Loan එකක් උපරිම කීයක් ගන්න පුළුවන්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,162
    113
    අපි හිතමු ගෙයක් එක්ක ඉඩමක් ගන්නවා කියලා, එතකොට, මේ ගේත් එක්ක ඉඩම ගන්න කීයක් බැංකුවෙන් දෙනවද. අපි හිතමු ඉඩමේ + ගේ වටිනාකම ලක්ෂ 90 කියලා. එතකොට කීයක් වගේ දෙනවද. එම ගන්නවනම් මොකක්ද හොඳම බැංකුව. මම මේ බැංකුවෙන් අහන්න ඕනේ ්‍රශ්නයක් තමා මෙතන අහන්නේ. හැබැයි එහෙම අත්දැකීමක් තියෙන කෙනෙක්ගෙන් උපදෙසක් ගන්න හිතුවා. අපේ අක්කලට ගෙයක් ගන්න බලනවා. මස්සිනා කාරයා නං private ගාමන්ට් සයිඩ්. අක්කා government. මම හිතන්නේ මස්සිනාට ලෝන් එක දාන්න ලේසි වෙයි නේ? ඉඩම බැංකුවට තියලා loan එකක් දාන්න පුලුවන්ද ? පොඩි උපදෙසක් දෙන්නකෝ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,162
    113
    1.5 lak padiyata laksha 90 denna chance adui, athinuth danna wei
    හම්මා ඒක දැක්කද. 🤣 කීයක්ව ගේ දෙයිද අයියේ? ඉඩම බැංකුවට තිබ්බත් දෙන එකක් නෑනේ? Normal මේ වගේ දෙයකට මොකක්ද හොඳම බැංකුව
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උබ ගන්න property එකේ වටිනාකමෙන් 75%ක් තමයි දෙන්නේ...ලෝන් එක ගන්න එකාත් බරක් දරන්න ඕනේ නිසා තමයි(ලු) එහෙම කරන්නේ ..බැංකුවෙන් ඒ නිසා ලක්ෂ 90ක් ම දෙන්නේ නැහැ උබට...

    උබ මුලින් ගන්න යන ගේ / ඉඩමේ විස්තර කතා කරගෙන pay slip 3ක් එක්ක යන්න බැංකුවට...එතකොට එකේ ඉන්න නිලදාරිය උබේ විස්තර බලල ගණන් ඔක්කොම අහල මැනේජර් ට කතා කරලා වැඩේ කරන්න පුලුවන්නම් උබට දෙයි ෆෝරම් පුරවල බාර දෙන්න කියල...සාමාන්යෙන් එතකොට උබට ලක්ෂ 70කට කිට්ටු ලෝන් එකක් නේ දෙන්නේ...ඒක බැංකුවට අනුව ලොකු ගානක්...ඒ නිසා ඕව approve කරන්න ගියාම පොඩි කාලයක් යනවා...

    බැංකුවට එහෙම බාර දෙනවනම් විකුණන එකාට advance එකක් ගෙවල සල්ලි දුන්න බවට ලියමනක් අරගෙන උට කියපන් මේක බැංකුවට දෙනවා..මාස දෙකක් වත් යනවා වැඩේට කියල කැමති කරගනින්..නැත්තම් උබ මෙහෙන් බැංකුවට දීල ඉද්දි අරූ එහෙන් විකුණලා තියෙයි...

    ඊට පස්සේ උබ ඉඩමේ ඔප්පුවේ කොපියකුයි, වීදි රේකා, නොපරවා ගැනීමේ සහතික ඔය වගේ දේවල් සෙට් එකක් එක්ක බැංකුවට ෆෝරම් එක බාර දෙන්නයි තියෙන්නේ.. උන් පත්තිරු චෙක් කරලා ඔක්කොම කරලා උබට කියනව චෙක් එක දෙන දවස...එදාට ඉතින් විකුණන එකත් එක්කල ගිහින් අත්සන් කරලා ගන්න තියෙන්නේ...කියන තරම් ලේසි නෑ ඉතින්...ඔය ඔක්කොම වෙන්න අඩුම මාස දෙකක් වත් යනවා..

