? :rofl: :lol:

    Land Phone එකක් ගත්තා නම් හරි...... :rofl:
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මොබයිල් ෆොන් එක දිගටම චාජ් එකට ගහගෙනම පාවිච්චි කරන්න......?? :rofl: :lol:

    Land Phone එකක් ගත්තා නම් හරි...... :rofl:
    :P මං අදහස් කලේ ප්ලග් එකක් සෙට් වුනාම (ගෙදර ඉන්නකොට වගේ) ඒකට ගහල use කරහැකිනේ බං
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    1. ෆෝන් එකක් DC එකට කනෙක්ට් කරල දිගටම පාවිච්චි කරන එක හොඳද ? නැත්නම් බැටරියෙන් පාවිච්චි කල යුතුද ? (ලැප්ටොප් එකේ වගේ බැටරි cycles අඩුවෙන හන්ද)
    Hoda na, ekak charge ekata gahala thiyena battery ekak blast wenna pawa ida thiyenawa,
    and battery eke ayu kalaya ikmanata adu wenawa.
    phone eka heat wenawa wadi

    2.ඉහත කී දෙයම ලැප්ටොප් එකකටත් වලංගුද ?
    charge full wela thiyeddi charger eken gawala use karanna ona, ethakota battery eka kalayak hodata use karanna puluwan

    3.ලැප් එකක 100% චාජ් කරල පාවිච්චි නොකර පහුවදා බැලුවම 98%,95%...etc විතර තියෙද්දී ආය චාජ් එකට ගැහුවම "plugged in, not chaging " කියල වැටෙනව පස්සෙ ටිකක් බැටරිය අඩුවෙන්න පාවිච්චි කරල ආය ගැහුවම ෆුල්ම චාජ් වෙනව එහෙම වෙන්නෙ ඇයි ?
    normally mehema wenne battery eka kale iwara wegena enakota.
    wenath hethu nodanimi

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Lithium Ion Batteries බොහොම ඉක්මනට ගිනි ගන්නවා වගේම පුපුරනවා. එහෙම වෙන්නෙ over Charge, Over heat වුනාම. තව තැලීමකට වගේ ලක් වුනාම. තව over discharge වුනාම cells සවුත්තු වෙනවා.

    ඒක නිසා හැම consumer electronic device එකක් එක්කම එන lithium ion battery එකකටම protection circuit එකක් අනිවා තියනවා. ඒකෙන් වෙන්නෙ ෆෝන් එකක නම් 3.7v වලදියි ලැප්ටොප් එකක නම් තනි cell එක 4.2v වලදියි චාජ් වෙන එක නවත්තන්නයි (high voltage cutoff) 2.7v වලදි discharge වෙන එක නවත්තන්නයි (low voltage cutoff) (device එකෙන් device එකට voltage limits වෙනස් වෙනවා. ඒත් lithium ion battery එකකට යන්න පුලුවන් උපරිම safe voltage එක 4.2v කියලා තමා කියන්නෙ).

    Theoretically බැලුවොත් එහෙම protection circuit එකක් තියනවනං හා ඒ circuit එක නියම විදියට වැඩ කරනවනං දිගටම AC adapter එක ගහලා පාවිච්චි කලාට කමක් නෑ අදාල device එක.

    :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට දැනගන්ඩ කරුණු 3ක් තියෙනව
    1. ෆෝන් එකක් DC එකට කනෙක්ට් කරල දිගටම පාවිච්චි කරන එක හොඳද ? නැත්නම් බැටරියෙන් පාවිච්චි කල යුතුද ? (ලැප්ටොප් එකේ වගේ බැටරි cycles අඩුවෙන හන්ද)

    ගැටළුවක් නැහැ එහෙම පාවිච්චි කරන්න පුළුවන් li-ion battery වල inbuilt overcharge protection එකක් තියනවා මොකද li-ion overcharge උනාම පුපුරනවා. එකම දේ heat එක battery වලට හොද නැහැ charge වෙද්දී තරමක් රත් වෙනවා නේ ඉතින් use කරද්දී ඇති වෙන රස්නෙඉ එක්ක ටිකක් වැඩිපුර රත් වෙන්න් පුළුවන් එත් ගොඩක්ම රත් වෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ

    2.ඉහත කී දෙයම ලැප්ටොප් එකකටත් වලංගුද ?

