Software Industry

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,133
    22,567
    113
    ජොබ් හොයාගන්න බැහැ කියන්නෙ ඉතිං ස්කිල් එක නැහැ කියන එක තමයි
    කියන්න තියෙන්නෙ IT ඩිග්‍රී කරන්න එපා කියලා නෙමෙයි කරන්නං වාලෙ කරන්න එපා කියලා. ඒ වගේම නිකං තියන කඩවල් වල කරන්න එපා කරනවා නං රෙපියුටේශන් එකක් තියන තැනක කරන්න වෙනවා

    වැඩ්ඩෙක් නං ජොබ් තියනවා (නිකමට බලපන් ලංකාවෙ හොඳම කියලා කියන ගොඩක් කම්පැනි වල හැමදාම වේකන්සි තියනවා WSO2, Sysco වගේ එවයෙ දැන් ගිහින් බැලුවත් වේකන්සි තියනවා)

    දැන් ෆීල්ඩ් එක පට්ටම කම්පෙටිටිවු. ගොඩක් එවුන් තමන්ව over estimate කරන් ඉන්නෙ.

    anik hama ratema tech ekka issarahata yanawa... mun kaluen adinawa 🤣😂 job karannama ona nane uta startup ekak karanna puluwan.. kocchhara wada karanna puluwwnda... mu wage bath gila gila inna ewun kiyana ewa ahanna epa... asa ee karapn kawuru unatha :yes:

    සරල දෙයක් කියපන්කො. දැන් Entry level job හොයන උන් ඔක්කොම උඹල ඔය කියන (එකෙක්වත් හරියට තේරුමක් දන්නැති) "ස්කිල් එක" හදාගත්තොත් තව මාසයක් විතර යද්දි උන් ඔක්කොටම දෙන්න ජොබ් තියෙනවද?

    කොහෙ හරි කම්පැනියක් තියෙනවන් කියපන් ස්කිල් එක නැති නිසා intern, associate උන්ව හොයා ගන්න බැරුව ඉන්න? කොහෙ හරි ලංකාවෙ එහෙම කම්පැනියක් තියෙනව ද?

    ඔය ඕපන් වෙන එක පොසිෂන් එකට දහස් ගනන් applications එනව.

    කොයි රටෙත් එහෙමයි. Reddit එකේ එහෙම බලපන්. නැත්තන් මෙහෙ ඉඳන් ගිය උන්ගෙන් අහල බලපන්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    මේකියන කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. දැන් අලුතෙන්ම IT Degree එකක් නම් පටන් ගන්න එක රෙකමන්ඩ් කරන්න අමාරුයි ලංකාවෙ පොඩි එකෙක්ට. පොඩ්ඩක් මේපාර මොරා IT, USSC ෆයිනල් year ලමයින්ගෙන් ඉන්ටර්න් හම්බුන සෙට් එක ප්‍රතිශතයක් විදිහට කීයද කියලා හොයලා බලපන්කො. IIT, SLIIT නැතුව අර දෙක විතරක් කිව්වෙ ඉස්සර කම්පැනි කැම්පස් වලට ඇවිල්ලා අරුන් සෙට් එක ඉන්ටර්න් වලට උස්සන් ගියෙ නැති ටික විතරයි. දැන් ඒවගෙත් ඉන්ටර්න් හම්බුන ප්‍රතිශතය බැලුවම තමා හික් ගෑවෙන්නෙ. ඒකෙනුත් සමහර උන්ට හම්බෙලා තියෙන්නෙ කනෙක්ශන් නිසා. බොරුවට මේ දැන් හිතට එන නමක් දාලා ex: Elakiri Software Solutions වගේ එකක් දාලා ලින්ක්ඩින් කම්පැනි ප්‍රොෆයිල් එකක් හදලා ඉන්ටර්න්ලා ඉල්ලලා පෝස්ට් එකක් දාලා පැය දෙකකින් තුනකින් බලපන්කො ශුවර් නැත්තං. ඒත් over 100 applicants වෙලා තියනවා ලොවෙත්. සමහර පොඩි උන් unpaid ඉන්ටර්න් යන්න ඉන්ටර්න් සෙට් කරලා දෙන උන්ට 50000, ලක්ෂෙ දෙන්නත් හොයනවා. දැන් සමහර උන් බොරුවට කම්පැනි අටවන් ඉන්නවා සල්ලි අරන් ඉන්ටර්න් දෙන්නම. ඩස්පලන්තෙ වගේ වෙලා දැනටම. ඔන්න ඕකයි දැන් අලුතෙන් එන උන්ට industry එකේ තත්වෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,133
    22,567
    113
    I worked for WSO2 for 7Y and recently moved on. Still they have vacancies, even in the team I used to work.

