කෙනෙකුට තවත් මිනිස් බව ලබපු මනුස්සයෙකුට පින් අනුමෝදන් කරන්නට බෑ.
එලෙස අනුමෝදන් කර පින් දිය හැක්කේ දෙවියන්ටත් පරදත්තුපජීවී ප්‍රේතයන්ටත් පමණි
නමුත් මනුස්සයෙකුට පුළුවන් තවත් කෙනෙක් කරන කුසල කර්මයක් ගැන දැනගෙන, ඒ කුසල කර්මය ගැන සතුටු වෙලා, පින් අනුමෝදන් කරගන්න.
thathsara.sl සහෝදරයට බොහොම පින් මේ ත්‍රෙඩ් එක පටන් ගත්තට. මේක කියවන පිනට කැමැති අයට, අනිත් අයගෙ කුසල් දිහා බලල, දැනගෙන , ඒ ගැන නිවැරදි අවබෝධයෙන් සතුටු සිත් ඇති කරගෙන, තමනුත් පින් කරන්නට සිතට ගන්නට මේ ත්‍රෙඩ් එක මහඟු උපකාරයක්.
තවත් එකක් කියන්න ඕනි, තථාගතයන් වහන්සේ දෙසූ දහම ට අනුව නිවැරදිව කරන පුන්‍ය කටයුතු පිළිබඳව ඔබ කාටවත් උත්තර බඳින්න අවශ්‍ය නෑ.
කරුණු අවබෝධයෙන් තොරව, දුන්න මුදල් ගැන, දුන්න දානය ගැන ලෝබ සිත් උපදවා සැක සිතින් දෙන දේ ආනිශංස නැති බව විතරක් සිතේ තබා ගන්න.
-----------------------------
මම අප්‍රේල් 21 දින මහරගම පිළිකා රෝහලට ගිහින් දුප්පත් දරුවන් දෙදෙනෙකුට බෙහෙත් අරන් දුන්නා..
පිලිකා රෝගයට ගන්න බෙහෙත් පුදුම ගණන් මචන්ලා.. සතුරෙකුටවත් එහෙමෙ ලෙඩ නම් හැදෙන්න එපා කියල හිතුනා.
--------------------------
The children's ward 16 needed 3 medicines;
- Original Neupogen® - Rs 6500 per vial
- Daktarin Oral Gel - Rs 600
- FUSIDIC ACID cream
If you are interested in making a donation, contact the Cancer Hospital on 2850252 or 2880253.