No Sugar - කට්ටිය එන්න

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    මේකේ ඉන්නවද No Sugar කට්ටිය. මම දැන් සති දෙකක් No Sugar.
    තේ, කොපි වලට සීනි දාන්නේ නැ. කඩෙන් කන එක සම්පුර්ණයෙන් නැවැත්තුව. දවසට වේල් දෙකක් කනවා. බිස්කට් කේක් අයිස් ක්‍රීම් :love: ඔක්කොම නැවැත්තුව. කිරලා මැනලා කනවා. දවස් 7 ම ජිම් හෝ ඇවිදින්න යනවා.

    මුල් දවස් ටිකේ නම් පණ නැ. නිදිමතයි දවසෙම. දවල් 11 වගේ වෙද්දී බඩගිනි (උදේට කන්නේ නෑ ). ජිම් එකේ ඉස්කොට් 100ක් විතර ගහනවා බර එක්ක. ඇදෙන් නැගිටින කොට පොල්ලෙන් ගහලා වගේ. කන්න හදන්න ගියාම වයිෆ් ට එපා වෙනවා. කන්න වියදම වැඩි. දවස් තුනකට චිකන් කිලෝ දෙකකට වැඩිය යනවා. පලතුරු කිලෝ දෙකකට කිට්ටු වෙන්න යනවා. චිකන් බත් කාලා පලතුරු කන්න ගියාම එපා වෙනවා

    හැබැයි ටික දවසක් ගියාම මාර ගති. දැන්නම් සීනි ඕනෙම නැ. සීනි රහ අමතක වෙලා තියෙන්නේ. energy level එකත් සැහෙන්න හොදයි. පාන්දර නැගිටින එක එහෙම ගේමක් නැ. 4ට නැගිටිනවා ඇවිදින්න යන්නේ නැති දවස් වලට. ඇවිදින දවස් වලට 5ට නැගිටිනවා. ඉස්සර 7ට නැගිටින්නෙත් අමාරුවෙන් . දවල්ට නිදාගන්න ඕනේ නෑ. කවට පස්සේ නිදිමත එන්නේ නැ. ඉස්සර කිඉල්ස් එකට ගියාම ගන්නෙම බයිට්, චෝකොලට්, යෝගට්, බිස්කට්. 5000 කට එහා බිලක් එනවා. අතවශ්‍ය දේවල් නැතුව. දැන් ගන්නේ ඔක්කොම උයන ඒවා. වයිෆ්ට යෝගට් එහෙම ගන්නවා. බිල සැහෙන්න අඩුයි. බාගයක් විතර.

    වයිෆ්ගේ සපෝර්ට් එක තමයි ඉතින් වටිනාම දේ. මුල් කාලේ පොඩ්ඩක් demotivate වෙනකොට හොදවයින් දෙකක් ගියලා motivate කරන්නේ එයා තමා :lol:

    https://www.sweetdefeat.com/blog/what-happens-when-you-stop-eating-sugar

    ට්‍රයි කරලා තියෙන කට්ටිය අත්දැකීම් කියන්න

    Blood Sugar තියන නිසාද මෙහෙම කලේ නැත්නම් එයි කියල බයටද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    24 :lol:
    oya kathawa hena waradi
    dan podi lamai sahena ganakatath diabetes thiyanawa. Kema kana, wathura bona syste wala loku waraddak thiyenne
    Anika dan godak foods process karana widiha hinda godak dewal ahithakarai. (germicides, pesticed,growth hormone etc)
    Dan balapan ki denekta cancer thiyenawada kiyala

    Exercise kara paliyata cancer cells marenne nehe

    මම දැනුවත්ව කොළඹ ගොඩක් එවුන් මැක් ඩොනල්ඩ් කේ.එෆ්.සී. බගර් කින් පීසා හට් අනම් මනම් ඒවල ඔෆර් වලට කනවා ගෙනත් අම්බානෙක

    ඔෆිස් වල එවුන් එහෙම අම්බානෙක කනවා නේ
    පස්සෙට ඉතින් කෙල වෙනවා

    නොකාම බැරිනම් ඉදල හිටල කාපන් කලා ඒකට හරියන්න අනිත් දේවල් කොන්ට්‍රෝල් කරපන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,950
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සීනි අවශ්‍ය ප්‍රමාණය මත කන්න බොන්න බලන්න
    ලෝ ශුගර් උනත් ඉතින් වැඩේ අවුල් වෙනවා නේ
    ෆැට් එක වැඩී නම් ඒ අය කොන්ට්‍රෝල් වෙන එක හොදයි
    පුලුවන් නම් සති දෙකක් ශුගර් ෆ්‍රී ප්ලෑන් එකකට යන්න වෙනස බලන්න

    :yes::yes:උඹ කියන එක හරි.