    මටනන් පෙන්නන්නෙ ඔච්චරයි බන් උන්ගෙ සයිට් එකේ.

    rLefZGq.png
     
    • Like
    Reactions: JohnSnow

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,087
    4,857
    113
    Job one taram tiyenawa, right skilled ayata. dan inna un modayo wage IT/SE karanwa interview wala ana gannwa.
     
    • Like
    Reactions: itguy77

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    1. සරල දෙයක් කියපන්කො. දැන් Entry level job හොයන උන් ඔක්කොම උඹල ඔය කියන (එකෙක්වත් හරියට තේරුමක් දන්නැති) "ස්කිල් එක" හදාගත්තොත් තව මාසයක් විතර යද්දි උන් ඔක්කොටම දෙන්න ජොබ් තියෙනවද?

    2. කොහෙ හරි කම්පැනියක් තියෙනවන් කියපන් ස්කිල් එක නැති නිසා intern, associate උන්ව හොයා ගන්න බැරුව ඉන්න? කොහෙ හරි ලංකාවෙ එහෙම කම්පැනියක් තියෙනව ද?

    ඔය ඕපන් වෙන එක පොසිෂන් එකට දහස් ගනන් applications එනව.

    කොයි රටෙත් එහෙමයි. Reddit එකේ එහෙම බලපන්. නැත්තන් මෙහෙ ඉඳන් ගිය උන්ගෙන් අහල බලපන්.
    1. එහෙම ජොබ් දෙන්න field එක කම්පෙටිටිවු නැති කාලකවත් බෑ. කම්පෙටිටිවු නැති ෆීල්ඩ් එකක උනත් සේරම එවුන් Top skilled උනොත්, එතනිනුත් සෙට් එකකට විතරයි ජොබ් තියන්නෙ. ඔය ප්‍රශ්නෙට මෙහෙම ඇහුවොතින් කියපන් ඔය entry level job නැති එවුන් අතර ඕනම කැම්පස් එකක බැජ් එකක top 10-20 එවුන් ඉන්නවද කියලා. උන්ට අනිවා ජොබ් සෙට් වෙනවා

    2.ඉන්නවා. මේ ආසන්නම කාලෙ මට Fintch අවුරුද්දක එක්ස්පීරියන්ස් තියන එවුන් දෙන්නෙක් ඕන උනා (iOS/Android) එකෙක්වත් හොයාගන්න නැහැ. අලුතෙන් දෙන්නෙක් අරගෙන ට්‍රේන් කරනවා. තව golang 1y හරි experience තියන එවුන් ඕන කරලා තියනවා, මේ වෙනකන් බලපු සේරම එවුන් language එක පොඩ්ඩක් බලලා සාම්පල් ප්‍රොජෙක්ට් එකක් කරලා අවුරුද්දක තියනවා කියලා තමයි එන්නෙ. Interview කරාම කරපු මගුලක් නෑ

    solution engineer තියනවා
    security engineer තියනවා (මේක පෝස්ට් එක බලපන් secuirity + coding දෙකම ඕන පොසිශන් එකක්)
    මේ පෝස්ට් දෙකම less than 2Y exp අහන්නෙ + CS or CSE degree

    අර CV බර ගානක් ආව කියන්නෙ මම හිතන්නෙ Mulesoft developer පොසිශන් එකක් තිබුනා ඒකට වෙන්න ඕන
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,133
    22,567
    113
    Job one taram tiyenawa, right skilled ayata. dan inna un modayo wage IT/SE karanwa interview wala ana gannwa.
    ඕනෙ තරන් ඉන්නව කියන්නෙ බන් කම්පැනි වලට ස්කිල් නැති නිසා ඉන්ටර්න්ලා හොයාගන්න බැරුව ඉන්නව ද?

