නිකමට වගේ ඇඩ්සෙන්ස් ගිණුමකට ඉල්ලුම් කලේ මීට අවුරුදු 02කට විතර කලින්. ඉල්ලුම් කරලා සතියකට පස්සේ ඇඩ්සෙන්ස් එකෙන් ඉල්ලීම පිළිඅරන් කියලා ඊ-මේල් එකක් ලැබුණා. පිටු 04ක පොඩි වෙබ් එකක් හදාගෙන තිබුනේ(තාමත් තියෙන්නේ ඒකම තමයි). මුල් මාසේ නම් ලැබුනේ ඩොලර් 05කටත් වඩා අඩු ගාණක්.
ඒත් දැන් දැන් නම් සයිට් එකට විසිටර්ලා එන්න පටන් අරන්. මාසෙකට පොඩි පහේ ආදායමකුත් ලැබෙනවා. මාසෙකට ලැබෙන $$ ගානේ පොඩි වර්ධනයකුත් වෙලා. ඔන්න පළවෙනි වතාවට මාසෙකට ඩොලර් 50කට වැඩියෙන් එකතු වෙලා.
එළකිරියේ තියෙන පෝස්ට් වලින් තමයි ඇඩ්සෙන්ස් ගැන පොඩි දෙයක් හරි ඉගෙන ගත්තේ. කවදාවත් මගේ ඇඩ් එකක් ක්ලික් කරගෙන නම් නැහැ. යාලුවෙක්ට මේ සයිට් එක ගැන කියලත් නැහැ. ගෙවලා ට්‍රෑෆික් අරගෙනත් නැහැ. ඒත් දැන්නම් හිතෙනවා උත්සහ කලොත් මේ ගාණ මසෙකට ඩොලර් 100 දක්වා වැඩි කරගන්න පුලුවන් වෙයි කියලා. ඇඩ්සෙන්ස් ගැන දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි ඇඩ්වයිස් එකක් දීලම යන්න.

Last edited:
One day per week 3h wage thama site eke wada karanne 