Sink Help එකක් දෙන්න

LegendWarrior

Active member
  • Nov 23, 2017
    323
    186
    43
    මචං අලුතෙන් සින්ක් එකක් ගෙනවා ..ඩබල් එකක්..
    ගැබුරු කොටු එකක්..
    පැන්ට්‍රී එක අලුතෙන් හදනවා සින්ක් එක තියන්න..

    මට තෙරෙන්නේ නෑ මේක කොහොමද තියන්නේ..
    ටයිල් අල්ලල ටයිල් එක උඩින් තියන්නද?
    නැත්නම් ටයිල් සම මට්ටමට තියන්නද? නැත්නම් පල්ලෙහායින් තියන්නද?

    තව මේක හයි කරද්දි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් මොනවද? වතුර ලීක් වෙන්නේ නැති වෙන්න සීල් කරන්න වගේ..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    සාමාන්යෙන් ටයිල් සම මට්ටමේ අල්ලන්නේ. උස්සලා සෙට් කලොත් හරි පහත් කටලා සෙට් කලොත් හරි කැත වෙයි.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    ඇතුලට බස්සලා වගේ අල්ලන එක පාවිච්චියට හොදයි. හැබැයි පස්සෙ කාලෙක මාරු කරන්ඩ ගියොත් case.සීල් වෙන්ඩ නම් සිලිකන් දාපන්.

    Pantrya ට කීයක් ගියාද .Granite Top ද concrete ද
     

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    323
    186
    43
    සාමාන්යෙන් ටයිල් සම මට්ටමේ අල්ලන්නේ. උස්සලා සෙට් කලොත් හරි පහත් කටලා සෙට් කලොත් හරි කැත වෙයි.

    ow mamath e seen ek danne naha hariyatama.. bass kohomath karanne mama kiyana eka ekai
    ඇතුලට බස්සලා වගේ අල්ලන එක පාවිච්චියට හොදයි. හැබැයි පස්සෙ කාලෙක මාරු කරන්ඩ ගියොත් case.සීල් වෙන්ඩ නම් සිලිකන් දාපන්.

    Pantrya ට කීයක් ගියාද .Granite Top ද concrete ද

    naha bn echchara loku scene ekak kale naha.. nikan tile karanna hadanne..
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,235
    6,804
    113
    හයි කරාම පැන්ට්‍රි ටොප් එකට ලෙවල් වෙන්න හයි කරගත්තා නං හරි. පෑන්ට්‍රි එකට වඩා සින්ක් එකේ ගැට්ට උස උනොත් පැන්ට්‍රි එකට වැටෙන වතුර එහෙම සින්ක් එකට යවාගන්න විදියක් නැති වෙනවා
    සින්ක් එකේ ගැට්ට පැන්ට්‍රි එකට වඩා පහත් උනොත් එතන දාරෙ අස්සෙ කුනු පිරිලා සුද්ද කරන්න කරදරයි

    හයි කරද්දි පැන්ට්‍රි එකේ සින්ක් එක දාන හිල ඇතුලෙ පොඩි ledge එකක් වගේ තියෙන්නෙ හදලා ඒකෙ තමයි සින්ක් එක රඳවලා තියෙන්නෙ
    ලොකුවට හයි කරලා නෙමෙයි සින්ක් එක තියන්නෙ, සිලිකන් හරි construction adhesvie වලින් අලවලා තියෙන්නෙ. සින්ක් එකේ බර නිසා හෙලවෙන්නෙ එහෙම නැහැ. සින්ක් එක හදිසියකදි ගලවගන්න පුලුවන් විදියකට තියෙන්න ඕන,
    හයි කරද්දි සින්ක් එකේ දාරෙ යට පැත්තෙ හොඳට සිලිකන් දාන්න ඕන වතුර ලීක් වෙන්නෙ නැති වෙන්න
    හයි කරලා ඉවර වෙලාත් තියන පොඩි සිදුරු සහ ගැප් වැහෙන්න සිලිකන් දැම්මම හරි. එතකොට වතුර ලීක් වෙන එක නතර වෙනවා.

    මොන මගුල කරත් කාලයක් යද්දි සින්ක් එක අස්සට වතුර seap වෙන එක නං නවත්තන්න බැහැ ලාවට තෙතමනේ යනවා, හැබැයි යටින් බේරෙන්නෙ නැති වගේ ඒව නං වෙන්නෙ නැහැ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔය ක්‍රම තුනටම ඕක හයි කරන්න පුලුවන්. හැබැයි වැඩිපුරම හොඳ නම් සම මට්ටමේ හෝ ඇතුලට බස්සලා හයි කරන එක. පැන්ට්‍රි එක හින්දා උඩින් තියන එක අනුමත කරන්නේ නෑ.
     
    • Like
    Reactions: weere_singhe

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,133
    1
    100,868
    113
    34
    Kalutara
    ඕක යටට බස්සලා හයි කරන්න ඕන. සම මට්ටමේ තිබ්බම වතුර සේරම බිමට වැටෙනවා. තමන්ගේ ඇඟටත් එක්ක.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    ටයිල් එක උඩින් තිබ්බම සින්ක් එක වැහෙනවනේ. එතකොට පාවිච්චි කරන්නෙ කොහොමද
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,006
    1,364
    113
    සම මට්ටමේ හෝ බස්සලා හයි කරන්න.
    හරි ටයිල් බාස් කෙනෙක්ට ලස්සනට ග්‍රවුට් වලින් වතුර ලීක් නොවෙන විදිහට හයි කරන්න පුළුවන්
    අනික සින්ක් එකකේ යුනිවර්සල් සයිස් වලට, කවදා හෝ ඕක මාරු කරන්න කියලා හිතුනොත් ඔය සයිස් එකට වෙන එකක් ලේසියෙන් දාගන්න පුළුවන්.