    1. එහෙම ජොබ් දෙන්න field එක කම්පෙටිටිවු නැති කාලකවත් බෑ. කම්පෙටිටිවු නැති ෆීල්ඩ් එකක උනත් සේරම එවුන් Top skilled උනොත්, එතනිනුත් සෙට් එකකට විතරයි ජොබ් තියන්නෙ. ඔය ප්‍රශ්නෙට මෙහෙම ඇහුවොතින් කියපන් ඔය entry level job නැති එවුන් අතර ඕනම කැම්පස් එකක බැජ් එකක top 10-20 එවුන් ඉන්නවද කියලා. උන්ට අනිවා ජොබ් සෙට් වෙනවා

    2.ඉන්නවා. මේ ආසන්නම කාලෙ මට Fintch අවුරුද්දක එක්ස්පීරියන්ස් තියන එවුන් දෙන්නෙක් ඕන උනා (iOS/Android) එකෙක්වත් හොයාගන්න නැහැ. අලුතෙන් දෙන්නෙක් අරගෙන ට්‍රේන් කරනවා. තව golang 1y හරි experience තියන එවුන් ඕන කරලා තියනවා, මේ වෙනකන් බලපු සේරම එවුන් language එක පොඩ්ඩක් බලලා සාම්පල් ප්‍රොජෙක්ට් එකක් කරලා අවුරුද්දක තියනවා කියලා තමයි එන්නෙ. Interview කරාම කරපු මගුලක් නෑ

    1. ඉතින් බන් බැච් එකක top 10-20 ට විතරක් ජොබ් හම්බෙන එකට තමයි ජොබ් නෑ කියන්නෙ. ඇයි උඹ හිතුවෙ කොහොම එකක් කියලද? Top 10-20 ට විතරක් ජොබ් හම්බෙන්න සල්ලි දීලා ඩිග්‍රි කරන්න ලොතරැයියක්ද බන් ඩිග්‍රි කියන්නෙ?

    2. උඹට තේරෙනවද උඹ ඔය කියන කතාවම මගේ තර්කය තහවුරු කරනව කියල? උඹට අවුරුද්දක experience තියෙන fintech වැඩ කරපු උන් ඕනෙ. තනියෙන් ප්‍රොජෙක්ට් අටවපු ඒවත් උබට හරියන්නෙත් නෑ. එතකොට fintech වලටම කියල degree ඇත්තෙත් නෑ. එතකොට උඹ ඔය හොයන උන් කොහෙන්ද එන්න ඕනෙ? උන් එන්න ඕනෙ තවත් fintech ජොබ් එකක් කරපු තැනකින්. ඒ කියන්නෙ fintech වල වැඩ කරන්න කැමති උන් 10000 ක් ඉඳියත් fintech intern ගන්න/ගත්ත තැන් තියෙන්නෙ/තිබ්බෙ 10 නන් උඹට ඕනෙ උන් ගන්න වෙන්නෙ අර 10 අස්සෙන් විතරයි. ඒකෙ candidate ට කරන්න තියෙන පාට් එක මොකක්ද? උඹ ඔය බලන්නෙ experience මිසක් skill නෙමෙයි. Experience හදාගන්න නන් කවුරු හරි උන්ව හයර් කරල experience දෙන්න ඕනෙ.

    ------ Post added on Mar 29, 2025 at 10:49 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    ඕනෙ තරන් ඉන්නව කියන්නෙ බන් කම්පැනි වලට ස්කිල් නැති නිසා ඉන්ටර්න්ලා හොයාගන්න බැරුව ඉන්නව ද?

