Nissan B11

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
ලාන්සර් බොක්ස් එක වගේම ගොඩක් සැපපහසු කාර් එකක් තමා Nissan B11 කියන්නේ. කවුරුත් දන්න fb15 පූර්වජයා තමා මෙයා. ලංකාවෙ ලක්ෂ 2.50-5 ත් අතර මිළකට හොඳ b11 වාහනයක් මිළදීගන්න පුළුවන්.

nissan_sunny_sedan_6.jpeg


නිසාන් සනී පවුලේ පලවෙනි Front wheel Drive සාමාජිකයා වෙන මේ වාහනය නිශ්පාදනය කරන්නේ 1981 සිට 1985 දක්වායි. ඊට පසුව තමයි B12 හෙවත් ට්‍රැඩ් සනී වාහනය එන්නේ. එන්ජින් ධාරිතා කිහිපයකින්ම ආවත් ලංකාවෙ බහුලව තියෙන්නේ 1300cc සහ 1500cc මාදිලි දෙක තමයි. ඩීසල් මාදිලියකුත් ආවා, නමුත් ලංකාවෙ ගොඩක් අඩුයි.

ලංකාවේ ඇති මේ B11 වාහන variants වශයෙන් එතරම් බෙදීමක් නෑ. සාමාන්‍ය b11 වාහන සියල්ලම ඔප්ශන්ස් මුකුත් නැති වාහන. 1984-85 වර්ෂ වල වාහන වල ඔරිජිනල් AC තියෙනවා. පසුකාලීන b12, 13,14 ආදී වාහන වල පවර් රැක්, පවර් පොම්ප ආධාරයෙන් බොහොම පහසුවෙන් මේ වාහනය පවර් ස්ටීරිං කරගන්න පුළුවන්.

turbo leprix ලෙස sports variant එකකුත් california ලෙස hatchback මාදිලියකුත් වෙයි, california රථ නම් ඉඳහිට ලංකාවේත් දැකිය හැක

මේ වාහනේ ෆුල් ඔප්ෂන් මාදිලියක් ආවා Nissan Laural Spirit නමින්. බොඩිය සහ චැසිය එකම වුවත් interior සහ options සියල්ල මෙයට වඩා සැපපහසුව නිර්මාණය කරල තියෙනවා. power windows, power mirrors, power steering ආදී options මෙන්ම equalizer සහිත කැසට් රේඩියෝවකුත් Spirit මාදිලියේ අඩංගු වෙනවා. වෙනස්ම two tone පේන්ට් එකකින් සහ සාමාන්‍ය b11 වලට වඩා දිගු වූ බෆර් වලින් යුක්තයි. බොනට්ටුවේ ඉදිරිපස වී කරල් දෙකකින් යුත් SPIRIT ලාංඡනය සවිකර තියෙනවා.
ට්‍රැඩ් සනී වල සිට SuperSaloon නමින් ඉදිරියට ගියේ මේ variant එක තමයි

nissan_laurel_spirit_turbo_1.jpeg

nissan_laurel_spirit_turbo.jpeg


1500cc B11 වාහනයේ සෑහෙන පිකප් එකක් තියෙනවා. වාහනය බර අඩු වීම ඊට හේතුව වෙන්න ඕනේ. ඒ වගේම වාහනය පදවන විට power steering නොමැති අඩුපාඩුව දැනෙන්නෙත් නැහැ.

මෙහි පිටුපසට Trailing Arm වර්ගයේ independent suspension පද්ධතියක් ඇතුලත් වෙනවා.

Ad_Van.jpg


පළමු පරම්පරාවේ Nissan AD wagon රථයත් B11 වාහනය ඇසුරෙන් නිශ්පාදනය කරල තියෙනවා. පිටුපස කොටස අවලස්සන වීම හැරුණුකොට මෙහි කියන්නට තරම් අඩුපාඩුවක් නැහැ. වගේම බොහොම විශ්වාසවන්ත වාහනයක්. මීට සමකාලීන වැගන් එක වන toyota dx wagon එකට වඩා මේ වාහනය පදවන්න පහසුයි, ඒ වගේම බොහොම පහසුවෙන් පවර් ස්ටීරිං කරගන්නත් පුළුවන්. ඇතුලත් ඉඩකඩත් වැඩියි. (මේවායෙ පෙනුම ගැන වැඩි සැලකිල්ලක් නොදක්වා ඇත්තේ මේවා cargo vans ලෙස නිශ්පාදනය වූ නිසායි. ජපානයේ මේවා වෑන් රථ ලෙස ලියාපදිංචි වූ අතර භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා විය. )

nissan_sunny_california.jpeg


මේ වාහනය ලංකාවේ රුපියල් ලක්ෂ 2.50ත් 6ත් අතර මිලකට අලෙවි වෙනවා. 4.50කට විතර හොඳ වාහනයක් සොයාගන්න පුළුවන්.
අමතරකොටස් ගැන කියනවානම්, මැකෑනිකල් අමතර කොටස් සොයාගන්න පුළුවන්. ලයිට් ආදී කොටසුත් අපහසුවක් නැතුව සොයාගාගන්න පුලුවන්. දොරවල්, වීදුරු වගේ බොඩි පාට්ස් හොයන්න ගියාම තමයි කරදර වෙන්නේ :sorry:
 

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
පට්ට! අපේ ගෙදරත් ගිය අවුරුද්ද වෙනකන් තිබුනා AD Wagon එකක්...මාරු වාහනේ..මම driving ඉගෙනගත්තෙත් ඒ වාහනෙන්... :love: Rep 9+ :cool:

:cool:
98-2004 වගේ කාලෙ අපේ තාත්තගෙ ශොප් එකේ ඩිලිවරි වෑන් එක විදියට පාවිච්චි කලේ මේකක්. ටයර් එකක ගිය පැච් එකක් ඇරුණාම කිසිම කරදරයක් දීල නෑ :love:

පස්සෙ සීට් එක නවලා ඇතුලෙත් බඩු පටවල හුඩ් රැක් එකෙත් පටවලා යන්නෙ :D