උබ ගන්න property එකේ වටිනාකමෙන් 75%ක් තමයි දෙන්නේ...ලෝන් එක ගන්න එකාත් බරක් දරන්න ඕනේ නිසා තමයි(ලු) එහෙම කරන්නේ ..බැංකුවෙන් ඒ නිසා ලක්ෂ 90ක් ම දෙන්නේ නැහැ උබට...
උබ මුලින් ගන්න යන ගේ / ඉඩමේ විස්තර කතා කරගෙන pay slip 3ක් එක්ක යන්න බැංකුවට...එතකොට එකේ ඉන්න නිලදාරිය උබේ විස්තර බලල ගණන් ඔක්කොම අහල මැනේජර් ට කතා කරලා වැඩේ කරන්න පුලුවන්නම් උබට දෙයි ෆෝරම් පුරවල බාර දෙන්න කියල...සාමාන්යෙන් එතකොට උබට ලක්ෂ 70කට කිට්ටු ලෝන් එකක් නේ දෙන්නේ...ඒක බැංකුවට අනුව ලොකු ගානක්...ඒ නිසා ඕව approve කරන්න ගියාම පොඩි කාලයක් යනවා...
බැංකුවට එහෙම බාර දෙනවනම් විකුණන එකාට advance එකක් ගෙවල සල්ලි දුන්න බවට ලියමනක් අරගෙන උට කියපන් මේක බැංකුවට දෙනවා..මාස දෙකක් වත් යනවා වැඩේට කියල කැමති කරගනින්..නැත්තම් උබ මෙහෙන් බැංකුවට දීල ඉද්දි අරූ එහෙන් විකුණලා තියෙයි...
ඊට පස්සේ උබ ඉඩමේ ඔප්පුවේ කොපියකුයි, වීදි රේකා, නොපරවා ගැනීමේ සහතික ඔය වගේ දේවල් සෙට් එකක් එක්ක බැංකුවට ෆෝරම් එක බාර දෙන්නයි තියෙන්නේ.. උන් පත්තිරු චෙක් කරලා ඔක්කොම කරලා උබට කියනව චෙක් එක දෙන දවස...එදාට ඉතින් විකුණන එකත් එක්කල ගිහින් අත්සන් කරලා ගන්න තියෙන්නේ...කියන තරම් ලේසි නෑ ඉතින්...ඔය ඔක්කොම වෙන්න අඩුම මාස දෙකක් වත් යනවා..
ලක්ෂ 70ක් ගන්න උබට සාමාන්යෙන් ලොකු වැටුපක් තියෙන්න ඕනේ...මට ෂුවර් නෑ..එත් අහල තියෙනවා පඩියෙන් 60%ක් වාරිකය විදිහට කැපෙන්න උපරිම ලෝන් එකට යන්න පුළුවන් කියල...ප්‍රයිවට් බැංකුවකින් ගන්න...රජයේ බැංකු වල විකාර වැඩි...commercial හොදයි එත් උන්ගේ හෙන කල් යනවා..එපා වෙනවා...HNB උන් එක්ක කතා කරල දෙයක් කරගන්න පුළුවන්...
අනිත් එක,,,උබ ලක්ෂ 20ක් අතින් දාන්න වුනාට ඊට වඩා තව සැහෙන්න වියදම් යනවා...තව 10ක් වත් වැඩිපුර තියාගන්න...මොකද 75% දෙන්නේ උබ කියන වටිනාකමෙන් නෙමෙයි....උන් ඕකට valuation එකක් කරනවා...එක කරන්නේ බැංකුවෙන් නෙමෙයි,,පිටින්...ඌ ඒ හරියේ ඉඩම් වල වටිනාකම බලල, ගෙදර තත්වේ බලල කියනවා මේක මෙචරක් වටිනවා කියල...
එතකොට බැංකුවෙන් valuation එකට එන amount එක හරි,,උබ ලෝන් එක ඉල්ලපු amount එක හරි දෙකෙන් අඩු ගාන බලල එකට තමයි 75% ගෙවන්නේ...උදාහරනෙකට උබ ගන්න බලන් ඉන්න එක ලක්ෂ 90ක් කිව්වට valuation කරපුවම ආවේ ලක්ෂ 80නම්, එතකොට ලක්ෂ 80න් 75%ක් තමයි උබට හම්බෙන්නේ....
එත් valuation එකෙන් ආව කියපන්කො ලක්ෂ 100යි කියල...එතකොට උන් උබ ඉල්ලපු ගානෙන් 75%ක් දෙන්නේ..ඒ කියන්නේ ලක්ෂ 90න් ..
ඊටත් පස්සේ ලෝන් එක pass වුනාම උබ ඉන්සුරන්ස් එකක් දාන්න ඕනේ...ගිනි රක්ෂණ, ජීවිත රක්ෂණ, ඔය වගේ දෙක තුනක් තියෙනවා...ඊට පස්සේ bond charges කියල 1%ක් ද කොහෙද ගෙවන්න ඕනේ...ඉඩම පවරන වැඩ කරන lawyer ට 1% ගෙවන්න ඕනේ...valuation එකේ වටිනාකමෙන් 4%ක් මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ...ඔය ඔක්කොමට අතේ සල්ලි තියාගෙන වැඩේට බහින්න...
තව විස්තර දැනගන්න ඕනේ නම් අහන්න