    ඔව් laptop වල නම් කොහොමත් ප්‍රශ්නයක් නැහැ රත් වෙන ප්‍රශ්න battery එකට බලපානවා අඩු නිසා (laptop එකේ cooling තියන නිසා සහ laptop එක ලොකු නිසා)

    3.ලැප් එකක 100% චාජ් කරල පාවිච්චි නොකර පහුවදා බැලුවම 98%,95%...etc විතර තියෙද්දී ආය චාජ් එකට ගැහුවම "plugged in, not chaging " කියල වැටෙනව පස්සෙ ටිකක් බැටරිය අඩුවෙන්න පාවිච්චි කරල ආය ගැහුවම ෆුල්ම චාජ් වෙනව එහෙම වෙන්නෙ ඇයි ?

    පේන විදිහට ඔයාගේ battery එක original capacity එකෙන් 95%-98% අතර තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ කල් යද්දී ඔහොහ්ම වෙනවා
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    විදුලියට සම්බන්ද කරලා තිබුනට මොනවත් වෙන්නේ නැහැ. batter එකෙන් self charge වෙන එක නවත්තනවා 100% වුනාට පස්සේ. battery cycles ඉවර වුන කියල battery එක වැඩ කරන්නේ නැතුව යන්නේ න නමුත් ධාරිතාව අඩු වෙනවා ටිකෙන් ටික.
    ලැප්ටොප් කියල වෙනසක් නැහැ.නමුත් phone වලට දාන ප්‍රමිතිය අඩු battery නිසා phone එක පුපුරන්න ඉඩ තියෙනවා.

    li-on battery වලට heat එක agunai. පුළුවන් තරම් රත් වෙන්න නොදී තියාගන්න.

    මාසෙකට සැරයක්වත් phone laptop දෙකම calibrate කරන්න ඕනේ. 100% charge එකේ තියල off වෙනකල්ම charger එකෙන් ගලවල තියන්න. එතකොට ගොඩක් ප්‍රශ්න හරියනවා.
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    man danna taramin mehemai....lithum ion mchn 100% charge karanna hoda ne...eke charge ekata passe cells expand wena scene ekak tiyenwa..ehema digatama full charge karama life time adu wenawa......lithuim walata 80-90% wage tamai healthyma charge eka....and puluwan taram frequently charge karanna puluwannan hodai...batterly lowma wenakan innwata wada tika tika ahuwena awhuwena welawata charage karanna puluwannan battery ekata hodai charge eka adu wenna denawata wada.....current eka gahala use karata kamak ne...but heavy applications games run karanne nethuwa..battery eka overheat wunaoth life time eka adu wenawa....phone walanan pupuranna chance eka tiyenwa wifi connect wela ehema charge karana gaman use karoth....ube lap eke battery protection ekak athi ekai overcharge wenna denne natte.....lithium wala maximam capacity walta lan wenakota cells expand wenawa..etakota chatge hold efficiency eka adu wenawa kalayath ekka....ubata 95-98% wage idan aye charge karanna heduwoth oya expand wena effect eka wenawa...eka lap eken protect karala athi...
    thanks :)
    1. ෆෝන් එකක් DC එකට කනෙක්ට් කරල දිගටම පාවිච්චි කරන එක හොඳද ? නැත්නම් බැටරියෙන් පාවිච්චි කල යුතුද ? (ලැප්ටොප් එකේ වගේ බැටරි cycles අඩුවෙන හන්ද)
    Hoda na, ekak charge ekata gahala thiyena battery ekak blast wenna pawa ida thiyenawa,
    and battery eke ayu kalaya ikmanata adu wenawa.
    phone eka heat wenawa wadi

    2.ඉහත කී දෙයම ලැප්ටොප් එකකටත් වලංගුද ?
    charge full wela thiyeddi charger eken gawala use karanna ona, ethakota battery eka kalayak hodata use karanna puluwan