    ඇඟට ඕන සීනි ටික අපි කන වේල් තුනෙන් හම්බෙනවා ඒක අස්සේ සිනි හැඳි දෙකතුනක් දාපු තේ වේල් තුනකුයි අමතර කේක් බිස්කට් කෑවා කියන්නේ අඟට ඔරොත්තුදෙන්නේ නෑ. පිස්සා වගේ පන්න පන්න කන්නේ නැතිව පාඩුවේ සෙට්වෙන දෙයක් කාල හිටියම ඇති මටනං. සීනි වගේම ලුණුත් අවුල් පුලුවන්නම් බත් එකට ලුණු දාන එක නවත්තන්න.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,950
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දැනුවත්ව කොළඹ ගොඩක් එවුන් මැක් ඩොනල්ඩ් කේ.එෆ්.සී. බගර් කින් පීසා හට් අනම් මනම් ඒවල ඔෆර් වලට කනවා ගෙනත් අම්බානෙක

    ඔෆිස් වල එවුන් එහෙම අම්බානෙක කනවා නේ
    පස්සෙට ඉතින් කෙල වෙනවා

    නොකාම බැරිනම් ඉදල හිටල කාපන් කලා ඒකට හරියන්න අනිත් දේවල් කොන්ට්‍රෝල් කරපන්

    දැනුත් මේ යන්න ඉන්නේ. බයකරන්න එපා යකෝ...... :angry::angry:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උබලා ඔක්කොම වගේ 30+ ද? :rolleyes:

    විසිඅට වගේ වෙනකන් නම් හොදට එක්සයිස් කරනවා නම් කෑම බීම කන්ට්‍රෝල් කරන්න ඕන නෑ නේද?

    ඒ කාලේවත් හොදට කන්නෙ බොන්නෙ නැති ජීවිතෙන් වැඩකුත් නෑ. :lol:

    හොඳට කාල බීල හිටියා, ළමය හම්බුනාම වගකීමක් දැනුනා. දැන් පොඩ්ඩක් පරිස්සම්, කොල්ලට 20ක් උනාම හිතේ හැටියට කාල බීල ඉක්මනට මැරිල යනවා. එකම පැතුම.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,950
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොඳට කාල බීල හිටියා, ළමය හම්බුනාම වගකීමක් දැනුනා. දැන් පොඩ්ඩක් පරිස්සම්, කොල්ලට 20ක් උනාම හිතේ හැටියට කාල බීල ඉක්මනට මැරිල යනවා. එකම පැතුම.

    ඔයකිව්වට ඒ කාලේ වෙනකොට අනාතවෙලා යනවා කුකුළෝ. මගේ තාත්තා ජිවිතකාලේම සත්ව ආහාරෙකට කියලා කෑවේ මාළු විතරයි ඒකත් බොහොම අඩුවෙන්. අරක්කු සිගරට් කවදාවත් අරං නෑ, හොඳට ක්‍රියාශීලිව හිටියා නමුත් කාලෙත් එක්ක එන්න තියෙන පොෂ් ලෙඩ ටිකෙන් ටික හැදුනා. මම ඒකමයි කියන්නේ පස්සේ කොහොමත් කෙළවෙන එකේ මේ ටිකේ ලාවට කාලා දැම්මට අවුලක් නෑ කියලා. කන්න පුළුවන් කාලෙත් කට උක කරන් ඉඳලා අන්තිම කාලේ කොහොමත් කට උක කරන් ඉන්න වෙන්නේ.:baffled::baffled:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    24 :lol:
    oya kathawa hena waradi
    dan podi lamai sahena ganakatath diabetes thiyanawa. Kema kana, wathura bona syste wala loku waraddak thiyenne
    Anika dan godak foods process karana widiha hinda godak dewal ahithakarai. (germicides, pesticed,growth hormone etc)
    Dan balapan ki denekta cancer thiyenawada kiyala

    Exercise kara paliyata cancer cells marenne nehe

    මොනවා කලත් දැන් 40 කිට්ටු වෙද්දි එන්න තියෙන ලෙඩ ඔක්කොම ටික එනවා බන්. :(

    එතකොට උබ අවුරුදු දාසයක්ම විතර හොදට කාලා බීලත් නෑ.

    ඉතින් මම කිව්වේ වැඩිය අන්තෙට යන්නෙ නැතුව ඉන්න එක හොදයි කියන එක. :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113

    ඔයකිව්වට ඒ කාලේ වෙනකොට අනාතවෙලා යනවා කුකුළෝ. මගේ තාත්තා ජිවිතකාලේම සත්ව ආහාරෙකට කියලා කෑවේ මාළු විතරයි ඒකත් බොහොම අඩුවෙන්. අරක්කු සිගරට් කවදාවත් අරං නෑ, හොඳට ක්‍රියාශීලිව හිටියා නමුත් කාලෙත් එක්ක එන්න තියෙන පොෂ් ලෙඩ ටිකෙන් ටික හැදුනා. මම ඒකමයි කියන්නේ පස්සේ කොහොමත් කෙළවෙන එකේ මේ ටිකේ ලාවට කාලා දැම්මට අවුලක් නෑ කියලා. කන්න පුළුවන් කාලෙත් කට උක කරන් ඉඳලා අන්තිම කාලේ කොහොමත් කට උක කරන් ඉන්න වෙන්නේ.:baffled::baffled:

    අර Documentary එක බලන්නකො Free වෙලාවක

    සත්වාහාර නෙමේ සීනි ලොකු හේතුවක් ඔය පොශ් ලෙඩවලට.

