Solo trip ගිය උන් වරෙව්

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    Solo trip ගිය උන් වරෙව්

    Taking-Your-First-Solo-Trip.png


    මචං හෙන දවසක ඉදන් තනියම ට්‍රිප් එකක් යන්න අදහසක් තියෙනවා දවස් 3ක් විතර නිවාඩු දාලා. ගිය උන් කවුරු හරි කියපල්ලකො අදහස් ටිකක්. හිතුවෙ ටිකක් ඈත පලාතකට යන්න. හැබැයි කිසි දෙයක් ප්ලෑන් නොකර ( හොටෙල් එහෙම ), හොටෙල් එහෙම ගිහින් හොයාගන්න. මොක උනත් අප්‍රියල් වලට කලින් කරන්න ඕනෙ. බැන්දට පස්සෙ ආයෙ ඕවා හීන. අරමුණ නිකන්ම ඇවිදීම. ගිය උන් / නැති උන් අදහස් දාපල්ලකො. මට ඕනෙ බදින්න කලින් අමතක නොවෙන පට්ට ආතල් එකක් තනියම ගන්න කිසිම කන්ටැක්ට් එකක් නැතිව.

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    පසු ලිවීම

    රිප්ලයි එක්ක සෝලො ට්‍රිප් ගැන කට්ටිය එච්චර දන්නෙ නැති නිසා මම ෆලෝ කරන බේසික් ටික මම දාන්නම්.
    මේවා තමයි මගෙ බේසික්

    1. යන්නෙ තනියම නිසා ලොකු අවදානම් ගන්න හොද නෑ. ( මම දැක්ක එක්කෙනෙක් ඕෆ් සීසන් සිරිපාදෙ ගියා කිව්වා, මම මේක නම් කොහොමටත් රෙකමන්ඩ් කරන්නෙ නෑ) හැබැයි නොදන්න පලාතක තනියම ගිහින් තැන් හොයාගෙන යන එක අවදානමක් විදිහට දකින්නෙ නෑ. අවදානම් කියන්නෙ තනියම කදු නගින එක, නොදන්න තැන් වල නාන එක, ඝන කැලෑවල රින්ගන එක වගේ දේවල්. හැබැයි තියෙන ගටත් එක්ක සහ අත්දැකීම් එක්ක ඔය සීමාව එහා මෙහා යන්න පුලුවන්.

    2. අදාල නැති වටිනා දේවල් ගෙනියන්න එපා ( අයි ෆෝන්, ටැබ්, ජුවලරි වගේ දේවල් ), අවශ්‍ය තරම් සල්ලි ගෙනියන්න, හැබැයි බිත්තර ඔක්කොම එක මල්ලෙ නොදමා.

    3. අත් දැකීමෙන් තැන් හොයාගන්න ත්‍රීවිල් සගයො හුගක් උදව් වෙනවා. නවතින්න තැන් එහෙම අහන පරක්කුවට සෙට් කරනවා. තව ඕන අවුලකදි පන්සල් කවදත් පිහිටවෙනවා. (හැබැයි මදුවො තමයි ඉවසන්න බැරි ). සල්ලි තිබ්බට බොහොම සාමාන්‍ය මිනිහෙක් වගේ පෙන්නපන්. උඹෙ බොරු සෝබන සමහරවිට උඹටම අවාසි වෙනවා.

    4. ඒ ඒ අවස්ථා වලදි ඒ ඒ ආකාරයට ප්‍රොෆයිල් එකක් මේන්ටේන් කරන්න ඕනෙ. බය වෙලා වගේ සීන් බෑ. කතා කරද්දි බය නැතිව ටෝක් කරන්න ඕනෙ.

    5. පෞද්ගලිකව මම කවදාවත් මගෙ ඇත්ත විස්තර අතර මගදි සෙට් වෙන උන්ට කියන්නෙ නෑ. ( ජොබ් එක, ඉන්නෙ කොහෙද, ෆේස්බුක් ඉන්නෙ මොන නමින්ද වගේ දෙවල්). තව දෙයක් ලංකාවෙ මේක අලුත් දෙයක් නිසා මිනිස්සුන්ට ට්‍රිප් එක ගැන කිව්වහම නිකන් මැජික් වගේ වෙන වෙලාවල් ඕනතරම් තියෙනවා.

    6.යන හැම මගුලම ෆේස්බුක් එකේ චෙකින් වෙන්න එපා. ට්‍රිප් එකේ සැබෑ අරමුණ එතනම ඉවරයි.