    3.ලැප් එකක 100% චාජ් කරල පාවිච්චි නොකර පහුවදා බැලුවම 98%,95%...etc විතර තියෙද්දී ආය චාජ් එකට ගැහුවම "plugged in, not chaging " කියල වැටෙනව පස්සෙ ටිකක් බැටරිය අඩුවෙන්න පාවිච්චි කරල ආය ගැහුවම ෆුල්ම චාජ් වෙනව එහෙම වෙන්නෙ ඇයි ?
    normally mehema wenne battery eka kale iwara wegena enakota.
    wenath hethu nodanimi

    වෙන්න බෑ බං ලැප ගත්තෙ ලඟදි :baffled:
    පැටියා;16681788 said:
    Lithium Ion Batteries බොහොම ඉක්මනට ගිනි ගන්නවා වගේම පුපුරනවා. එහෙම වෙන්නෙ over Charge, Over heat වුනාම. තව තැලීමකට වගේ ලක් වුනාම. තව over discharge වුනාම cells සවුත්තු වෙනවා.

    ඒක නිසා හැම consumer electronic device එකක් එක්කම එන lithium ion battery එකකටම protection circuit එකක් අනිවා තියනවා. ඒකෙන් වෙන්නෙ ෆෝන් එකක නම් 3.7v වලදියි ලැප්ටොප් එකක නම් තනි cell එක 4.2v වලදියි චාජ් වෙන එක නවත්තන්නයි (high voltage cutoff) 2.7v වලදි discharge වෙන එක නවත්තන්නයි (low voltage cutoff) (device එකෙන් device එකට voltage limits වෙනස් වෙනවා. ඒත් lithium ion battery එකකට යන්න පුලුවන් උපරිම safe voltage එක 4.2v කියලා තමා කියන්නෙ).

    Theoretically බැලුවොත් එහෙම protection circuit එකක් තියනවනං හා ඒ circuit එක නියම විදියට වැඩ කරනවනං දිගටම AC adapter එක ගහලා පාවිච්චි කලාට කමක් නෑ අදාල device එක.

    :)
    එල :)

    ගැටළුවක් නැහැ එහෙම පාවිච්චි කරන්න පුළුවන් li-ion battery වල inbuilt overcharge protection එකක් තියනවා මොකද li-ion overcharge උනාම පුපුරනවා. එකම දේ heat එක battery වලට හොද නැහැ charge වෙද්දී තරමක් රත් වෙනවා නේ ඉතින් use කරද්දී ඇති වෙන රස්නෙඉ එක්ක ටිකක් වැඩිපුර රත් වෙන්න් පුළුවන් එත් ගොඩක්ම රත් වෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ

    ඔව් laptop වල නම් කොහොමත් ප්‍රශ්නයක් නැහැ රත් වෙන ප්‍රශ්න battery එකට බලපානවා අඩු නිසා (laptop එකේ cooling තියන නිසා සහ laptop එක ලොකු නිසා)

    පේන විදිහට ඔයාගේ battery එක original capacity එකෙන් 95%-98% අතර තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ කල් යද්දී ඔහොහ්ම වෙනවා
    කල් යද්දි වෙන්ඩ පුළුවන් ඇති ඒත් මේක අලුත් ලැපක් බං :oo:
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    සොයන්නා;16693803 said:
    http://www.techkathamag.com/laptop-batteries/

    මෙන්න මේ ලින්ක් එකේ ඇති උවමනා තොරතුරු... :):)
    3 වෙනි ප්‍රශ්නෙ තාම තියෙනව බං ඒකට මොකද කරන්නෙ :(
     
    Nov 20, 2012
    1,467
    477
    0
    https://www.facebook.com/groups/Tkatha/

    මෙන්න මේ ගෘප් එකේ ඉන්නවා ඔය සම්බන්ධව උපදෙස් ගන්න පුලුවං අය.....ඔයාගෙ ප්‍රශ්නෙ කියල බලන්න.... ජය වේවා....
    :):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    thanks :)

