දැනට Social Media Marketing ජොබ් එකක් විදිහට ආයතනවල කරන අය හෝ තනි තනිව Social Media Marketing ප්‍රොජෙක්ට් අරන් කරන අය ඉන්නවද? එහෙම ඉන්නවා නම් ඔයාල කොහොමද ඒ ෆීල්ඩ් එකට බැස්සේ ?
කොලිෆිකේෂන් හදාගත්තේ ?
මේ ෆීල්ඩ් එකට එනවා නම් පරිශීලනය කරන්න හොද Courses / Youtube Channels / Websites මොනවද ?
ක්ෂේත්‍රයේ ඉන්න අය දන්නා ටිප්ස් අපිටත් ඉගෙන ගන්න කමෙන්ට් කරගෙන යමුද?
ස්තුති.
ඔව්

Social Media Marketing field එකේ වැඩ කරන අය ගොඩක් ඉන්නවා. මමත් මේකේ ආරම්භක level එකේ projects ගත්තා. මුලින්ම YouTube videos, free courses බලලා basic knowledge එක ගත්තා. පස්සෙ Google Digital Garage, Meta Blueprint, Hubspot වගේ free certifications කරගත්තා.
ඉගෙන ගන්න හොඳ platforms:
- Google Digital Garage (Free)
- Meta Blueprint (Facebook/Instagram ads සඳහා)
- Hubspot Academy (Inbound marketing, content strategy)
- YouTube channels: Neil Patel, Simplilearn, Surfside PPC
අත්දැකීම් වලින් කියන්න ඕනේ දෙයක් තමයි –
practice කරන්න. අපි අරගන්න knowledge එක actual pages/projects වල test කරලා බලනකොට තමයි හොඳට grasp වෙනවා.