Wallpapers දානකොට මේ ගැනත් හිතන්න
මේ පෝස්ට් එක බලන ඔබ හැමෝම දන්නවනෙ wallpaper එකක් කියන්නෙ මොකක්ද කියලා. ඔයාලගෙ පරිගණකයෙ තියෙන background එක. අපි කවුරුත් කැමති ඕකට හොඳ ලස්සන පින්තූරයක් දාලා තියා ගන්නෙනෙ. ඕනෙ තරම් පින්තූර නෙට් එකෙන් හොයා ගන්න පුලුවන් කියලා මං කියන්ඩ ඕනෙ නෑ.
ඒ ගැන නෙවෙයි කියන්ට ඕනෙ උනේ. ඔය පින්තූර පාවිච්චි කරන කොට මට තේරුම් ගිය කරුණු දෙක තුනක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන, ඒකයි.
වෝල්පේපර් එකක් තෝර ගන්නකොට ලස්සන විතරක් සලකල හරි යන්නෙ නෑ. පාට, ආලෝකය වගේ දේවල් ගැනත් හිතුවොත් අපේ ඇස් වලට වගේම මනසටත් යම් සහනයක් ලබාගන්න පුලුවන්.
ගොඩාක් දීප්තිමත් එළි සහිත wallpapers දාගත්තම ඇහැට අමාරුයි. බලන්න පහළ රූපය.
අනිත් කරුණ තමා පින්තූරෙ ත්‍රිමාන ව බැලුවම පෙනෙන විදිය. පහළ රූපෙ බලන්න. ඔහොම එකක් desktop එකට දාගත්තම පේන්නෙ අත්ත තිරය ළඟම තියෙනවා වගෙයි. ඒ කියන්නෙ අපි රූපයේ ගැඹුර (z) ගැන හිතනව නම් මේ රූපයේ ගැඹුරක් නැති තරම්. වෙන විදියකට කියනව නම් අපි පරිගණකය පාවිච්චි කරනකොට මේ පින්තූරෙ focus වෙලා තියෙන්නෙ ඇසට බොහොම ලඟින්.
දැන් බලන්න මේ රූපය:
බැලූ බැල්මට මේ පින්තූරෙ ගැඹුරක් තියෙනවා. ඒ කියන්නෙ ත්‍රිමාන ගතියක්. ඔයා ගොඩක් ඈත තියෙන දෙයක් දිහා බලන ගතියක් තේරෙනවා නේද ? කලින් රූපයත් එක්ක සංසන්දනය කරලා බලන්න. වෙනසක් තේරෙයි.
ඇත්තටම එහෙම තිරයෙන් පිටිපස්සට නාභිගත වෙනවා වගේ පේන wallpaper එකක් දාගත්තම ඇස්වලට දැනෙන වෙහෙස අඩු වෙනවා. විද්‍යාත්මකව බැලුවත් ඒක එහෙමනෙ, ඈත බලනකොට තමා ඇස්වලට සනීපයක් දැනෙන්නෙ (ඈත තියෙන පොඩී දේවල් බලනකොට නෙවි, නිකන් ඈත බලන් ඉන්නකොට).
ඔයාලා මේ වෙනකල් මේ ගැන හිතලා තිබුනෙ නැත්නම් දැන්වත් වෙනස වටහා ගන්න. wallpaper එකක් තෝර ගන්නකොට හැකිතාක් ද්විමාන (2D) රූප නැතුව ත්‍රිමාන (3D) රූප යොදාගන්න.
පෝස්ට් එක ගැන අදහසක් කියල යන්නත් අමතක කරන්න එපා 
meya kapzblock blog pituwen uputagath lipiyaki