මගේ රචනාව 
මම බෙබෙක් වෙලාද මන්ද 
උඹලට නිකන් මේ පිට් එකට වගේ මේ කියන්නෙ හරිය

දිනය 25
ගෙදර පොඩි පහේ පාටියක් තිබ්බා. 20% කොක්ස්බර්න් වයින් බෝතලයක් තිබිල. ගැහුවා

පස්සෙ මදි වගේ කියල හිතුන නිසා බ්ලැක් ලේබල් එකක් තියාගන ඉන්නව මම හදිසි අවශ්‍යතා සඳහා. අපේ මලයෙක් සෙට් කරගෙන එකෙන් බාගෙකුත් ගැහුවා ටිකක් රෑ වෙලා.

ඌටත් අර දෙයියන්ගෙ ලෙඩේද මොකද්ද එක හැදිලා සනේපා වෙච්ච ගමන්. නාල දවස් දෙකයි

උගේ ඇඟේ සැර බහින්නත් එක්ක බොමු කිව්ව. ඉතින් මමත් හා කීවා

ඌටත් වැඩිය බොන්න බැරි එකෙක්

මගේ උපන්දිනේ දවසනෙ

උපන්දින පාටියත් දැන් දෙන්න ඕනෙ කොල්ලො සෙට් එකට කාණු ගත වෙන්න.
දිනය 26
ස්ථානය - මීගමුව
ගැහුවා. බ්ලැක් බෝතලයයි. ග්‍රාන්ට්ස් එකයි

බීමතින් රිය පදවන්න එපා කිව්වට. කෙල වෙලා හිටපු එකෙක්වත් එයාලගේ වාහනෙන් බස්සල, අපේ වාහනෙත් අරගන ආවා

උදේම ගිය පාර ගෙදර එද්දි 4යි. ආයෙ ගම්පහ ගියා 4.30ට. බිව්වෙ නෑ.

දිනය 27
ස්ථානය - කුරුණෑගල
සවස 5න් පසු
පාටි අංක එක - ඩබල් බ්ලැක් වයිට්, බ්ලුයි තව මොනවාදැයි තිබ්බ. ඔෆිස් ස්ටාෆ් පාටියක්. වැඩිය හොඳ නෑනෙ කියල ඩබල් බ්ලැක් එකක් විතරක් සලකා බැලුවා.
ස්ථානය - කුරුණෑගල
රාත්‍රී 7න් පසු
පාටි අංක දෙක - ඔෆිස් එකේ රීජනල් එකේ පාටිය. එකෙත් ඉතින් ගැසීමට සිදුවන නිසා ගැහුවා

කලවන් හොඳ නැති නිසා ඩබල් බ්ලැක් වලින්ම ක්ලෝස් කළා.
ස්ථානය - පන්නල
රාත්‍රී 10න් පසු
පාටි අංක තුන - කුරුණෑගල ඉඳන් දෙයියන්ගෙ පිහිටෙන් පණපිටින් පන්නලට ආවා


හොඳ වෙලාවට දැන් නාරම්මල - කුරුණෑගල පාර කාපට් එක 99% ඉවරයි.

ඒකෙ තිබ්බ වොඩ්කා බ්‍රෑන්ඩ් වගේකුයි විස්කියි. ගලුයි

ගල් භාවිතයේ නොමැති නිසා ආයේ බ්ලැක් ලේබල් එකකින් ක්ලෝස් කරලා පාන්දර 2.30 වෙද්දී ගෙදර ආවා යහතින්.


දැන් ආතල් එක ගෙදර එද්දි වැදිලා හිටියෙ පුටාර් වෙන්න

අර 25 රෑ මලයත් එක්ක ගහපු බ්ලැක් එකේ ඉතුරු බාගෙ නිකන් කොහෙන් ගියාද දන්නෙ නෑ බඩේ

බඩේ අමු බේබදු හිඟන්නෙක් ඉන්නවද මන්ද හිල් කලේකට වතුර දානව වගේ

ඒක ගැහුවෙ ගෙදෙට්ට සොරෙන්.

ඒක ඉවර වෙනකොට ආතල් කියන්නෙ පාන්දර 4.30යි. පහට යන්තන් නිදාගත්තා.
ඔය පාටි තුනටම තාත්තත් එක්ක ගියෙ

දෙන්නටම හොඳ ගණන්.

හතර වෙනි පාටිය මම හොරෙන් දාගත්තෙ.
දිනය 28
ස්ථානය - කුරුණෑගල
9.30ට නැගිට්ට. ආයේ ගියා කුරුණෑගල බලා


පොඩි පාටියක් ගෙදරක. ඒකෙ තිබ්බ St.Remy, වයිට් රම් එකයි බොම්බේ සෆාය එකයි රෙඩ් ලේබල් එකයි. වැඩේ කියන්නෙ අර කියපු මලයත් මේ පාටියට සෙට් වෙලා

මොන හිතකින් බෑ කියන්නද? රෙඩ් ලේබල් ජරාවක් නිසා නොබොමු කියල වයිට් රම් එක ඉවර කරලා බොම්බේ සෆාය එකෙත් බාගයක් ඉවර කළා.

අපි තුන් දෙනෙක්.

ආයේ 5 වෙද්දි ගෙදර ආව.

මටමයි හෙන ගහනව වගේ එලවන්න සෙට් වෙන්නෙ. හයිස්පීඩ් කාරයො තුන් පොලක හිටිය. අහු නොවී ආව ලක් එකට

ආව ගමන් මලයවත් බස්සගෙන ආවෙ. අපේ ගෙවල් ගාව ඉන්නෙ. ඌගෙ මැසිමට සෙවන් ගහල ආයේ ගියා මට පොඩි කාලෙ උගන්නපු සර් කෙනෙක්ගෙ ගෙදර නත්තල් ගානෙ.

බොහොම අමාරුවෙන් එතනත් සේප් එකේ ඉඳල ආව. ගෙදරින් වරෙන් කිව්වම බෑ මට වෙරි කියන්නැය


ඔන්න දැන් තමා ගෙදර ආවෙ. වෙරිත් බැස ඇත. වෙන ගසන්නත් ඉතුරු වී නැත. හෙට පාන්දර තුනට නැගිටලා ට්‍රිප් එකක් යන්න සෙට් වෙන්නත් තියෙනවා

හෙන ගහන්න.එපා වෙනවා. 30යි 31යිත් නිවාඩු. අම්මපා දවස් දෙකම පැය 48න් 40ක්ම බුදියනවා. ඕව්

ආයෙ මම කැපුනා.
සුබ රාත්‍රියක් සැමටම. සුබ නත්තලක් වේවා!
සුබ නව වසරක් වේවා!