    7. දුරගමන් යද්දි එක එක ජාතියෙ උන් සෙට් වෙනවා. විනාඩි 2ක කතාවෙන් මිනිස්සු කොහොමද කියලා අදුරගන්න පුලුවන් වෙන්න ඕනෙ. එතනින් එහාට කතාව ගෙනියනවද ඒකෙන් තීර්ණය කරන්න ඕනෙ. ( හැමෝම රිජෙක්ට් කරන්න ඕනෙ නෑ. පෞද්ගලිකව මට සෙට් වෙලා තියෙනවා විචිත්‍ර මිනිස්සු, උන් එක්ක කතා කරන එක සමහර වෙලාවට පට්ට එxපීරියන්ස් එකක්. හැබැයි ගමන ඉවර වෙද්දි ඒක එතනින් ඉවරයි )

    8. ට්‍රැවල් ජර්නල් එකක් තියෙනව නම් ලියපන්. ( කාටද ඕවට වෙලාව ) පස්සෙ වෙලාවක බලද්දි පට්ට ආතල්.

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    උඹලගෙ අදහසුත් දාපන් මෙතන
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අඩෝ මමත් ඔයවගේ ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරන් ඉන්නව දවසක. පට්ට ත්‍රෙඩ් එකක්.
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Belihuloya / Badulla / Haputhale / Banarawela patta side eka podi podi gam ehema thiyenwa athulata wenna, balanna place thiyenwa,
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    hotel nam ithin set kara ganna puluwan ban, loku loku pot wala set wenna hoda na, normal supiri place thiyenwa,
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    hotel ekak set karala yaman nathnam anathai lankawane film wala wage hamathanm motel natho

    badullu/banda
    kathragama/mahiyanganh hoda
    nathnam yapanya
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Forever alone. Ada kale trip ekak yanna 5 denek hoyaganna ba ban. Eka dawasaka 5 denek set karaganna eka hena gemak wela. Ubage adahasa hodai. Tripod ekak aran yaman photos ganna.
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    බදුල්ල පැත්ත හොඳයි, ට්‍රේන් එකේද බස් එකේද යන්න කැමති?
    වැඩිය වටින මුකුත් අරන් යන්න එපා තනියම යන නිසා
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මචන් අපෙ office එකෙ අයිය කෙනෙක් ඉන්නව! පොරත් ඔහොමයි! පොර ලන්කාවෙ හැම රූට් එකක්ම වගේ දන්නව. හැබැයි පොර ප්ලෑන් කරල නෙමෙයි යන්නෙ, හිතුන ගමන් ඇඳුන් ටිකත් දාගෙන යනව. පොර දවසක් කිව්ව පොර ලන්කාවෙ කැමතිම තැන කොටුව බස් ස්ටෑන්ඩ් එක කියල. ඒ ඇයි කියල ඇහුවම කිව්වෙ ලන්කාවෙ ගොඩක් තැන් වලට යන්න ඕන බස් එකක් තීනව කියල. පොර යන්නෙ කොහෙද කියල තීරනය කරන්නෙ කොටුව ස්ටෑන්ඩ් එකට ගිහිල්ලලු. උපරිම දවස් 2ක් වගේ ඉන්නෙ. බෑග් එකේ ටූත් බ්‍රශ් එකයි තුවායයි ඕන වෙලාවක තීනව. ඒ කියන්නෙ දැන් යන්න ඕනෙ කියල හිතුනොත් දැන් යනව. පට්ටම ෆ්‍රී එකෙ පොර ඉන්නෙ. ඔෆිස් එකෙ ලෝන් එකක් දාල ලක්ෂ 2/50 ක කැම් එකකුත් ගත්ත මෑතකදි. එහෙම තනියෙන් යන එක පට්ටලු. හැබැයි බස් රූට්, පාරවල් ගැන අයිඩියා එකක් තීන්න ඕනෙ. නැත්තන් අතරමන් උනොත් අබසරනයි! පොර එක පාරක් කිව්ව රත්නපුර පැත්තෙ එහෙමෙහෙ ප්‍රසිද්ද නැති තැන් බලන්න තනියෙන් යන්න හොඳ නෑ කියල. හනික ටෝක් කරන්න පුලුවන් වෙන්න ඕනෙ ඔහොම යනවනන්, දන්නෙ නැති පලාතක සීන් එකක් ගියොත් කාට කියන්නද, පොර කැමතිම රූට් එක කතරගම කොළබලු. පොර බස් වලට පට්ට ආසයි! පොරගෙ හොබී එකත් බස් වල , බස් රූට් වල විස්තර හොයන එක, අපි පාරෙ ඉන්නකොට ඔය දුර ගමන් බස් එකක් ගියොත් ඒකෙ අයිතිකාරයගෙ ඉඳල බස් එකේ හැම පැටිකිරියම පොර දන්නව.
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මචන් අපෙ office එකෙ අයිය කෙනෙක් ඉන්නව! පොරත් ඔහොමයි! පොර ලන්කාවෙ හැම රූට් එකක්ම වගේ දන්නව. හැබැයි පොර ප්ලෑන් කරල නෙමෙයි යන්නෙ, හිතුන ගමන් ඇඳුන් ටිකත් දාගෙන යනව. පොර දවසක් කිව්ව පොර ලන්කාවෙ කැමතිම තැන කොටුව බස් ස්ටෑන්ඩ් එක කියල. ඒ ඇයි කියල ඇහුවම කිව්වෙ ලන්කාවෙ ගොඩක් තැන් වලට යන්න ඕන බස් එකක් තීනව කියල. පොර යන්නෙ කොහෙද කියල තීරනය කරන්නෙ කොටුව ස්ටෑන්ඩ් එකට ගිහිල්ලලු. උපරිම දවස් 2ක් වගේ ඉන්නෙ. බෑග් එකේ ටූත් බ්‍රශ් එකයි තුවායයි ඕන වෙලාවක තීනව. ඒ කියන්නෙ දැන් යන්න ඕනෙ කියල හිතුනොත් දැන් යනව. පට්ටම ෆ්‍රී එකෙ පොර ඉන්නෙ. ඔෆිස් එකෙ ලෝන් එකක් දාල ලක්ෂ 2/50 ක කැම් එකකුත් ගත්ත මෑතකදි. එහෙම තනියෙන් යන එක පට්ටලු. හැබැයි බස් රූට්, පාරවල් ගැන අයිඩියා එකක් තීන්න ඕනෙ. නැත්තන් අතරමන් උනොත් අබසරනයි! පොර එක පාරක් කිව්ව රත්නපුර පැත්තෙ එහෙමෙහෙ ප්‍රසිද්ද නැති තැන් බලන්න තනියෙන් යන්න හොඳ නෑ කියල. හනික ටෝක් කරන්න පුලුවන් වෙන්න ඕනෙ ඔහොම යනවනන්, දන්නෙ නැති පලාතක සීන් එකක් ගියොත් කාට කියන්නද, පොර කැමතිම රූට් එක කතරගම කොළබලු. පොර බස් වලට පට්ට ආසයි! පොරගෙ හොබී එකත් බස් වල , බස් රූට් වල විස්තර හොයන එක, අපි පාරෙ ඉන්නකොට ඔය දුර ගමන් බස් එකක් ගියොත් ඒකෙ අයිතිකාරයගෙ ඉඳල බස් එකේ හැම පැටිකිරියම පොර දන්නව.

