මම ඇහුවෙ විවාහ වෙලා අවුරුද්දෙන් ලිංගික ආකර්ශනේ නැතිවෙනවා කියල අවබෝධ වෙලත් ඒ හේතුව උඩ "ඇතැම්විට" දික්කසාද වෙන අය කලකිරීමෙන් නෙමෙයිද දික්කසාද වෙන්නේ කියල![]()
අපිට එකම වැල උනත් හය හත් වතාවක් බලන්න බෑනේ බන්.ඒ වගේ තමා ඕකත්.වතාවක් මම දන්න එකෙක් කියනවා අප්පා මල්ලී කසාද බැඳපු මුල් කාලේ දවසට 4-5 වතාවල් කලා.දැන් නම් දකිද්දිත් කම්මැලියි නිදිමතයි කියලා.ඒක ඒකාකාරී වෙනවා.උඹලා දැකලා නැද්ද පට්ට ලස්සන ගෑනු ඉන්න මිනිස්සු වෙන ඒවා හොයනවා? කොයි තරම් රස කෑමක් උනත් හැමදාම කනකොට එපාවෙනවා නේ?ඒ වගේම තමා ඕකත්.කෑම නම් විවිධත්වයක් ඇතුව කන්න පුලුවන්.හැබැයි කසාද බැන්දට පස්සේ සෙක්ස් වල විවිධත්වයක් හොයන්න බෑනේ.ඒක නිසා තමයි දෙන්නා අතර හොඳ බැඳීමක්,අවබෝදයක් තියෙන්න ඕනි කියන්නේ.එහෙම බැඳිමක් තියෙනනම් පිරිමියෙක් වටේ යන එක ගොඩාක් දුරට අඩු වෙනවා.
ඔතන අවබෝධයෙන් කියලා අදහස් කරන්නේ ලිංගික ආකර්ශනය අවුරුද්දකින් අඩුවෙන එක නෙමෙයි, දෙන්න අතර තියෙන අවබෝධය.දෙන්න අතර හොඳ අවබෝධයක්,බැඳීමක් තියෙනවනම් ලිංගික ආකර්ශනේ අඩුවුනත් විවාහය සතුටින් පවත්වාගෙන යන්න පුලුවන්.එහෙම නැති උනොත් ඒක දිකසාදය දක්වා ඇදී යන්නත් පුලුවන්