    වෙන්න බෑ බං ලැප ගත්තෙ ලඟදි :baffled:

    එල :)

    කල් යද්දි වෙන්ඩ පුළුවන් ඇති ඒත් මේක අලුත් ලැපක් බං :oo:

    මොකක්ද ලැප? කොහෙන්ද ගත්තේ?
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පැටියා;16681788 said:
    Lithium Ion Batteries බොහොම ඉක්මනට ගිනි ගන්නවා වගේම පුපුරනවා. එහෙම වෙන්නෙ over Charge, Over heat වුනාම. තව තැලීමකට වගේ ලක් වුනාම. තව over discharge වුනාම cells සවුත්තු වෙනවා.

    ඒක නිසා හැම consumer electronic device එකක් එක්කම එන lithium ion battery එකකටම protection circuit එකක් අනිවා තියනවා. ඒකෙන් වෙන්නෙ ෆෝන් එකක නම් 3.7v වලදියි ලැප්ටොප් එකක නම් තනි cell එක 4.2v වලදියි චාජ් වෙන එක නවත්තන්නයි (high voltage cutoff) 2.7v වලදි discharge වෙන එක නවත්තන්නයි (low voltage cutoff) (device එකෙන් device එකට voltage limits වෙනස් වෙනවා. ඒත් lithium ion battery එකකට යන්න පුලුවන් උපරිම safe voltage එක 4.2v කියලා තමා කියන්නෙ).

    Theoretically බැලුවොත් එහෙම protection circuit එකක් තියනවනං හා ඒ circuit එක නියම විදියට වැඩ කරනවනං දිගටම AC adapter එක ගහලා පාවිච්චි කලාට කමක් නෑ අදාල device එක.

    :)

    මම පැටියා කිව්ව දේවල් වලට තව යමක් එකතු කරන්නම්.

    *Laptop වල බැටරි වගේම mobile වල බැටරි වලටත් අදාළ කාලය මනින්නේ cycles වලින්.ඒ නිසා cycles කතාව මේ දෙකටම පොදුයි.

    *නමුත් කිසිම වෙලාවක නිතර නිතර 5% ක් විතර අඩු උනා කියල charge එකට ගහන්න එපා. මොකද එතකොට බැටරි එකේ capacity එකේ අඩු වීමක් වෙන්න පුළුවන්. හේතුව අදාළ ආරෝපණ ජනනය /තැන්පත්වීමේ කාර්යක්ෂමතාවය අඩු විය හැකි නිසා.

    *Self Discharge වෙන ප්‍රමාණය පරිසර උෂ්ණත්වය සමඟ අනුපාතිකව (මාසිකව) වෙනස් වෙනවා.
    8% at 21 °C
    15% at 40 °C
    31% at 60 °C

    *Laptop බැටරි වල සාමන්යෙන් 2.4v-2.9v අතර මට්ටමකින් පහලට වෝල්ටීයතාව අඩු උනොත් protection circuit එක හරහා බැටරිය disconnect කරනවා.එතැනදී බැටරිය තුල තිබෙන programmable IC එකෙන් හෝ fusible component එකකින් තමයි එක කරන්නේ.
    ඒ වගේමයි උපරිම වෝල්ටීයතාව 4.2v සහ උෂ්ණත්වය 90°C වේ. ඔය කුමන කොන්දේසියක් තෘප්ත වූ විට circuit එක බිඳ වැටීමට ලක් කරන්න protection circuit එක යොදා ගන්නවා.

    *දැනට වෙළඳපොලේ ඇති ලැප්ටොප් බැටරි වල cells අතර resistance එක සහ වෝල්ටීයතාව යන දෙකම මනිනවා.

    *95% වගේ බැස්සම plugged in not charging ලෙඩේ එන්නේ බැටරියේ ආයු කාලය අඩු උනාමයි. නමුත් හදිස්සියෙවත් ඔබගේ ලැප්ටොප් එකේ off කරලා තියෙනකොටත් බැටරි බහිනවා නම් අනිවාර්යෙන් technician කෙනෙකුට පෙන්වන්න. එක motherboard එකේ ලෙඩක් හෝ බැටරියේ ලෙඩක්.