    ලක්ෂ 70ක් ගන්න උබට සාමාන්යෙන් ලොකු වැටුපක් තියෙන්න ඕනේ...මට ෂුවර් නෑ..එත් අහල තියෙනවා පඩියෙන් 60%ක් වාරිකය විදිහට කැපෙන්න උපරිම ලෝන් එකට යන්න පුළුවන් කියල...ප්‍රයිවට් බැංකුවකින් ගන්න...රජයේ බැංකු වල විකාර වැඩි...commercial හොදයි එත් උන්ගේ හෙන කල් යනවා..එපා වෙනවා...HNB උන් එක්ක කතා කරල දෙයක් කරගන්න පුළුවන්...

    අනිත් එක,,,උබ ලක්ෂ 20ක් අතින් දාන්න වුනාට ඊට වඩා තව සැහෙන්න වියදම් යනවා...තව 10ක් වත් වැඩිපුර තියාගන්න...මොකද 75% දෙන්නේ උබ කියන වටිනාකමෙන් නෙමෙයි....උන් ඕකට valuation එකක් කරනවා...එක කරන්නේ බැංකුවෙන් නෙමෙයි,,පිටින්...ඌ ඒ හරියේ ඉඩම් වල වටිනාකම බලල, ගෙදර තත්වේ බලල කියනවා මේක මෙචරක් වටිනවා කියල...

    එතකොට බැංකුවෙන් valuation එකට එන amount එක හරි,,උබ ලෝන් එක ඉල්ලපු amount එක හරි දෙකෙන් අඩු ගාන බලල එකට තමයි 75% ගෙවන්නේ...උදාහරනෙකට උබ ගන්න බලන් ඉන්න එක ලක්ෂ 90ක් කිව්වට valuation කරපුවම ආවේ ලක්ෂ 80නම්, එතකොට ලක්ෂ 80න් 75%ක් තමයි උබට හම්බෙන්නේ....

    එත් valuation එකෙන් ආව කියපන්කො ලක්ෂ 100යි කියල...එතකොට උන් උබ ඉල්ලපු ගානෙන් 75%ක් දෙන්නේ..ඒ කියන්නේ ලක්ෂ 90න් ..

    ඊටත් පස්සේ ලෝන් එක pass වුනාම උබ ඉන්සුරන්ස් එකක් දාන්න ඕනේ...ගිනි රක්ෂණ, ජීවිත රක්ෂණ, ඔය වගේ දෙක තුනක් තියෙනවා...ඊට පස්සේ bond charges කියල 1%ක් ද කොහෙද ගෙවන්න ඕනේ...ඉඩම පවරන වැඩ කරන lawyer ට 1% ගෙවන්න ඕනේ...valuation එකේ වටිනාකමෙන් 4%ක් මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ...ඔය ඔක්කොමට අතේ සල්ලි තියාගෙන වැඩේට බහින්න...

    තව විස්තර දැනගන්න ඕනේ නම් අහන්න
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    ගන්න ප්‍රොපර්ටි එක ඇපේට තියල ගන්න පුලුවන් සිද්දියක් තියෙනවා. හරියට දන්නෙ නෑ විස්තරේ. :rolleyes::rolleyes::rolleyes:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පොඩ්ඩක් පැහැදිලි කරන්න මචං, හේතුව?
    dennama salary eke total eka 100000 wage athi ne ban oken 60000 loan ekak damma kiyapan. loan eka 6.5 million dunna kiyahan okata interest eka 12% unot 800k + 6.5 million wage wenawa mulu mudala
    kelinma awurudhu 10 k oka gewanna ona. ita amatharawa inflection rate eka wadi wela living cost eka wadi unama loan eka gewanna amaru wenawa.
    hodama de budget ekata hari yana ekak balana eka.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,223
    113
    විකුණණ එකා 90 කිව්වට වැඩක් නෑ. බෑන්ක් එකේ Valuation එක ගොඩක් වෙලාවට අඩුයි. ඒ Valuation එකෙන් 70%ක් දෙනව. ඉතුරු ඔක්කොම අපි අතින් දාන්න ඕනෙ. අවුරුදු 25 Loan එකක් ගන්න වෙන්නෙ. ඒත් Salary මදිනම් වයිෆ් දාල හවුලෙ ගන්න වෙන්නෙ.. පඩියෙන් 60% ක් වෙනකන් විතරයි වාරිකේ යන්න පුළුවන්. ඕව කතාකරල 10% 5% එහා මෙහා කරගන්න පුළුවන්. මමනම් Valuation එක කරප මිනිහට කතා කරල වැඩිකරගත්ත. පිස්සු කියන්නෙ ඉඩමෙ Value අඩු කරන්න හේතුව වෙල ගාන තියන එකයි (ගත්තෙත් ඒ නිසා) ගෙවල් හැදුවම පාරට ගේ පේන්නැති එකයි. මට සෙට් උනේ අවුරුදු 80 පැන්න මනුස්සයෙක්.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    බැංකුවට පෙන්නන්න අපිට කිසිම අහේනියක් නෑ. අපි මේ ආතල් එකට නයක් ගන්නේ නැතුව සල්ලි නැති කමකට නෙමෙයි කියල.

