මෙහෙමයි සිද්දිය,
ලක්ෂ 15යි උපරිම දාන්න පුලුවන්. අවු 60ට වැඩි වෙන්න ඕන. ලක්ෂ 15 කියන්නෙත් බැංකු හැම එකේම එකතුව. උඹ BOC එකේ 10ක් දැම්මොත් NSB එකේ 5යි දාන්න පුලුවන්. 15 සීමාව පනින්න බෑ කිසිම බෑන්ක් එකක එකතුවෙන්. කාලසීමාව අවුරුද්දයි. එයිට අඩුවෙනුත් නෑ වැඩියෙනුත් නෑ. මාසිකව පොලිය ගන්නව 14%යි ගානක් අවුරුද්ද අවසානයේ ගන්නව නම් 15%යි.
ටැක්ස් කතන්දර මුකුත් නෑ.
මේකෙ එතකොට රිස්කි පැත්ත තමයි FD එක වැටෙන්නෙ ඒ දාන කෙනාගෙ නමින්. එයාට ඕනම වෙලාවක FD එක ගලවන්න පුලුවන් කාගෙන්වත් අහන්නෙ නැතුව. ඒ රිස්ක් එක තමයි ඉතිං ලොකුම රිස්ක් එක. FD එක දාද්දි අනිවාර්යෙන් Nominee කෙනෙක් දාන්න එතකොට එයා මැරුණොත් උඹට අනිවා ඒක එනව ඒ නිසා ප්‍රශ්නයක් නෑ.
තව මේකෙ කතන්දරයක් තියෙනව ඒ කෙනා මැරුනොත් ඒ අවුරුද්දට 15% පොළියම එන්නෙ නෑ කියල ඒකෙ නම් ඇත්ත නැත්ත දන්නෙ නෑ. ඒක එච්චර අදාළ ප්‍රශ්නයකුත් නෙමෙයි.
ආහ් අනිවා BOC, NSB, Peoples 3න් එකක දාන්න රිස්ක් එක අඩුම කරගන්න නම්. එහෙම නැත්නම් Sampath or Commercial Private බෑන්ක් එකක් නම්