මචං මං 610 එකේ ගැහුවනේ ඔය ගේම් එක 4GB රැම් ගහගෙන.. ලැග් උනේ නෑ බින්දක්වත්..
මචෝ, ගේම්ස් වල Anti-aliasng, Vsync, Sync Every Frame කියන ඒවයින් වෙන්නෙ මොකක්ද..? සමහර ගේම්ස් වල ඒවා දැම්මම තමා ලැග් වෙන්නෙ..
Anti-aliasing කියන්නේ මචන් ටිකක් සංකීර්ණ විදියට පැහැදිලිකරන්න ඕන දෙයක් නමුත් සරලව කිව්වොත්, game එකක තියෙනවා නේ objects , (මිනිස්සු, සත්තු, බඩු මේවා තමයි objects) සහා fonts. ඒ objects,fonts වටේ කොටු කොටු දැති වගේ පේන එක වළක්වන/අඩු කරන එකටයි Anti-aliasng කියන්නේ. Anti-aliasing ගතිය වැඩි කරන්න කරන්න, Font/objects smooth වෙනවා වැඩියි. මේ පහළ තියෙනවානේ font එකක්, මේකේ Anti-aliasing ගතිය වැඩි කරනවා කියන්නේ එක pixel එකක් add වෙනවා හැම කොටු කොටු පේන තැනකටම, එතකොට දුර ඉදලා බැලුවම මේ කොටු කොටු ගතිය අඩුවෙන් පේන්නේ.
Anti-aliasing ඒකේ තව තියෙනවා විවිධ methods, MSAA/SMAA කියලා. MSAA එකට ගැන කියන්න කලින් මේක කියන්න ඕනේ, අපි game එකක් ගහන කොට දකිනවා නේ රූප රාමූ? මේ රූපරාමු හැම එකක්ම හැදිලා තියෙන්නේ images වලින්, සාමාන්‍යයෙන් GPU (graphic card) එකෙන් මේ රූපරාමු එළියට දාන්නේ (monitor එකට එවන්නේ) BMP format එකෙන්, එතකොට අපිට දකින්නේ ඇත්තටම images ගොඩක්. තත්පරයට monitor එකේ පෙන්වන images ගාණට තමයි Frame Rate කියන්නේ, ඒක මනිනේ FPS වලින්. GPU එකෙන් මේ රූපරාමු නිර්මාණය කරන එකට කියන්නේ rendering කියලයි, මේ rendering කරන කොට , GPU එකෙන් බලනවා, Monitor එකේ Resolution එක, ඊට පස්සේ මේ resolution එකට තමයි images monitor එකට එවන්නේ, ඒක නේ, අපි screenshot එකක් අරගෙන ඒක zoom කරොත් කොටු කොටු පේන්නෙත් ,game එකක් ගහන කොට resolution එක කොච්චර වැඩි කරත් ලස්සනට පේන්නේ. MSAA method එක ටිකක් පරණ ක්‍රමයක්, හිතන්න අපි TV එකක් බලනවා කියලා , සාමාන්‍යයෙන් ලංකාවේ TV වල resolution එක තියෙන්නේ 640x480px (pixels) වලින් ,අපි TV එක ළගට ගිහින් බැලුවොත් අපිට කොටු කොටු පේන්න ගන්නවා, නමුත් දුර ඉදලා බැලුවොත් මේ කොටු අඩුවෙන් පේන්නේ, ඒ වගේම තමයි images එකක, resolutions (resolutions කියන්නේ image එකක තියෙන pixels ප්‍රමාණය)වැඩි වුනාම මේ කොටු කොටු ගතිය අඩුවෙන් පේන්නේ, MSSA method එකෙන් කරන්නේ GPU එකට command කරනවා output image (rendering කරන images) ටිකක් ලොකුවට render කරන්න,ඊට පස්සේ game එකෙන් ඒක resize කරනවා monitor එකට ගැලපෙන්න එතකොට අපිට පේන්නේ ලොකු image එකක් පොඩි පරාසයකදි එතකොට කොටු කොටු පේන්නේ නෑ objects වටේ.
Vsync කියන්නෙත්, අපේ monitor එක තියෙනවා නේ? ඒක refresh වෙනවා 60Hz කින්, ඒ කිව්වේ monitor එකෙන් රූප රාමූ 60 යනවා එකපාර, GPU එකෙනුත් render කරපු images 60 දෙනවා monitor එකට එතකොට මේ අගයේ වෙනසක් වුනාම කැඩි කැඩි යනවා වගේ පේන්න ගන්නවා. මේක වළක්වන්න monitor එකේ Hz එකයි, game එකේ FPS එකයි සමාන කරනවා, Vsync කරනවා කියන්නේ ඒකටයි. Vsync කරාම FPS එක lock වෙනව 60 ට.
මේ දෙකෙන්ම performance එක අඩු කරනවා මචන්, Vsync එකෙන් performance එක අඩුකරන එක වළක්වන්න nvidia control panel එකෙන් එක්කෝ dynamic Vsync on කරන්න (ඒ කිව්වේ frame rate එක 60ට උඩින් යන කොට විතරක් Vsync apply වෙනවා හැම තිස්සේම vsync apply වෙන්නේ නෑ)
හෝ නැත්නම් triple buffering on කරන්න.