    *සාමන්යෙන් බැටරියක් උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියා කරන්නේ 5°C ත් 45 °C ත් අතර උෂ්නත්වයේදීය. ඒ නිසා තමයි බොහෝ විට Gaming laptops වල බැටරි ඉක්මනට නරක වෙන්නේ. මොකද අධික උෂ්ණත්වය නිසා ඒවා විනාශ වෙලා යනවා.

    Last edited:

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ෆෝන් එකක් DC එකට කනෙක්ට් කරල දිගටම පාවිච්චි කරන එක හොඳද ? නැත්නම් බැටරියෙන් පාවිච්චි කල යුතුද ? (ලැප්ටොප් එකේ වගේ බැටරි cycles අඩුවෙන හන්ද)

    ෆෝන් එක චාජර් එකට දිගටම සෙට් කරල තිබුනට කමක් නෑ. සාමාන්‍යයෙන් ෆුල් චාර්ජ් වුනාම ඔටෝම චාර්ජ් වෙන එක නවතිනව. ඒක තමා සම්පුර්ණයෙන්ම චාර්ජ් වුනාට පස්සේ චාජ්ර් එක රත්වෙන එක අඩු වෙන්නෙ. ආය බැස්සම ආය චාජ් වෙන්න ගන්නව. හැබැයි චාජර් එකට ගහගෙන යූස් කරන කොට ගොඩක් රත් වෙනව වගේ නම් බැටරියට ඒක හොද නෑ. බැටරිය රත්වෙනකොට ඒකේ කල් පැවැත්ම අඩු වෙන්න ඒක බලපානව. ‍ෆෑන් එකක් ඉස්සරහට වෙලා පාවිච්චි කරන්න. එතකොට රත්වෙන එක අඩු‍ වෙයි. ගොඩක් ගැෆික් තියෙන ගේම් එහෙම ගහද්දි මමත් ඕක තමා කරන්නේ. නැත්නම් බැටරිය පැයෙන් බහිනව.

    ඉහත කී දෙයම ලැප්ටොප් එකකටත් වලංගුද ?

    ලැප් ‍ටොප් එකට ඒක වලංගු නෑ. මොකද ලැප්ටොප් වල බැටරිය ලොකු හින්ද රත්වෙනව රත්වෙන එක ඉක්මනට පිට වෙලා යනව. චාජරේ ගහල තියෙද්දි කරන්ට් එක කෙලින්ම චාජරෙන් ගන්නේ. එක තමා ලැප්ටොප් එක බැටරි එක නැතුව වුනත් යූස් කරන්න පුලුවන්. ඒක හින්ද චාජරේට ගහලම යුස් කරහම බැටරි යූස් වෙනව අඩුයි. ඒ කියන්නේ බැටරි එක කාලයක් පවතිනව.

    ලැප් එකක 100% චාජ් කරල පාවිච්චි නොකර පහුවදා බැලුවම 98%,95%...etc විතර තියෙද්දී ආය චාජ් එකට ගැහුවම "plugged in, not chaging " කියල වැටෙනව පස්සෙ ටිකක් බැටරිය අඩුවෙන්න පාවිච්චි කරල ආය ගැහුවම ෆුල්ම චාජ් වෙනව එහෙම වෙන්නෙ ඇයි ?

    මම දන්න විදියටනම් මෙතන කිසි අවුලක් නෑ. බැටරි එකේ කොන්ට්‍රෝලර් සර්කිට් එකෙන් බැටරිය පොඩ්ඩක් බැහැල තියෙනකොට චාර්ජ් වෙන එක වලක්වනවා. යම් කිසි මට්ටමකට වඩා අඩු වුනාට පස්සේ ආය චාජ් වෙන්න ගන්නව. ඕක නෝමල් දෙයක්. ඕක ලැප් මොඩල් එකෙන් එකට වෙනස් වෙන්න පුලුවන්.