ඒකට අපිට ඕනෙ T-Adapter and T-Ring කියන accessories දෙක
මම පලවෙනි පෝස්ට් එකේ ලින්ක් දාල ඇති
Telescope එකේ focuser එකට තමයි DSLR එක attach කරන්න ඕනෙ
ගොඩක් focuser 1.25" ජාතියෙ ඒව
පිළිවෙලින් focuser > T-Adapter> T-Ring > DSLR එකිනෙක හයි කරන්නෙ
DSLR එකේ ලෙන්ස් එක ගලවට ඒකට T-Ring එක හයි කරනව, ඕමෙ වෙනාවක ගලවන්න පුළුවන් ඒකත් ලෙන්ස් වගේ. Canon , Nikon වගේ බ්‍රෑන් එකට අනුව බලල ගන්න ඕනෙ ෆිට් වෙන එකක්.
ඊට පස්සෙ T-Ring එක හයි කරනව Universal T-Adapter එකකට. Universal කිව්වෙ ඒව ඕනෙම 1.25 focuser එකකට හෝ T-Ring එකකට හයි කරන්න පුළුවන් නිසා.
ඊට පස්සෙ ඔය සෙට් එක ටෙලස්කෝප් එකේ focuser tube එකට සෙට් කරනව. ඒව හදල තියෙන්නෙ ටක් ගාල සෙට් කරන්න/ගලවන්න පුළුවන් විදියට
නෝමල් camera උනත් සෙට් කරගන්න පුළුවන් ඒවට වෙනම adapter ඇති ebay එකේ.