මට මෙන්න මෙ ත්‍රෙඩ් එක දැක්කාහම පොඩි කාරණාවක් ගැන සංවාදයක් ඇතිකරගන්න ඔනි උනා.
ටොක් විත් චතුර ප්‍රොග්‍රැම් එකට ගෙන්නපු එක් මහාචාර්‍යවරයෙක් එම වීඩියො එකෙ අන්තිම හරියෙ කියන දෙයක් ගැන නිසා මට පොඩි කළකිරිමකුත් ආවා .
එහි මුක්‍ය අර්ථය උනෙ හාවර්ඩ් එකට ගියත් වැඩක් නැහැ රොයල් එකට ගියෙ නැත්තම් අපෙ රටෙ තැනක් නැහ සහ හරි හමන් සෙවයක් කරන්න බැහ වගෙ අදහසක් .
ඒ එක්කම එක් යුසර් කෙනෙක් ඒ ත්‍රෙඩ් එකෙ මෙන්න මෙ වගෙ පොස්ට් එකකුත් දාල තිබ්බා.
ඒ පොස්ට් එකෙ මුක්‍ය අර්ථය උනෙ රටෙ ගොඩක් කඩාවැටීමට රොයල් ගිය උන්ගෙ දායකත්වට වැඩි බව.
මොකද මෙ ගැන කියන්නෙ ?
ටොක් විත් චතුර ප්‍රොග්‍රැම් එකට ගෙන්නපු එක් මහාචාර්‍යවරයෙක් එම වීඩියො එකෙ අන්තිම හරියෙ කියන දෙයක් ගැන නිසා මට පොඩි කළකිරිමකුත් ආවා .
එහි මුක්‍ය අර්ථය උනෙ හාවර්ඩ් එකට ගියත් වැඩක් නැහැ රොයල් එකට ගියෙ නැත්තම් අපෙ රටෙ තැනක් නැහ සහ හරි හමන් සෙවයක් කරන්න බැහ වගෙ අදහසක් .
ඒ එක්කම එක් යුසර් කෙනෙක් ඒ ත්‍රෙඩ් එකෙ මෙන්න මෙ වගෙ පොස්ට් එකකුත් දාල තිබ්බා.
ලංකාවේ රට ගැන තීරණය කරන රජයේ ලොකුම තනතුරු ගොඩක ඉන්නේ රෝයල් කට්ටිය....... ඒකට සමානව පුද්ගලික සමාගම් වල අයිති කරුවන් සහ ප්‍රධානීන් ගොඩක් රෝයල්...
ඉතින් රටක් දියුණු වෙයි ද?
උදාහරණෙකට රටේ සූර්ය බල නිශ්පාදනය වැඩි කරන්න සහන දෙන්න ඕනේ කියලා ඇමති කියන කොට විදුලි බලු මංඩලේ ඉන්න ඉංජා රෝයල් මිතුරු තාප බලාගාර හිමියාගේ ඉල්ලීම පරිදි කල් මරණවා.... මහ බැංකුවේ රෝයල් මිතුරා බදු සහන ලිපිගොනුව ප්‍රමාද කරනවා.... රේගුවේ රෝයල් මිතුරා සූර්ය පැනල් ගෙන්වන්න සමාගම් වලට වධ දෙනවා.... එකේ රෝයල් මිතුරා නව BOI ආයෝජන එපා කරවනවා... පරිසර නිළදාරීන් තාප බලාගාරෙට අවසර දෙනවා නමුත් සූර්ය පැනෙල සමාගම් වලට කරදර කරනවා....නීති ලොක්කෝ පොලිස් ලොක්කෝ ත් දන්කුඩ කඩනවා....
ඉතින් අන්තිමට ඡන්දේ ට වියදම් කරන්නෙ ත් තාප බලාගාරෙන් රෝයල් ඇමතියාට.... ඉතින් ඇමතියා විදුලිබල ඇමතියාට කියනවා තාප බලාගාරෙට තව අල්ලන් යමු කියලා, මෙච්චර වැස්සත් මුදල් අමාත්යංශයේ රෝයල් මිතුරා හරහා වැඩි මිලට තාප බලාගාර විදුලි ය වැඩි මිලට මිලදී ගන්න ඇමති ට බලපෑම එනවා.... සමහර විට ඉහළ තැනකින් කෝල් එකක් වුනත්......
තව උදාහරණයක් දෙන්නම්.....
ලංකාවේ බෙහෙත් හදන ඒවට අවසර දෙන තැනක් තියෙනවා NMRA කියලා.... ඒකේ ලොක්කා රෝයල්, බෙහෙත් ගෙන්වන්න සමාගම් වල අයිතිකරුවන්, ලොක්ක රෝයල්.... ඉතින් විහිළුව තමයි එක එක හේතු දක්වලා new factory aproval ප්‍රමාද කරන එක....( rejected FDA approved drugs also)
මේවැනි ආර්ථික මර්මස්තාන වලට රෝයල් හෝ ඒ වගේ සමාජ ගැටි නිසා හානිය ප්‍රභලයි.
Deal, Negotiating දා ගැනීම network පහසුව සඳහා රෝයල් එවුන්ගේ ප්‍රභල නිසා මම වුනත් කැමති රෝයල් කෙනෙක් මගේ සමාගමේ CEO කරන්න....
අනෙක හොඳම වෙදතුමන්ලා, ඉංජිනේරුවෝ, දේශපාලන නිළයන්, නීති ලොක්කෝ, සිවිල් ලොක්කෝ බිහි කරපු රෝයල් එකේ අය..... බහුතරයක් හොරු.... ඒ කියන්නේ පහල පවුල් පසුබිමකින් එන ඉගෙනීමට දක්ශ අය, රෝයල් ධනවත් මිතුරාන් හා සමවීමට අනියම් ක්‍රම වලින් සල්ලි හොයනවා....
ලංකාවේ ලොකුම හොරකම් වුන මහ බැංකු, හෙජින්, ග්‍රීක බැඳුම්කර, සතොස හොරකම්, මිග් වංචාව, රුධිර කාන්ඩුපෙරන කට්ටල වංචාව ( ලෙඩ්ඩු ඝාතනය), ආයුධ මිලදී ගැනීම වංචා, හම්බන්තොට වරාය සෑදීම විකිණීම ඉහළ නිළයන් දැරූ රෝයල්වරු ඉහලින්ම සම්භන්ද යි....
මෙතන හොඳ දේවල් කරපු රෝයල් ගැන නොකීව්වේ, නරක දේවල් වලින් වුන හානිය හොඳ දේවල් වලින් වුන හොඳට කැපී නො යන නිසයි.
ඒ පොස්ට් එකෙ මුක්‍ය අර්ථය උනෙ රටෙ ගොඩක් කඩාවැටීමට රොයල් ගිය උන්ගෙ දායකත්වට වැඩි බව.
මොකද මෙ ගැන කියන්නෙ ?