    1. ඉතින් බන් බැච් එකක top 10-20 ට විතරක් ජොබ් හම්බෙන එකට තමයි ජොබ් නෑ කියන්නෙ. ඇයි උඹ හිතුවෙ කොහොම එකක් කියලද? Top 10-20 ට විතරක් ජොබ් හම්බෙන්න සල්ලි දීලා ඩිග්‍රි කරන්න ලොතරැයියක්ද බන් ඩිග්‍රි කියන්නෙ?

    2. උඹට තේරෙනවද උඹ ඔය කියන කතාවම මගේ තර්කය තහවුරු කරනව කියල? උඹට අවුරුද්දක experience තියෙන fintech වැඩ කරපු උන් ඕනෙ. තනියෙන් ප්‍රොජෙක්ට් අටවපු ඒවත් උබට හරියන්නෙත් නෑ. එතකොට fintech වලටම කියල degree ඇත්තෙත් නෑ. එතකොට උඹ ඔය හොයන උන් කොහෙන්ද එන්න ඕනෙ? උන් එන්න ඕනෙ තවත් fintech ජොබ් එකක් කරපු තැනකින්. ඒ කියන්නෙ fintech වල වැඩ කරන්න කැමති උන් 10000 ක් ඉඳියත් fintech intern ගන්න/ගත්ත තැන් තියෙන්නෙ/තිබ්බෙ 10 නන් උඹට ඕනෙ උන් ගන්න වෙන්නෙ අර 10 අස්සෙන් විතරයි. ඒකෙ candidate ට කරන්න තියෙන පාට් එක මොකක්ද? උඹ ඔය බලන්නෙ experience මිසක් skill නෙමෙයි. Experience හදාගන්න නන් කවුරු හරි උන්ව හයර් කරල experience දෙන්න ඕනෙ.

    ------ Post added on Mar 29, 2025 at 10:49 PM
    1.ඉතින් බන් ඇයි ඒ මුල් සෙට් එකට විතරක් ජොබ් හම්බුනේ. අනික් එවුන්ට නැති උන්ට තියනදේ මොකද්ද

    2.එතකොට ඔය කැම්පස් එකක අවුට් වෙන එකෙක්වත් නැත්තෙ ඇයි Fintech රිලේටඩ් ප්‍රොජෙක්ට් එකක් කරපු, golang project එකක් කරපු. ගොඩක් කැම්පස් වල එවුන් කරන්නෙ Hype එක තියන ප්‍රොජෙක්ට් මිසක් ඩිමාන්ඩ් එක තියන ඒව නෙමෙයි. Blockchain තියන කාලෙ සේරම එවුන් ඒවා, ඊට පස්සෙ සේරම එවුන් ML, දැන් සේරම ප්‍රොජෙක්ට් AI.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,181
    8,566
    113
    ජොබ් හොයාගන්න බැහැ කියන්නෙ ඉතිං ස්කිල් එක නැහැ කියන එක තමයි
    කියන්න තියෙන්නෙ IT ඩිග්‍රී කරන්න එපා කියලා නෙමෙයි කරන්නං වාලෙ කරන්න එපා කියලා. ඒ වගේම නිකං තියන කඩවල් වල කරන්න එපා කරනවා නං රෙපියුටේශන් එකක් තියන තැනක කරන්න වෙනවා

    වැඩ්ඩෙක් නං ජොබ් තියනවා (නිකමට බලපන් ලංකාවෙ හොඳම කියලා කියන ගොඩක් කම්පැනි වල හැමදාම වේකන්සි තියනවා WSO2, Sysco වගේ එවයෙ දැන් ගිහින් බැලුවත් වේකන්සි තියනවා)

    දැන් ෆීල්ඩ් එක පට්ටම කම්පෙටිටිවු. ගොඩක් එවුන් තමන්ව over estimate කරන් ඉන්නෙ.
    So2 nam degree balanawa.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    solution engineer තියනවා
    security engineer තියනවා (මේක පෝස්ට් එක බලපන් secuirity + coding දෙකම ඕන පොසිශන් එකක්)
    මේ පෝස්ට් දෙකම less than 2Y exp අහන්නෙ + CS or CSE degree

