SINGER ධම්මිකට

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Dhammika-Hayles-SINS-562x265.jpg

    සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි තවත් කොටස් මිලියන 35.56 ක් මිල දී ගැනීමට හේලීස් සමූහය අද (15) දින පියවර ගනු ලැබීය.

    අද පෙරවරුවේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කළ සුළු මොහොතකින් සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 35,562,883 ක් මේ අනුව ගනුදෙනු වූ අතර එහිදී රු. 47.00 බැගින් එක් කොටසක් ගනුදෙනු විය.

    මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. 1,671,455,50.00 කි.

    සමාගමේ 6 වැනියාට විශාලතම කොටස් හිමියා වූ Retail Holdings (Sri Lanka) BV විසින් මෙම කොටස් විකිණීම සිදුකරනු ලැබීය. එය සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 9.47% කි.

    Retail Holdings (Sri Lanka) BV මීට පෙර සිංගර් (ශ්‍රී ලංකා) හි ප්‍රධානතම කොටස් හිමියා වූ අතර එහිදී කොටස් 267,427,245 ක් ඔවුන් සතුව පැවතිණි. එය සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 71.19% කි.

    2017 වසරේ සැප්තැම්බර් මාසයේ දී සිය සම්පූර්ණ හිමිකාරීත්වය හේලීස් සමූහය වෙත මුදා හැරීමට ඔවුන් විසින් තීරණය කරනු ලැබීය.

    ඒ අනුව සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි 61.73% ක කොටස් හිමිකාරීත්වයක් 2017 සැප්තැම්බර් 15 දින මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බහුතර කොටස් අයිතිය දරනු ලබන හේලීස් පීඑල්සී විසින් මිල දී ගනු ලැබීය.

    එහිදී කොටස් 231,864,362 ක් හේලීස් සමූහය විසින් රු. 47.00 බැගින් මිල දී ගත් අතර රුපියල් බිලියන 10.89 (10,897,625,014.00) ක් ඒ වෙනුවෙන් හේලීස් සමූහය අයෝජනය කළේය.

    එහිදී තවත් කොටස් 35,562,883 (9.47%) ක් Retail Holdings (Sri Lanka) BV සතු ව ඉතිරි ව පැවති අතර හේලීස් සමූහය කියා සිටියේ මෙම කොටස් ඉදිරි මාස 12-15 ත් අතර කාලයක් තුළ දී මිල දී ගැනීමට සැලසුම් කර ඇති බවයි. අද දින ගනුදෙනු වූයේ එසේ ඉතිරිව තිබුණු කොටස් ප්‍රමාණයයි.

    ඒ අනුව සිංගර් Retail Holdings (Sri Lanka) BV සතුව පැවති (ශ්‍රී ලංකා) පීඑල්සී හි 71.19% ක්වූ සම්පූර්ණ කොටස් අයිතිය අද (15) දින සිදුකෙරුණු මෙම ගනුදෙනුවත් සමඟම හේලීස් පීඑල්සී සමූහය සතුවනු ඇත.

    හේලීස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 50.44% ක අයිතිය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතු වේ.




    *UPDATE

    සිංගර් කොටස් ගනුදෙනුවෙන් පසු ශුද්ධ විදේශීය ගලායාම රු. බිලියන 8 ඉක්මවයි


    ඊයේ (15) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදු වූ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී කොටස් ගනුදෙනුවත් සමඟින් 2018 වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් ආයෝජකයින් විසින් විකුණා ඇති කොටස්වල ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 8.3 ක් ලෙසින් වාර්තා වේ.

    හේලීස් පීඑල්සී විසින් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී අත්පත් කර ගැනීමේ දී ඉතිරිව තිබූ කොටස් මිලියන 35.56 ක් ඊයේ දින ගනුදෙනු වූයේ රුපියල් බිලියන 1.67 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා කරමිනි. මෙහිදී සිංගර් (ශ්‍රී ලංකා) හි විශාල.ම කොටස් හිමියා වූ Retail Holdings (Sri Lanka) BV සිය කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම අත් හරිනු ලැබීය.

    මෙම ගනුදෙනුව ද ඇතුළුව ඊයේ දින කොළඹ කොටස් වෙළෙඳපොළ විදේශීය විකුණුම් රු. බිලියන 1.78 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 65.17 ක් පමණක් විය.

    ඊයේ (15) කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලිවන 1.98 කි. මෙය වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම වූ රුපියල් මිලියන 771.5 මෙන් 2 ½ ක ගුණයකි. එසේම පසුගිය අගෝස්තු 07 වැනිදායින් පසු වාර්තා වුණු වැඩිම දෛනික කොටස් පිරිවැටුම ලෙසින් ද මෙය වාර්තා වේ.




    Ada derana biz
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    Lanka Tile eka dunna Dhammika mama hithanne , dan Lanka tile eka China seen ekake da koheda
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,025
    4,580
    113
    Sihalayek thawamath lankawe no 1 kiwwahama gathiyak thiyanawa. e gana hithamu.




    but he learnt it all from a pakistan Hamba fellow...that fellow was his good friend and a very good mathematician. He ended up as the chief economist of pakistan. Dhammika perera has revealed this
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Lanka Tile eka dunna Dhammika mama hithanne , dan Lanka tile eka China seen ekake da koheda

    :no:ලංකා ටයිල් ධම්මික ගේ.මිනිහ ගත්තොත් මිසක් දෙන්නෙ නෑ.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    robots lagen wada karana company ekak thiynawa kiyanne bathware hadana...:D:D:D
    http://rocellbathware.com/our-company/
    The technology and expertise used to create our bathware masterpieces comes from leading sanitary ware experts like Sacmi - Italy, Unimak - Turkey, S.A.I.T. - Italy etc. We've invested an initial sum of Rs.1.8 billion in our state-of-the-art production plant in Sri Lanka to make it the most well-equipped and hi-tech production facility in the region. This includes robots for glazing, semi-pressure casting lines, automated dryers and high performance kilns.
     
    Last edited: