අනික් එක ඉස්සර ඒජන්ට්ගෙන් වාහන ගන්නවා කියන එක මේ තරං ලොකුවට උනේ නැහැනේ. ඇත්තටම ඒ කාලෙ වාහන ඒජන්ට්ගෙන් ගත්තෙ පර්මිට් තිබුනු එවුන්, කම්පැනි වලට ගන්න එවුන් ඇරුනම බොහොම අඩු ප්රමානයක්නෙ
දැන් වැඩි ප්රමානයක් ඒජන්ට් ගාවට යනවා තව සෑහෙන්න පිරිසක් පර්සනලි ගේනවා සේල් වල ගාන වැඩියි කියන එක සේරම වගේ දන්නවා ඒක නිසා අඩුවෙන් තමයි සේල් වලින් ගන්නෙ. සේල් වල එවුන්ට බලං ඉන්න බැරුව ඇති ඒජන්ට් ලඟට යට සෙට් එක දැක්කම,
අනික දැන් සමහර වාහන වල ඒජන්ට්ගෙ BN ඒවයෙ ගාන අඩුයි සේල් වල තියන ගානට වඩා, සේල් කරන එවුන් කියන්නෙ ඒජන්ට් ගේන මොඩල් එක මාකට් නැති වෙනවා උන් ගේන එක මාකට් වෙනවා ඒක නිසා ඒ වැඩි ගාන ගෙවල ගන්න කියලා
මං නං කියන්නෙ JK එවුන් Atto 2 එකට වෙන මෝටරයක් හයි කරවලා හරි ගේන්න ඕන අඩුවට. ලක්ශ 80 -120 විතර අතර තියන වාහන වලට තමයි අලුතෙන් යන එවුන් සේරම යන්නෙ
ඒක නිසානේ ඔය Magnite/Fronx/Raize එහෙම ඔය තරං යන්නෙ. ඔය ගානට BYD එකක් නැති නිසා Atto 3 එකට මාකට් එක. මට නං හිතෙන්නෙ Atto 2 එක 11-12M වලට ආවා නං ඔය සේරටම කෙලවෙනවා.