Solo trip ගිය උන් වරෙව්
මචං හෙන දවසක ඉදන් තනියම ට්‍රිප් එකක් යන්න අදහසක් තියෙනවා දවස් 3ක් විතර නිවාඩු දාලා. ගිය උන් කවුරු හරි කියපල්ලකො අදහස් ටිකක්. හිතුවෙ ටිකක් ඈත පලාතකට යන්න. හැබැයි කිසි දෙයක් ප්ලෑන් නොකර ( හොටෙල් එහෙම ), හොටෙල් එහෙම ගිහින් හොයාගන්න. මොක උනත් අප්‍රියල් වලට කලින් කරන්න ඕනෙ. බැන්දට පස්සෙ ආයෙ ඕවා හීන. අරමුණ නිකන්ම ඇවිදීම. ගිය උන් / නැති උන් අදහස් දාපල්ලකො. මට ඕනෙ බදින්න කලින් අමතක නොවෙන පට්ට ආතල් එකක් තනියම ගන්න කිසිම කන්ටැක්ට් එකක් නැතිව.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පසු ලිවීම
රිප්ලයි එක්ක සෝලො ට්‍රිප් ගැන කට්ටිය එච්චර දන්නෙ නැති නිසා මම ෆලෝ කරන බේසික් ටික මම දාන්නම්.
මේවා තමයි මගෙ බේසික්
1. යන්නෙ තනියම නිසා ලොකු අවදානම් ගන්න හොද නෑ. ( මම දැක්ක එක්කෙනෙක් ඕෆ් සීසන් සිරිපාදෙ ගියා කිව්වා, මම මේක නම් කොහොමටත් රෙකමන්ඩ් කරන්නෙ නෑ) හැබැයි නොදන්න පලාතක තනියම ගිහින් තැන් හොයාගෙන යන එක අවදානමක් විදිහට දකින්නෙ නෑ. අවදානම් කියන්නෙ තනියම කදු නගින එක, නොදන්න තැන් වල නාන එක, ඝන කැලෑවල රින්ගන එක වගේ දේවල්. හැබැයි තියෙන ගටත් එක්ක සහ අත්දැකීම් එක්ක ඔය සීමාව එහා මෙහා යන්න පුලුවන්.
2. අදාල නැති වටිනා දේවල් ගෙනියන්න එපා ( අයි ෆෝන්, ටැබ්, ජුවලරි වගේ දේවල් ), අවශ්‍ය තරම් සල්ලි ගෙනියන්න, හැබැයි බිත්තර ඔක්කොම එක මල්ලෙ නොදමා.
3. අත් දැකීමෙන් තැන් හොයාගන්න ත්‍රීවිල් සගයො හුගක් උදව් වෙනවා. නවතින්න තැන් එහෙම අහන පරක්කුවට සෙට් කරනවා. තව ඕන අවුලකදි පන්සල් කවදත් පිහිටවෙනවා. (හැබැයි මදුවො තමයි ඉවසන්න බැරි ). සල්ලි තිබ්බට බොහොම සාමාන්‍ය මිනිහෙක් වගේ පෙන්නපන්. උඹෙ බොරු සෝබන සමහරවිට උඹටම අවාසි වෙනවා.
4. ඒ ඒ අවස්ථා වලදි ඒ ඒ ආකාරයට ප්‍රොෆයිල් එකක් මේන්ටේන් කරන්න ඕනෙ. බය වෙලා වගේ සීන් බෑ. කතා කරද්දි බය නැතිව ටෝක් කරන්න ඕනෙ.
5. පෞද්ගලිකව මම කවදාවත් මගෙ ඇත්ත විස්තර අතර මගදි සෙට් වෙන උන්ට කියන්නෙ නෑ. ( ජොබ් එක, ඉන්නෙ කොහෙද, ෆේස්බුක් ඉන්නෙ මොන නමින්ද වගේ දෙවල්). තව දෙයක් ලංකාවෙ මේක අලුත් දෙයක් නිසා මිනිස්සුන්ට ට්‍රිප් එක ගැන කිව්වහම නිකන් මැජික් වගේ වෙන වෙලාවල් ඕනතරම් තියෙනවා.
6.යන හැම මගුලම ෆේස්බුක් එකේ චෙකින් වෙන්න එපා. ට්‍රිප් එකේ සැබෑ අරමුණ එතනම ඉවරයි.
7. දුරගමන් යද්දි එක එක ජාතියෙ උන් සෙට් වෙනවා. විනාඩි 2ක කතාවෙන් මිනිස්සු කොහොමද කියලා අදුරගන්න පුලුවන් වෙන්න ඕනෙ. එතනින් එහාට කතාව ගෙනියනවද ඒකෙන් තීර්ණය කරන්න ඕනෙ. ( හැමෝම රිජෙක්ට් කරන්න ඕනෙ නෑ. පෞද්ගලිකව මට සෙට් වෙලා තියෙනවා විචිත්‍ර මිනිස්සු, උන් එක්ක කතා කරන එක සමහර වෙලාවට පට්ට එxපීරියන්ස් එකක්. හැබැයි ගමන ඉවර වෙද්දි ඒක එතනින් ඉවරයි )
8. ට්‍රැවල් ජර්නල් එකක් තියෙනව නම් ලියපන්. ( කාටද ඕවට වෙලාව ) පස්සෙ වෙලාවක බලද්දි පට්ට ආතල්.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
උඹලගෙ අදහසුත් දාපන් මෙතන

Last edited: