හම්බන්තොටදී ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට යුධ හමුදාවෙන් පන්න පන්නා ගුටි !
27 February 2020 06:26 am
446
Shares
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (26) පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් පිරිසකට යුධ හමුදාවෙන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම තරගය නැරඹීම සඳහා විශාල උද්‍යෝගයක් ප්‍රේක්ෂකයින් තුළ තිබුණු අතර ප්‍රවේශපත් නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් සේවක පිරිසක් යොදවා නොතිබුණු බැවින් ක්‍රීඩාංගණයේ පිවිසුම් ගේට්ටුව අසල යම් නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව තිබිණි.
එහිදී තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය මෙන්ම යුධ හමුදාව ද කැඳවා තිබුණු අතර හමුදා සාමාජිකයින් ප්‍රේක්ෂකයින්ට පන්න පන්නා පහරදෙන ආකාරයත් ප්‍රේක්ෂකයින් "ගහන්න එපා දෙයියනේ" කියමින් කෑ ගසන දැකගත හැකිවිය.
ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවාගෙන, ශ්‍රී ලංකා ජාතික කොඩියේ පාට මුහුණේ පින්තාරු කරගෙන, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයඝෝෂා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීම සඳහා පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට පන්න පන්නා පහරදීම ශ්‍රී ලංකා යුධ හමුදාවට අභිමානයක්ද හෝ ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් ගුටි කෑම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අභිමානයක්දැයි අප දන්නේ නැත.
රථ වාහන හැසිරවීමේ පටන් සිවිල් රාජකාරි සඳහා හමුදාව යෙදවීමෙන් අනාගතයේදී ලැබෙන්නේ කුමක්ද යන්නට මේවාත් උදාහරණ වනු ඇත.

හරියට සිග්නල් දෙන්න දන්නෙ නෑ. උන් අත් කරකවන හැටියට අපි හිතාගන්න ඕනෙ මූ කිව්වෙ මේක වෙන්න ඇති කියල 