    මචං මේකත් එක ටේස්ට් එකක්, ට්‍රිප් ජාති තියෙනවනෙ ඇඩ්වෙන්චර්, හයිකින්ග්, කෑම්පින්ග්, පිල්ග්‍රිම් වගේ සෝලො කියන්නෙත් වෙනම ආතල් එකක්. ඉස්සර අපෙ සෙට් එකක් හිටිය අපි තරගෙට ෆේස් බුක් මැප් එකේ තැන් තැන් වලට ගිහින් මාක් කලා. දැන් උන් හොයාගන්නත් නෑ. ඉතින් මට ඕනෙ ඒ චැප්ටර් එක ක්ලෝස් කරන එක අමතක නොවෙන විදිහට ක්ලෝස් කරන්න. ඊට පස්සෙ හාමිනෙත් එක්ක තමයි යන මගුලක්. එතකොට ඉතින් අපිට ඕන විදිහට යන්න බෑනෙ. කොටින්ම වැඩිය පයින් යන්න බෑ, කදු බඩගාන්න බෑ, කෑම්පින්ග් බෑ, කූඩැල්ලො නම් කොහොමටත් ඔට්ටු නෑ, බස්වල ට්‍රේන් වල බෑ, හොටෙල් ඕනෙ, ශොපින් තියෙනව නම් තවත් හොදයි එට්සෙට්ට්‍රා නෙ. දැනට අපිට නම් උලත් එකයි පිලත් එකයිනෙ. අප්‍රියල් වලින් පස්සෙ ඉතින් ට්‍රිප් කියල යන්න වෙන්නෙ ඔය කියපු එව්වට යටත් ශොපින්ග් ගනයට වැටෙන එව්ව බ්‍රෝ
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    මී මුරේ හොදයි,සිරීපාදේ අවාරේ පලයන්,
    මන් නන් නුවර එළියේ තනියම ගියා දවස් 2ක් හොදයි බන් නිදහසේ අවිදින්ඩ පුළුවන්,සල්ලි ඉවර වෙනකන්