QR එක හඳුන්වා දුන්නත් තාම ඒක හරි විදියට ක්රියාත්මක වෙන්නෙ නෑ නේ.. මම තෙල් ගැහුව නම් මගේ නමට ඉස්සරහින් ගත්තු තෙල් ගාණයි, දිනෙයි, සතියට හිමි ගාණයි, ඉතුරු වෙලා තියෙන ගාණයි හරි විදියට update වෙනව නම් සහ ෂෙඩ් වලට දාලා ඉන්න පොලිස් සහ හමුදා නිළධාරීන්ට හරි විදියට නීතිය ක්රියාත්මක කරන්නය කියන අණ දීලා ෂෙඩ් ගාව මේ දවස් වල බෝ වෙලා ඉන්න ගමේ චණ්ඩි කියන හැත්තට ඇට කැරකෙන්න දීපු දාට පොලිම් ලෙප්ට් සහෝදරයා.. හරි විදියට system එක දුවන්නෙ නැති කමයි ප්රශ්ණෙ.. දැන් QR code එකෙන් වැඩියෙන්ම පාඩු වෙන්නෙ කාටද? Threewheel උද්දික පුතාලටයි ෂෙඩ් වල පොම්පෙ ක්රියා කරවන එකාලටයි නෙ.. උන් මොනව හරි හේතු හොයයි system එක අවුල් කරන්න.. ගෝට පන්නන්න පෙල ගැහුන වගේම ෂෙඩ් එකේදිත් ඇත්ත / සාධාරණය කතා කරන්න මිනිස්සු පෙල ගැහුණ නම් ඉවරයි..