මේ ලිපියෙන් සමලිංගිකත්වය ගැන හරි අර්ථ නිරූපණයක් වෙන්නේ නෑ. සමලිංගිකත්වය කියන්නේ සෑහෙන්න සංවාදයට ලක් වෙච්ච මාතෘකාවක්. මේකේ ගොඩක් අය කමෙන්ට් දාලා තියෙන විදිහට මහාචාර්ය ඩෙස්මන් මොරිස් වගේ කට්ටිය සමලිංගිකත්වය කියන්නේ විකෘති චර්යාවක් කියලා අදහස් ප්රකාශ කරලා තියෙනවා. නමුත් මහාචාර්ය ආතර් කිංස්ලි වගේ අය මේක සෑහෙන්න ස්වභාවිකයි කියන මතයේ ඉදන් මත ඉදිරිපත් කරලා තියෙනවා. දැනට ඇමරිකාව විතරක් නෙවේ යුරෝපයේ ගොඩක් රටවල සමලිංගිකත්වය පිලි අරන තියෙන තැනකට ගිහින් තියෙනවා. අමතක කරන්න එපා ක්රිස්තියානි ආගම බොහොම දරුණුවට සමලිංගික ක්රියා ප්රතික්ෂේප කරන ආගමක්(බුද්ධාගමේ ස්ථාවරය මම හරියටම දන්නෙ නෑ).නමුත් දැඩි ක්රිස්තියානි රටවල් පවා සමලිංගිකත්වය නීතිගත කරන තැනකට ගිහින් තියෙන්නේ මානුශීය පදනමක ඉදලයි.
සමලිංගිකත්වය වැරදියි,අසෝබනයි කියන පූර්ව නිගමනයේ ඉන්නෙ නැතිව විවෘතව කරුණු හොයාබැලුවොත් හොදයි කියලයි මම නම් හිතන්නේ. මම සමලිංගිකයෙක් නෙවේ. හැබැයි මම හිතනවා සමලිංගික නැඹුරුවක් තියෙන කෙනෙක්ට තමන් කැමති අන්දමේ සහකරුවෙක්, සහකාරියක් එක්ක ඉන්න අයිතියක් තියෙන්න ඕන. මම ඉන්න කැමති ගැහැණියක් එක්ක.
නමුත් මට පිරිමියෙක් එක්ක ඉන්න සමාජයෙන් බලපෑම් කරනවනං ඒක වැරදියිනේ? අන්න ඒ වගේ තමයි පිරිමියෙක් එක්ක ඉන්න කැමති පිරිමියෙක්ට,ගැහැණියක් එක්ක ඉන්න කියලා නෛතිකව බලපෑම් කරන එක වැරදියි. බෞද්ධ දර්ශනය කියන්නේ මිනිස්සුන්ගේ
නිදහස, සමානාත්මතාවය ගැන දේශනා කරපු දර්ශනයක්. එතනින් තමයි බුද්ධාගම දැඩි මතධාරී ඉස්ලාම්,ක්රිස්තියානි ආගම් වලින් වෙනස්වෙන්නේ. ඉතිං එහෙම දර්ශනයක් පැතිරිච්ච රටක මිනිස්සු මේච්චර පටු විදිහට කතා කරනවා දකින එකත් කණගාටුවට කරුණක්.
අනෙක මේ ත්රෙඩ් එකේ මතයට විරුද්ධ මතයක් පල කරන් මනුස්සයට 'සමලිංගිකයා' කියලා ලේබල් ගහන්නැතුව,පොඩ්ඩක් දූපත් මානසිකත්වයෙන් මිදිලා කරුණු හොයල බලලා නිගමනයකට එන්න කියලයි හැමෝටම කියන්න තියෙන්නේ..