    ඉහත කිව්ව කතාව විහිලුවෙන් කිව්වට ඕක තමා සහතික ඇත්ත.

    බංකුව බලන්නේ ඔයාගේ නැවත ගෙවීමේ හැකියාව කොහොමද කියල.

    ඔප්පු නිරවුල් නම් විතරක් බෑන්ක් ලෝන් වැඩේට බහින්න මොකද නැත්තම් කාලය ග්‍රමය දෙකම අපරාදේ.

    තව ඉතින් ගන්න පඩියෙන් වෙම ලෝන් ලීසින් ක්‍රෙඩිට් කාර්ඩ් වගේ දේවල් වලට ගෙවනවද කියල ක්‍රිබ් එල චෙක් කරල බලනව.

    ඔක්කොම ඕකේ නම් තමයි ප්‍රොසෙස් එක පටන් ගන්නේ...

    බයර්ස් ල කැමහිද ලෝන් එකකින් පේමන්ට් එක කරවට?
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Property එකක් ඇපේට තියල loan එකක් ගන්නව කියන්නෙ ගොඩක් කල් යන වැඩක් බන්..

    Wife government නිසා salary එක බලල personal guarantor 2 ක් එක්ක ගන්න බලපන් loan එකක්.. ඒක ඉක්මනට ගන්න පුලුවන්..

    ලක්ශ 50 ටත් 10 years payback period එක්ක ගියොත් වාරිකේ එන්නෙ 60 - 65 අතර ගානක්..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඉඩමේ ඇපේට තියන්න ඔනේ.. මාසික ආදායමෙන් 60% වඩා වරිකය යන්න බෑ සහ උපරිම ඉඩමේ වටිමාකමින් 75%
    ආණ්ඩුවේ අයට උපරිම ලක්ශ 30ද කොහෙද පඩිය අනුව පඩි 60ක මුදලක් , පොලියෙන් බාගයක් ගෙවන්නේ ආයත්නය. දැන් දෙනවද දන්නෙ නැ මොකද පොලිය නොර්මල් යන්නේ 9-10.5% වගේ.
    UDA ප්‍රොජෙcට් එකක අපාර්ට්මෙන්ට් 1ක් ගන්නවනම් 6% ලු දැනට අවුරුද්ද්කට කලින්.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    951
    1,567
    93
    එත් valuation එකෙන් ආව කියපන්කො ලක්ෂ 100යි කියල...එතකොට උන් උබ ඉල්ලපු ගානෙන් 75%ක් දෙන්නේ..ඒ කියන්නේ ලක්ෂ 90න් ..

    ඊටත් පස්සේ ලෝන් එක pass වුනාම උබ ඉන්සුරන්ස් එකක් දාන්න ඕනේ...ගිනි රක්ෂණ, ජීවිත රක්ෂණ, ඔය වගේ දෙක තුනක් තියෙනවා...ඊට පස්සේ bond charges කියල 1%ක් ද කොහෙද ගෙවන්න ඕනේ...ඉඩම පවරන වැඩ කරන lawyer ට 1% ගෙවන්න ඕනේ...valuation එකේ වටිනාකමෙන් 4%ක් මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ...ඔය ඔක්කොමට අතේ සල්ලි තියාගෙන වැඩේට බහින්න...
    විස්තරේ සෑහෙන්න වටිනවා.. :yes:
     
    • Like
    Reactions: kolavari and NRTG