    අර CV බර ගානක් ආව කියන්නෙ මම හිතන්නෙ Mulesoft developer පොසිශන් එකක් තිබුනා ඒකට වෙන්න ඕන
    solution engineer vala coding ekata vada ona communication, investigating limitations and loopholes. anith eka oka den aurudu 1k thisse thiyanava, thama fill karala na.

    oba aurudu 7k hitiya nam dannava athi wso2 thama VP funds valin run vune kiyala.

    Choreo ekatath thama loku customer base ekak na na ban, thama Funds valin run venna, ohoma thiyeddi aluthin kattaiya ganne khoenda ban salli
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,133
    22,567
    113
    1.ඉතින් බන් ඇයි ඒ මුල් සෙට් එකට විතරක් ජොබ් හම්බුනේ. අනික් එවුන්ට නැති උන්ට තියනදේ මොකද්ද

    2.එතකොට ඔය කැම්පස් එකක අවුට් වෙන එකෙක්වත් නැත්තෙ ඇයි Fintech රිලේටඩ් ප්‍රොජෙක්ට් එකක් කරපු, golang project එකක් කරපු. ගොඩක් කැම්පස් වල එවුන් කරන්නෙ Hype එක තියන ප්‍රොජෙක්ට් මිසක් ඩිමාන්ඩ් එක තියන ඒව නෙමෙයි. Blockchain තියන කාලෙ සේරම එවුන් ඒවා, ඊට පස්සෙ සේරම එවුන් ML, දැන් සේරම ප්‍රොජෙක්ට් AI.

    1. උන්ට තිබ්බ දේ extraordinary skill එකක්. ඒකනෙ උන් batch top වෙන්නෙත්. හැමෝටම batch top වෙන්න බෑ. හැමෝටම extraordinary වෙන්න බෑ. මොකක් හරි දෙයක් හම්බෙන්නෙ extraordinary උන්ට විතරනන් ඒක තමයි saturate වෙනව කියන්නෙ.
    උඹල අවුරුදු 10-15 කට කලින් industry එකට එද්දි එහෙම කිසිම උවමනාවක් නෑ. කම්පැනි වලින් ගන්න උන් නැතුව හොය හොය ඉන්න කාලයක්. නිකන් හරි අත පත ගාලා තියෙනවනන් ගන්නව. එහෙම කාලෙක industry එකට ආපු සමහරු දැන් ඉන්න උන්ට extraordinary වෙන්න කියනව. ස්කිල් නැති හින්ද ජොබ් හම්බෙන් නැත්තෙ කියල පොඩි උන්ගෙ personality එකත් කඩල දානව.

    2. ඒක හින්ද තමයි බන් උන්ට intern/fresh graduate කියන්නෙ. උන්ට campus වලින් push කරන, උන්ගෙ ඇස් මායිමේ පේන්න තියෙන, access තියෙන දේවල් කරන්නෙ. අහලවත් නැති ඒවට project කරන්න අරන් අඩුම සුපර්වයිසර්වත් ඒවා දන්නැතුව කාහෙන්ද උදවුවක්වත් ගන්නෙ? ඩිග්‍රි එකකින් දෙන්නෙ foundation එක. එතනින් උඹලට ඕනෙ හැමදේම උන් ඉගෙනගෙන එයි කියල බලාපොරොත්තු වෙන්නෙ ඇයි. ජොබ් හම්බෙනවනන් මිනිස්සු experince එක්ක දේවල් හදාගන්නව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    solution engineer vala coding ekata vada ona communication, investigating limitations and loopholes. anith eka oka den aurudu 1k thisse thiyanava, thama fill karala na.

    oba aurudu 7k hitiya nam dannava athi wso2 thama VP funds valin run vune kiyala.