    දැන් ඉඳන්ම හරි විදිහට කන්න පුරුදු වුණාම අන්තිම කාලෙ කොහොමත් අමුතුවෙන් නොකා ඉන්න දෙයක් නෑ පොශ් ලෙඩ හැදෙන්න තියෙන රිස්ක් එකත් අඩුයි.
     
    තිත්ත ඇත්ත. :cool:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    උඹේ තාත්ත උඹ ලොකු වෙනකල් පරිස්සමින් ඉන්න ඇති. පිස්සු කෙලල 40න් 45න් කෙල උනා නම් මොකද වෙන්නෙ???
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Mal Baba;2451[SIZE="4" said:
    [/SIZE]6679]මම දැනුවත්ව කොළඹ ගොඩක් එවුන් මැක් ඩොනල්ඩ් කේ.එෆ්.සී. බගර් කින් පීසා හට් අනම් මනම් ඒවල ඔෆර් වලට කනවා ගෙනත් අම්බානෙක

    ඔෆිස් වල එවුන් එහෙම අම්බානෙක කනවා නේ
    පස්සෙට ඉතින් කෙල වෙනවා

    නොකාම බැරිනම් ඉදල හිටල කාපන් කලා ඒකට හරියන්න අනිත් දේවල් කොන්ට්‍රෝල් කරපන්

    මේ එකක් වත් සෙට් වෙන්නෙ නැත්තෙ මට විතරද
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,950
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹේ තාත්ත උඹ ලොකු වෙනකල් පරිස්සමින් ඉන්න ඇති. පිස්සු කෙලල 40න් 45න් කෙල උනා නම් මොකද වෙන්නෙ???

    විශේෂ පරිස්සමක් වුනේ නෑ මචන්. අදටත් ලෙඩ කියලා අතාරින්නෙ නෑ කැමති දේ කනවා :)

    මගෙත් ළමයි තවම පොඩියි. මට විශේෂෙන් පරිස්සන්වෙන්න දෙයක් නෑ මම හැම කෑමක් බීමක්ම බොහොම අඩුවෙන් කන්නේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,950
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර Documentary එක බලන්නකො Free වෙලාවක
    සත්වාහාර නෙමේ සීනි ලොකු හේතුවක් ඔය පොශ් ලෙඩවලට.
    දැන් ඉඳන්ම හරි විදිහට කන්න පුරුදු වුණාම අන්තිම කාලෙ කොහොමත් අමුතුවෙන් නොකා ඉන්න දෙයක් නෑ පොශ් ලෙඩ හැදෙන්න තියෙන රිස්ක් එකත් අඩුයි.

    මම සීනි, පැණිරහ කන්නේ අඩුවෙන් බං. පාලනයක් නෙමෙයි ආස නෑ
    අපේ මහගෙදර තිබුන නරකම පුරුද්ද වේල් තුනක් තේ හැදීම. මම දන්නා තේරෙන කාලේ ඉඳලම ඕක නවත්තන්න බැලුවා හරිගියේ නෑ, හොඳ වෙලාවට මගේ දැන් පවුලේ කවුරුවත් ඔය තේ එක පස්සේ පන්නන්නේ නෑ..... මම ඉඳලා හිටලා එකක් හැදුවොත් ඇරෙන්න :dull:
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    සිනි ගොඩක් අඩු කලා
    කිරි පිටි තනිකරම නවතුව
    බත් කන එක වෙල් 1 බැස්සුවා
    oats කන්ඩ පටන් ගත්හ
    armond කනවා
    fruits වැඩි කල
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Blood Sugar තියන නිසාද මෙහෙම කලේ නැත්නම් එයි කියල බයටද?

    මාස දෙකකට කලින් චෙක් කරා. මේවා පටන් ගන්න කලින් 75ට තිබ්බේ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මොනවා කලත් දැන් 40 කිට්ටු වෙද්දි එන්න තියෙන ලෙඩ ඔක්කොම ටික එනවා බන්. :(

    එතකොට උබ අවුරුදු දාසයක්ම විතර හොදට කාලා බීලත් නෑ.

    ඉතින් මම කිව්වේ වැඩිය අන්තෙට යන්නෙ නැතුව ඉන්න එක හොදයි කියන එක. :rolleyes:

    මට 25යි. ඇති වෙන්න කෑවා. හිතාගන්න බැරි තරම්. දැන් ඒවා අයින් කරනවා.