Pitakotuwa | Pettah Hacks

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අඩෝ මම මේ මෙහෙම සීන් එකක් හොය හොය හිටියේ. පට්ට බන්. මටත් බඩු වගයක් ගන්න තියෙනවා. Chemicle එකක්.:D එහෙනම් බංගසාල වීදියට ගියා නම් හරි.:yes:
     
    Sep 23, 2013
    188
    6
    0
    අඩෝ මම මේ මෙහෙම සීන් එකක් හොය හොය හිටියේ. පට්ට බන්. මටත් බඩු වගයක් ගන්න තියෙනවා. Chemicle එකක්.:D එහෙනම් බංගසාල වීදියට ගියා නම් හරි.:yes:

    බෝම්බයක් වත් හදන්නද යන්නෙ:D:D
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    අඩෝ මම මේ මෙහෙම සීන් එකක් හොය හොය හිටියේ. පට්ට බන්. මටත් බඩු වගයක් ගන්න තියෙනවා. Chemicle එකක්.:D එහෙනම් බංගසාල වීදියට ගියා නම් හරි.:yes:

    ade ehema illuwahama chemicals denawada ban ekapara
    govment eken awasara onnadda
     

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    බෙන්ගසාල වීදියෙන් මල් වගයක් අරන් වෙඩින් එකකට එහෙම මෙහෙන් දාලා එද්දි ෆෝන්ම තියෙන පැත්තක් සෙට් උනා
    අම්බෝ බන් සැම්සුන්ග් හොඳ ෆෝන් වල පට්ට කොපි තිබ්බා
    මම ගොනා සේ නොගෙන ආවා අනිත් උන් ගත්තා
    උන් ගත්ත කොපි තවම වැඩ මගේ ඔරිජිනල් එකෙ ඩිස්ප්ලේ එක ගියා කියපන් කො
    කොහෙද මචන් ඒ ෆෝන් තියෙන පැත්ත?
     

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    පිටකොටුව ප්‍රධාන වෙළඳ භාණ්ඩ අලෙවි මාර්ග (Shopping at Pettah)



    හදිසියේම මේ පෝස්ට් එක ලියලා දාන්න හිතුනේ අන්තර්ජාලෙ පීරලා හොයපු කාරණාවක් ජාලෙ නෑ කියලා තේරුනු නිසා. හොයපු කාරණාව තමයි කොළඹ පිටකොටුවේ බඩු ගන්න යනකොට ඒ ඒ බඩු ගන්න මොන මොන පාරවල්වලද යන්න ඕන කියන එක. කොළඹට ගිහින් ඇහුවාමත් දැනගන්න පුළුවන් වෙයිනෙ. ඒත් ඉතින් දැනගෙන යන එක හොඳයි කියලා තමයි හොයලා බැලුවෙ.

    එළකිරි යාලුවෙකුත් ලඟදි අහල තිබ්බනේ..

    මමපොඩි පොත් පිංචකින් හොයාගත්තු කාරණා ටික ඔන්න ජාලෙට දානවා. ඕගොල්ලො දන්න කියන කාරණාත් දාලා පෝස්ට් එක වැඩි දියුණු කරන්න පුළුවන්නම් ඒක ලොකු උදව්වක්.මෙන්න මේවා තමයි මම හොයාගත්තෙ.

    බෑග්, ඔරලෝසු, පාවහන් (පිරිමි )- මල්වත්ත පාර, 01 වෙනි හරස් වීදිය

    විදුලි උපකරණ හා ලෙදර් වර්ග - කුමාර වීදිය

    ගොඩනැගිලි ද්‍රව්‍ය - පරණ යොන් වීදිය

    විසිතුරු භාණ්ඩ, වීදුරු භාණ්ඩ, පොලිතින් - චයිනා වීදිය

    රෙදි - 2වෙනි හා 3වෙනි හරස් වීදි, කෙයිසර් වීදිය

    රසායන ද්‍රව්‍ය - බංගසාල වීදිය

    බෙහෙත් බඩු හා කේක් බඩු - ගබෝස් ලේන්

    ආහාර (තොග ) - 4 වෙනි හරස් වීදිය

    එළවළු - මැනිං වෙළඳපොළ, ඕල්කට් මාවත

    කරවල - පෙරේරා මාවත

    මංගල අරයුම් පත් - මැලිබන් වීදිය

    මුද්‍රණ ද්‍රව්‍ය හා ලිපි ද්‍රව්‍ය - රෝහිනි 1වෙනි පටුමග

    තරාදි හා ආයුධ වර්ග - 3 වෙනි හරස් වීදිය

    විදුලි උපකරණ හා මැහුම් උපකරණ - 2වෙනි හරස් වීදිය

    Updated:

    විදුලි උපකරණ කොටස් හා ඉලෙක්ට්‍රොනික් කොටස් - 1 හරස් වීදිය

    ඇඳුම් පැළඳුම් ( විසාකාමල්ස්, රන්ජනාස් වගේ මහා පරිමාණ ) - මේන් ස්ට්‍රීට්

    වීදුරු, මුහුණ බලන කණ්නාඩි - කුමාර වීදිය

    බයිසිකල්, කේක් බඩු - වේල්ල වීදිය

    වායු රයිෆල් - වේල්ල වීදිය

    රත්තරන් බඩු - හෙට්ටි වීදිය

    කෘතිම මල් - බංගසාල වීදිය

    කොස්මෙටික්ස්- (විළවුන් හා ආලේපන ) දෙවෙනි හරස් වීදියේ තියෙන අන්ඩග්‍රවුන්ඩ් කඩ

    ඔන්න ඔය ටික තමයි මට හොයාගන්න ලැබුනෙ. නිතර දේවේලෙ කොළඹ රටේ ගැවසෙන කොළඹ ගෙදර වගේ ඇත්තන්ගේ දැනුම අපේක්ෂා කරනවා.

    කලින් වතාවක කොළඹ ගිය වෙලාවක මූණදීපු ප්‍රශ්නයක් තමයි වාහනය නවත්වන එක. යෝක් වීදියෙ තිබ්බ රථගාල ඇරෙන්න
    ලේසි තැනක් තියෙනවද?


    මෙතනින් ගත්තේ...
    http://dreamsofharee.blogspot.com/2015/02/shopping-at-pettah.html

    kawru hari pinwathek google map ekath ekkama paarawal tika dammanam thama maru...
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ado fatta mchn....puluwan nam kyapanko peoples park arenna school stationary aduwata ganna place ekak....shop ekakata bn...
    birthday cards wage ganna yanna tanak...