Tablet දෙන්නේ_නැහැලු
Colombo (Newsfirst)
උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට පරිගණක ටැබ් ලබා දීමේ වැඩපිළිවෙළ තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි බී.බී.සී. සිංහල සේවය පවසයි.
බී.බී.සී.ය වාර්තා කළේ, ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව ය.
රුපියල් බිලියන 4ක් වැනි විශාල මුදලක් වැය කර මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොකළ යුතු බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කර ඇතැයි බී.බී.සී. වාර්තාවේ සඳහන් ය.
මේ අතර නායකත්ව පුහුණු වැඩසටහනකදී විදුහල්පතිවරියක මිය යාමේ සිද්ධියේ පරීක්ෂණ අවසන් වන තෙක් විදුහල්පතිවරුන් සඳහා වන නායකත්ව පුහුණු වැඩපිළිවෙළ අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී ඇති බව ය.
උ/පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට Tablet ලබා දීමේ වැඩපිළිවෙළ නැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ තීරණයක්