    Choreo ekatath thama loku customer base ekak na na ban, thama Funds valin run venna, ohoma thiyeddi aluthin kattaiya ganne khoenda ban salli

    කම්පැනිය ගිය අවුරුද්දෙ 100% acquire කරානේ. එතකොට ඔය VP funds කතාව අදාල නැහැනේ

    1. උන්ට තිබ්බ දේ extraordinary skill එකක්. ඒකනෙ උන් batch top වෙන්නෙත්. හැමෝටම batch top වෙන්න බෑ. හැමෝටම extraordinary වෙන්න බෑ. මොකක් හරි දෙයක් හම්බෙන්නෙ extraordinary උන්ට විතරනන් ඒක තමයි saturate වෙනව කියන්නෙ.
    උඹල අවුරුදු 10-15 කට කලින් industry එකට එද්දි එහෙම කිසිම උවමනාවක් නෑ. කම්පැනි වලින් ගන්න උන් නැතුව හොය හොය ඉන්න කාලයක්. නිකන් හරි අත පත ගාලා තියෙනවනන් ගන්නව. එහෙම කාලෙක industry එකට ආපු සමහරු දැන් ඉන්න උන්ට extraordinary වෙන්න කියනව. ස්කිල් නැති හින්ද ජොබ් හම්බෙන් නැත්තෙ කියල පොඩි උන්ගෙ personality එකත් කඩල දානව.

    2. ඒක හින්ද තමයි බන් උන්ට intern/fresh graduate කියන්නෙ. උන්ට campus වලින් push කරන, උන්ගෙ ඇස් මායිමේ පේන්න තියෙන, access තියෙන දේවල් කරන්නෙ. අහලවත් නැති ඒවට project කරන්න අරන් අඩුම සුපර්වයිසර්වත් ඒවා දන්නැතුව කාහෙන්ද උදවුවක්වත් ගන්නෙ? ඩිග්‍රි එකකින් දෙන්නෙ foundation එක. එතනින් උඹලට ඕනෙ හැමදේම උන් ඉගෙනගෙන එයි කියල බලාපොරොත්තු වෙන්නෙ ඇයි. ජොබ් හම්බෙනවනන් මිනිස්සු experince එක්ක දේවල් හදාගන්නව.
    1 .ඉතිං මම මුලින්ම කිවුවෙ ඒක තමයි එහෙම ස්කිල් එකක් හදා ගන්න බැරිනං කරන්නං වාලෙ IT කරන්න එපා වැඩක් නැහැ කියලා
    batch top විතරක් නෙමයි, සාමාන්‍යෙන් මුල් 20 විතර වෙනකල්ම ජොබ් වල අවුලක් නැහැ.
    ජොබ් හොයාගන්න බැහැ කියන්නෙ ඉතිං ස්කිල් එක නැහැ කියන එක තමයි
    කියන්න තියෙන්නෙ IT ඩිග්‍රී කරන්න එපා කියලා නෙමෙයි කරන්නං වාලෙ කරන්න එපා කියලා. ඒ වගේම නිකං තියන කඩවල් වල කරන්න එපා කරනවා නං රෙපියුටේශන් එකක් තියන තැනක කරන්න වෙනවා
    2 . අන්න ඒක තමයි ඩිග්‍රි එක කරන තැනේ වැදගත්කම තියෙන්නෙ. දැං ඔය ජොබ් නැති සෙට් එකේ % එක බැලුවොතින් කොහොම වෙයි කියලද හිතන්නෙ. Mora CSE, ENG, Col CS වගේ කරපු එවුන්ගෙන් පොඩි %කට තමයි ජොබ් නැත්තෙ. ඊට පස්සෙ IIT වගේ ගත්තත් ටිකක් ශේප්. තව පහලට යද්දි ඔය තියන බැච් වල 1000ක් විතර ඉන්න ප්‍රයිවෙට් ඒවයෙ කේස් එක ලොකුවටම තියනවා. ඉස්සර නං Supervisour හරි කැම්පස් එකේ වැරැද්ද කියලා කියන්න පුලුවන්. හැබැයි දැන් කොහෙද ඩිමාන්ඩ් එක තියෙන්නෙ කියලා හොයා ගන්න බැහැ කියන්නෙත් ඉතං Skill එකේ අඩුවක් තමයි.
    ------ Post added on Mar 29, 2025 at 11:23 PM
     
