සෝෂල් ෆෝබියා තියෙන අය වරදවා වටහා ගන්නෙ ඇයි බන් ? මේක තියෙන අය අනිත් අය එක්ක වැඩිය මුහු වෙන්නෙ නැති නිසා අනිත් අය හිතන්නෙ ඌ හෙන ලොකු කමකින් ඉන්නෙ. ඒ නිසාම අනිත් අය සෝෂල් ෆෝබියා තියෙන කට්ටිය වැරදියට වටහාගෙන විශේෂයෙන්ම ඒ අය එක්ක කතා කරන එක අඩු කරනවා. ආශ්රය අඩු කරනවා. ඉතින් සෝෂල් ෆෝබියා තියෙන කට්ටිය තවත් මානසිකව වැටෙනවා. ගොඩක් අය හිතන්නෙ සෝෂල් ෆෝබියා තියෙන අය අහංකාරයි, උඬඟුයි, ආඩම්බරයි, ලොකු සීන් එකේ ඉන්නෙ, ආත්මාර්ථකාමියි, කියලා. මම මේක කිව්වෙ මටත් මේ ගතිය තියෙනවා. ඒත් ඉස්සර තරම් නැහැ. හැබැයි මම මාව සෝෂල් ෆෝබියා කාරයෙක් ගාණට දාගන්නෙ නෑ. මම dynamic, outgoing personality එකක් තියෙන කෙනෙක්. 

