පරිගණක විද්‍යාඥ නුවන් සේනාරත්න කළ එම විශ්ලේෂණය පසුගියදා ප්‍රකාශයට පත් කර තිබිණි.
එහිදී සාමාන්‍යයෙන් ලෝකයේ මැතිවරණවල "බෙල්වෙදර් ඡන්ද කොට්ඨාස" ලෙස එනම් යම් මැතිවරණයක් ජයගැනීමට පෙර එහි අතීත ප්‍රතිඵල අනුව ජයගැනීමට අත්‍යවශ්‍ය ලෙස සැලකෙන ප්‍රදේශ ගැන විශ්ලේෂණය කර ඇත.
උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ පවත්වා ඇති ජනාධිපතිවරණ 58න් ජනාධිපතිවරණ 2ක් හැර සියලුම ජනාධිපතිවරණවලදී එරට ඔහායෝ ප්‍රාන්තය ජයග්‍රහණය කළ අපේක්ෂකයා ජනාධිපතිවරණය ජය ලබා තිබේ. එබැවින් ඔහායෝ ප්‍රාන්තය එරට ජනාධිපතිවරණය ජයගැනීමට තීරණාත්මක "බෙල්වෙදර්" ප්‍රදේශයක් ලෙස හැඳින්වේ.
මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ තීරණාත්මක "බෙල්වෙදර්" ඡන්ද බල ප්‍රදේශ තිබේද යන්න පරිගණක විද්‍යාඥ නුවන් සේනාරත්න සිය විශේලේෂණයෙන් සොයා බලා තිබේ.
එම විශේලේෂණය අනුව ශ්‍රී ලංකාවේ "පූර්ණ බෙල්වෙදර්" ලෙස හැඳින්විය හැකි ඡන්ද කොට්ඨාස 8ක් තිබේ.
මින් පෙර පැවති ජනාධිපතිවරණ ජයගත් සියලු අපේක්ෂකයන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබෙන්නේ පහත දැක්වෙන කොට්ඨාස ජයගනිමිනි.
මොරටුව
රත්මලාන
ජා-ඇල
කටාන
මාවතගම
පොළොන්නරුව
මින්නේරිය
මැදිරිගිරිය
අදාළ විශ්ලේෂණයට අනුව ඉහත දැක්වෙන ඡන්ද කොට්ඨාස 8 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණවල "පූර්ණ බෙල්වෙදර්" ඡන්ද කොට්ඨාස ලෙස හඳුන්වා ඇත.
කෙසේ නමුත් දිවයින පුරා විහිදී ඇති මෙම "පූර්ණ බෙල්වෙදර්" ඡන්ද කොට්ඨාස ව්‍යාප්තියේ පැහැදිලි රටාවක් නොමැති බව නුවන් සේනාරත්නගේ මතයයි.
මෙම විශේලේෂණයට අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ජනාධිපතිවරණවල "පූර්ණ බෙල්වෙදර්" දිස්ත්‍රික්කයක් ඇත්තේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ 7දීම ජයග්‍රාහකයා වෙනුවෙන් සිය මානාපය පලකළ පොළොන්නරුව දිස්ත්‍රික්කයයි. ජනාධිපතිවරණ ජයගත් සියළු ජනාධිපතිවරුන් පොළොන්නරු දිස්ත්‍රික්කය ජයගෙන තිබීම විශේෂත්වයකි.
BBC Sinhala
මේකෙන් මාවතගම 12000කින් ගෝටා දිනලා Confirmed by counting center agent