    • Like
    Reactions: FlashBoz

    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    Math 2.5 years wso2 work kra, fresh grads la gannwa mora cse and ucsc eken ehma, advertisements dala nevei, final year batch vla career fair awit aluthin ayawa ganne
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,563
    13,184
    113
    // ගොඩක් කම්පැනි වල හැමදාම වේකන්සි තියනවා WSO2, Sysco වගේ එවයෙ දැන් ගිහින් බැලුවත් වේකන්සි තියනවා)
    //

    Paid linkdin account තියෙන නිසා නිකන් දානවා ඕවට රැව්ටෙන්න් එප් යකෝ
     
    • Like
    Reactions: KandyMalli

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,087
    4,857
    113
    ඕනෙ තරන් ඉන්නව කියන්නෙ බන් කම්පැනි වලට ස්කිල් නැති නිසා ඉන්ටර්න්ලා හොයාගන්න බැරුව ඉන්නව ද?
    ow, not only intern, SE, SSE level naa ganna,
     
    • Like
    Reactions: KandyMalli

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,071
    5,577
    113
    ඔය මනුස්සයත් skill හදාගන්න වීඩියෝ හදපු කෙනෙක් තමයි මෙච්චරකල්. මාත් අමුතුවෙන් බලල නෙමෙයි youtube, tiktok suggest වෙලා දැකපුව.

    හැකියාව, differentiate කිරිල්ල කියන්නෙ සාපේක්ෂ දෙයක් බන්. සීයක් industry එකේ ඉද්දියි ලක්ෂ ගානක් ඉද්දියි ඕවයෙ තේරුම් හරි වෙනස්.

    අනික differentiate කිරිල්ලක් කොහෙත්ම අවශ්‍ය දෙයක් නෙමෙයි. කෙනෙක් IT degree එකක් කරල අවශ්‍ය මූලික skills ටික හම්බෙද්දිම differentiate වෙලා ඉවරයි. එතනින් එහාට තවත් පට්ට තරඟයක් කියන්නෙම industry එක saturate වෙලා වෙන දෙයක් මිසක් ඒක කරන උන්ගෙ අඩුපාඩුවක් නෙමෙයි.

    මූත් වීඩියෝ එකේ කියන්නෙ ඒකයි intern level එකට skills හදාගෙන එන එකෙක්ව දැන් intern ගන්න බෑ associate level එකෙනුත් එහා අයව intern ගන්න වෙලා තියෙනව කියල. උඹට ඉතින් ආයෙත් ඒකත් skill skill ගගා මතුරන්න පුලුවන්.

    මට වෙන එකම එක industry එකක් කියපන් ජොබ් එකට යන්න කලින් තමන් තනියෙන් projects කරල උස්සන් යන්න ඕනෙ? (Creativity බලන ඒවා ඇරෙන්න).
    ඔහොම දේවල් කරන්න වෙලා තියෙන්නෙම saturate වෙලා නිසා. ඔක්කොම උන් ස්කිල් හදන් ආවත් දෙන්න ජොබ් නෑ.

    මම මේ ත්‍රේඩ් එක දැම්මෙ ඕවා argue කරන්න නෙමෙයි. මම තාම දකිනව සමහරු පොඩි උන්ට උපදෙස් දෙනව skill තියෙනවනන් අවුලක් නෑ ගගා. පවු උන්ට තව අවුරුදු 4 කින් කන්න වෙන frustration එක මතක් වෙද්දි.

    mn se neme

    habayi me lagadi dapu entry level vacancy ekaktath SE karapu ewun 80% apply karala thibba,
    internship hoyanna.

    ethaninuth SE karapu kipa denekta katha kara,
    2k interview kara. eth un SE karalath karapu deyak na Developer ahapu prashna walata unta denna uththra na,

    samahra ewun dena gana wath balanne nathuwa ohe cv dala thibba,cover letter na cv hariyata hadala na, cv nikan onnam balahan wage dapu ewath thibba,

    ita passe aayi thawa set ekak short list karala interview karala se side eken karapu ekekuyi network side eke ekekutyi gahthta,
    aran podi dewal tikak karanna dunnama
    un very basic dewal tikwath danne na,
    eth attitude hoda hinda thiyagena training karawanwa,

    api it field ekata eddi igenaganna thibbe wijeya computer magazine ekayi ara ray electronics kiyala ekakin karapu monthly CD tikak witharayi extra resources hatiyata,
    school wala teacher la danne na uganwanna eyalath training wenwa, internet eka luxury item.,ekak . school lab eke internet na, paint eken word eken wada karanna ekata yanne, hamadama eeka karanne,
    ithin ehemath idala tec gihin first job ekadima wade allaganna deyak thibbe na, ethramata asawa hindama hambena podi deyin hari deyak oluwata dan thibba.,

    dan inna ewunta monwada naththe, ??

    ekayi mamanam kiyanne passion ekak nathnam kisima deyak karanna epa. monama field ekakwath,
    itapasse wenne kalayak gihin ane dan field eka amaruyi competitive wadiyi gaga duka kiyanna,

    asawa thiyena eka hamathissema deyak igena gannwa,
    porn balanna addict wechcha ekek dwasa gane aluth porn hoyanwa wage tech walata asa eka dwasa gane ena aluth dewal try karnwa igena gannwa,
    ehema aya hari aduyi , wadiya inne job ekak karanna wena wena benefit balan monwa hari karanna ena aya,

    Mamanam kiyanne thaman kamathi asa de karanna.

    ⬇️

    ඔය ස්කිල් කතාව බයිලයක් කියලා මීට අවුරුදු කීපයකට කලින් කියද්දී සමහරු සෑහෙන්න වාද කරා. Paper qualifications වලින් initial placement දෙන්නෙ නැත්නම් එතන තියෙන්නේ candidate ගෙ ප්‍රශ්නයක් නෙමෙයි සහ graduated කෙනෙක්ට internship යන්න අවශ්‍යතාවයක් නැහැ. Intern කියන්නේ Job එකක් නෙමෙයි IT industry එක දැන් විකාරයක් වෙලා තියෙන්නෙ.

    graduate nemeyi kawuru wunath ona industry ekaka patan gannakota very basic training ekak hari denwa,

    onakamak na kiyanne eka nikan gov campus ewun mokaka hari art degree ekak karala job rajayen illanwa wage heenamana kathawak,

    ehema graduate wechcha gaman job denna pissu na specially it industry company walata.
    aduma gane non it company walata ganna it staff ekwath.

    internship ekakin karanne academic qualification hadan ena ekawa industry wada karanna ona hati basic dewal ekka uwa corporate world ekata absorb karaganna eka, e ekkama u academic knowledge eka +skill boost kargannwa wada karala. ena prashna wisadala.

    e experience eka thiyena ekawa ayi wena job ekakata hire karanna lesiyi, mokada u wada karala thiyena hinda yana process eka dannwa,
    ithin interview wala ehema ewungen balanne skills set eka mainly.,

    issara wage graduate wuna kiyala job eka athata denne na, dan
    ekata hethuwa dan loke complex issarata wada, wada karanna thiyena dewal karanna thiyena wada sahena wenas issarata wada,
    ------ Post added on Mar 30, 2025 at 12:49 AM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,986
    4,007
    113
    Sri Lanka
    ඉස්සරහට නැති වෙලා යන jobs:

    UI/UX Designer
    Web Developer
    Software Developer

    අලුතින් හැදෙන Jobs:

    Web Engineer with AI
    (Designing/developing දෙකටම එකෙක්)

    Sure නැත්නම් මේ ටෙස්ටින් වලට හදපු site එක බලන්න. 100% UI by AI.

    https://peek.lk